UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දූත සේවය ඇරඹුණු වගයි

 

අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව එළඹුණු මුල් වස් තුන් මාසය ගත වූ විට ලොව මුල්වරට මහ රහතන් වහන්සේලා සැට නමක් පහළ වූහ. ඒ අනුව එම මහරහතන් වහන්සේලා සැට නම ලොව මුල් වරට ධර්ම ප්‍රචාරක කටයුතුවලට පිටත්ව යාම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයින් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් වූ සාරි බැමිණිය සම්‍යග් දෘෂ්ටික වී මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම, සාරිපුත්ත මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ දී පිරිනිවන් පෑම, මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම වැනි වැදගත් ශාසනික සිදුවීම් රාශියක් ඉල් මස පුර පසළොස්වක පොහෝ දා සිදු වී ඇති අතර පසු වස් පවාරණය කළ යුතු දිනය මෙන් ම, කඨින චිවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය යෙදෙනුයේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දා ය. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේලා ද සමඟ පළමු වරට වස් සමාදන් වූ සේක. එම වස් කාලයේ දී ම උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍ර දේශනාව පවත්වා එම පස්වග මහණුන් වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා දුන් සේක. තව ද මෙම වස්කාලයේදීම උන්වහන්සේ යස කුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකුට රහත් මගපල ලැබීමට මග පෙන්වූ සේක. එම වස් කාලය අවසන් වූ පසු උන්වහන්සේලා ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දෙව් , මිනිසුන්ගේ යහපතත්, සැපයත් පිණිස චාරිකාවේ හැසිරෙන්න” යැයි වදාළ සේක. එසේ ම ‘එකම මග දෙදෙනෙකු නොවඩින්නැ’යි වදාළ උන්වහන්සේ ඉන් අනතුරු ව උදාවු ඉල් පුර පසළොස්වක පොහෝදා එම රහතන් වහන්සේලා පිරිස ධර්ම ප්‍රචාරය පිණිස පිටත්කර යවා තමන් වහන්සේ තනිව ම උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක.

ඉතිරිය»

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]