UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ගාල්ල හපුගල පදිංචිව සිටි රත්නා ගුරුසිංහ නමැත්තිය විසිවන වියේ සිට ඇස් පෙනීම දුර්වල වූ අතර වම් ඇස තෙවරක් ශල්‍ය කර්මයකට භාජනය කළද එය සුවපත් නොවූ බවත් ඇයගේ කටයුතු කර ගැනීමට දකුණු ඇසේ පෙනීම තරමක් පැවැති අතර එය ද දැන් අඩු වී ගොස් ඇති බවත් කියයි . අසරණ තත්වයෙන් පසුවන ඇයගේ ඇස සුවපත් කර ගැනීමට මහජන බැංකුව 0412001-8-1019856 ගිණුමට ආධාර කළ හැකි බව දන්වා සිටී. දුරකතනය 0768801411 වේ.

****

පානදුර වෑකඩ පහන්ගම අංක 250/ ඒ 1 හි පදිංචි එන්.චමින්ද කුමාර (31) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “බී පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් 071 346 27 77 හෝ 071 768 97 31 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. මුදල් ආධාර කළ හැකිනම් මහජන බැංකුව ලේක්හවුස් ශාඛාව – ගිණුම් අංක 204-2-005-1-0002529 මුදල් බැරකළ හැකි බවද කියයි.

****

විදේශ රටක ඉහළ අධ්‍යාපනයක් ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු “බී පොසිටිව්” හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. එම වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති පින්වතුන් ඉදිරිපත් වන්නේනම් පහත සඳහන් දුරකථන අංකයකට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. දැනටමත් එච්.එල්.ඒ. වාර්තා ඇති අයද කතා කරන්නේ නම් මැනවි. දුරකථන අංක – 077 376 33 00, 077 666 53 65, 076 435 50 59 වේ.

****

රාගම, හොරපෙ 53/බී, පන්සල් පාර පදිංචි 37 හැවිරිදි කේ.පී.එස්.ඩී. නිල්මිණි මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි.

ඇය අවුරුදු එකොළහක දියණියකගේ මවකි “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යවී ඇති බව කියයි. ඇයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති.

වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු සිටී නම් ඒ පිළිබඳ පහත සඳහන් දුරකථන අංකවලට (ස්වාමිපුරුෂයා - අජිත් පි‍්‍රයන්ත) 077 624 57 42, 071 371 44 07, 071 323 30 47 සුදර්ශනාරාම, හොරපේ, ගොඩගම අනුරාධ හිමි 011 295 72 30 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

****

කිරිබත්ගොඩ, මාකොළ උතුර මාකොළ අංක 623 / 4 ලිපිනයේ පදිංචි නුවන් සාගර ප්‍රදීප් වයස අවුරුදු 29 ක එක් දරු පියකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව කියයි. ඔහුට පිහිටවීමට කැමති අයෙක් වෙතොත් පහත දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ. 077 409 26 98, 076 382 34 34

****

මීගමුව පාර, දාගොන්න 425/ ඩී හි පදිංචි කේ. කේ. නියුටන් නමැති අයගේ වකුගඩු අක්‍රීය තත්ත්වයට පත් වී ඇති බැවින් ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් දුරකථන අංක 072 554 94 70, 072 301 23 55 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

අංක 106 පී.එස්. පෙරේරා මාවත මාම්පේ පිළියන්දල පදිංචි අවුරුදු 27 ක් වයසැති තරුණ පුතුට ( හෂාන් මධුරංග) ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි.

දුරකතන අංක 0711571045,0713626197 වෙතින් විස්තර දැනගත හැකි බව කියයි.

****

පුවත්පත් කලාවේදියෙකු මෙන්ම නවකතාකරුවකු වන චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා වකුගඩු දෙකම අක්‍රීයවීමෙන් දැඩි ලෙස රෝගාතුරව සිටින බව කියයි. ඔහුගේ ජීවිතය පවත්වාගෙන යාමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිගමනය බවද කියයි. “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකුට මේ සඳහා දායක වන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකථනය 071 – 8106637, 011 2958685 වේ.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]