UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00-06.30 කඨින පූජා පින්කම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

06.30-07.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි. 08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00- 10.00 පෙරවරු ධර්ම දේශනාව මාදම්පාගම අස්සජි හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය 02.00-03.00 වෛද්‍ය විද්‍යා දේශනය, 03.00-04.00 පස්වරු ධර්මදේශනාව ධම්මගයාවේ අරියවංශ හිමි, 04.00-05.00 කඨිනානිසංශ දේශනාව 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව මාතර සීවලී හිමි.

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඉල් පෝදා පිනක්ම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල්,පහන් , ගිලන්පස, කිරිආහාර පූජාවද , ෂඩ්වර්ණ සාටකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩම කර කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කණ්චුක පුජාවද පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ පැවැත්වේ.

කිරිවෙහෙර චෛත්‍ය ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පෝදා බත් දන්සල පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සල ද එම ස්ථානයේ පැවැත්වේ.

සවස මහාසේන සිල්සමිතියේ මල් පෙරහර කිරි වෙහෙර චෛත්‍යයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල්පහන් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

සවස ධර්මදේශනාව අටවිසි බෝමළුවේදී පැවැත්වෙන අතර පහන් 5000 දහසක ආලෝක පූජාවක්ද පැවැත්වේ.

කතරගම බෞද්ධ සංගමය මහාසේන සිල් සමිතිය විහාරස්ථ දායක සභාව විසින් එම පින්කම් සංවිධානය කර ඇත.

කතරගම විශේෂ වාර්තාකරු

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ඉල් පුර පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහාවිහාරයේ සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කිරින්දේ ඤාණදර්ශන හිමියන් විසින් සංවිධානය කරනු ලැබේ. පෝදා පෙරවරු 06.00 සීල සමාදානය, 06.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව මල්වානේ චන්දරතන හිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 09.15 ගිහිදේශනය,සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා ,10.30 බුද්ධ පූජාව , දහවල් 12.00 ජාතක කතා දේශනාව භාණක – රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි.

පස්වරු 01.00 ධර්ම දේශනාව වෑවල ධම්මාලෝක හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 02.45 දම්සභා මණ්ඩපය

සහභාගිත්වය මල්වානේ චන්දරතන හිමි, ශාස්ත්‍රපති ඊ.එම්.ධර්මවර්ධන මහතා, සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 04.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි,05.00 බෝධිපූජාව –මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය ,කෙහෙල්වල රේවත හිමි 05.55 සිල් පවාරණය

කළුතර බෝධිය

කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ.

පෝදා පෙරවරු 06.00-06.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාකර හිමි 6.15-7.15 බුද්ධ වන්දනාව වැලිකල පඤ්ඤාකර හිමි, 8.00-9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඥානදීප හිමි, 9.00-10.00 ධර්ම සාකච්ඡාව ගලිගමුවේ ඥානදීප හිමි,තපෝවනයේ සුමේධ හිමි, 10.00-11.00 ධර්ම දේශනාව මගුරේ සුමේධ හිමි. 11.00-11.30 දවල් බුද්ධ පූජාව මගුරේ සුමේධ හිමි,

පස්වරු 1.00-3.00 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 4.00-5.00 ධර්ම දේශනාව කළුතර වනරතන හිමි. 5.30-6.40 ආශිර්වාද බෝධි පූජාව මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි, 6.45-7.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ පැවැත්වූ බෝධිපූජාව (පටිගත කළ එකකි)

7.15-8.00 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.15-10.30 චතුරාර්ය සත්‍යය දේශනය සහ ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.

බම්බලපිටියේ සිරි - වජිරාරාමය

පෝදා පෙරවරු 06.00-07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පුජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00-09.30 ධර්මානුශාසනාව – කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කරපුටුගල රේවත හිමි, 09.30-11.00 භාවනාව සහ අනුශාසනාව බුද්ධ පූජාව – සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි,

පස්වරු 12.15-01 සෙත්පිරිත් – සිරි වජිරාරාමාධිකාරි හා සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 01.15-02.30 ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00-06.00 භාවනාව සහ අනුශාසනාව අලන්කාරේ ධම්මසමුද්ධ හිමි, 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමින් වහන්සේලා

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඉල් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, අනුරාධපුරයේ සුමනවංශ යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ ඉල් පුර පසළොස්වක පොහෝදා, ශීල,භාවනා ,ධර්මදේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00-6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00-9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ධර්ම දේශනය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආචාර්ය බූලනවැවේ වජිරබුද්ධි හිමි. 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි.

පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 ධර්ම දේශනය සෙවනගල අජිත හිමි. 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 4.30-5.30 ධර්ම දේශනය 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද හිමි. 6.45-7.45 හවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00-9.00 ධර්ම දේශනයක් (පටිගත කරන ලද)

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 08.00-09.00 භාවනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව –අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 ධර්ම දේශනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වෙන්නවත්තේ රතනජෝති හිමි, 11.00-11.15 බුද්ධ පූජාව ඇරැව්වල සමිත හිමි, අයගම විමල හිමි,

පස්වරු 12.30-12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව –ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි. 2-3 ධර්ම දේශනාව, 3.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමි. 4-5 දහම් දෙසුම බම්බලපිටියේ වජිරාරාමවාසී මීගොඩ සමිත හිමි, 5-6 ධම්මපදය පානදුර පසන්න හිමි. 6 -6.30 බෝධිපූජාව හක්මන සුමනසිරි හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 8.15-10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 10.00-11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 11.00-11.30 තෙරුවන් වන්දනාව .

පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00-2.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි 2.00-3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති විතාරන්දෙනියේ මේධානන්ද හිමි, 4.00-5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නා හිමි 5.00-6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව ,

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් මෙදින උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00-.700 සිල් සමාදන් කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව, උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 8.00-9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව මකුලෑවේ සුදස්සන හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි,

පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ,12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ – පැනසිහගම ඛේම හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 ගිහි දේශනය –කේ.එම්.අයි .ස්වර්ණසිංහ මහතා 3.00-4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 4.15-5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව ලග්ගල අසම හිමි .

බොරැල්ලේ ගෝතමී පුරාණ විහාරස්ථානය

බොරැල්ලේ ගෝතමී පුරාණ මහා විහාරස්ථානයේ ඉල් පුර පොහෝදා සීල සමාදානය. තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

පෝදා පෙරවරු 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව මෙහෙයවීම පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව

පස්වරු 12.30 සිරිපොදවැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මිය 1.30 ධර්ම දේශනාව දෙනියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෑරංගල ධම්ම විසුද්ධි හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය

තලවතුගොඩ – සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේදී ඉල් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූ මහ ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00- 9.00 දහම් දෙසුම පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි 9.30-10.30 දහම් දෙසුම ශාස්ත්‍රපති මඩිහේ සුගතසිරි හිමි 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.00 -12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විනීත හිමි, 3.00-5.00 භාවනා වැඩසටහන පල්ලේගම ධම්මජෝති හිමි, සවස 6.00 අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලැබේ. සුපුරුදු පරිදි මෙම ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙහිදී සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන’ කීර්ති ශ්‍රී ‘රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝදින වැඩසටහන සිදුකෙරේ.

පෙරවරු 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි. 8.00-9.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.15-10.00 ජාතක කථා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00-10.45 භාවනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව

පෙරවරු 12.30-2.00 ගිහිදේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00-3.00 ධර්ම දේශනය දම්පහළ ඤාණරතන නාහිමි, 3.30-4.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 4.00-5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනා ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 සිල් පවාරණය සිදුකිරීම 6.30-7.30 අටවිසි ගිලන්පස සම්බුද්ධ පූජාව, බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි.

බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය – බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

මොරටුව ඉඳිබැද්ද ශ්‍රී සුධර්මරත්නාරාම මහා විහාරය

මොරටුව ඉඳිබැද්ද ශ්‍රී සුධර්මරත්නාරාම විහාරාධිපති ගම්පොල සුගුණධජ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉල් පොහෝ දින දවස පුරා ආගමික වැඩසටහන් පැවැත්වේ.

පෝදා පෙරවරු – 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් කරවීම සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව ගම්පොළ සුගුණධජ නාහිමි 8.30-9.00 භාවනාව රන්මලේ චන්ද්‍රසිරි හිමි 9.00-10.00 දහම් දෙසුම 10.30-11.30 බුද්ධ පූජාව ගම්පොළ සුගුණධජ නාහිමි, 01.00-02.00 දේශනය භද්‍රා නිලන්ති උපාසිකා මාතාව 02.00-03.00 දහම් දෙසුම 03.00-04.00 ධර්ම සාකච්ඡාව 04.00-05.00 සමූහ මහ පිරිත් දේශනය 06.00-0700 අටවිසි ගිලන්පස බෝධි පූජාව අත්තිඩියේ සුගුණසිරි හිමි

දහවල් 3.15 බුදුසරණ පුවත්පත ධර්මදානයක් ලෙස බෙදාදීම සිදුකෙරේ. දායකත්වය – අජිත් විජේරත්න මහතා ඇතුලු මොරටුවේ සැදැහැවත් මහත්ම මහත්මීහු පිරිස

 

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සමිතියේ දී ඉල් පෝදා දවස පුරා පින්කම් සිදු කෙරේ.

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 09.15 ධර්මදේශනය විලච්චියේ සුමනානන්ද හිමි, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 01.15 ධර්මදේශනය, 2.15 ධර්මදේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.

අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ ඉල් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ.

එම වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් ද පැවැත්වේ. වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.

කඩවත සමාධි මැදුර පෝදා පින්කම්

පෝදා 6.00-7.00 අටසිල් හා වන්දනා 8.00-11.00 භාවනා වැඩසටහන මෙහෙයවීම පයාගල නන්ද හිමි, 11.00-12.00 බුද්ධ පූජාව 12.30-1.00 දායක සභා රැස්වීම 1.15-2.15 දම් දෙසුම නිකපොත සුමිත්ත හිමි, 2.30-4.30 ධර්ම සාකච්ඡාව පයාගල නන්ද හිමි, 4.30-5.00 ධම්මපදය ශාන්තිදේව හිමි, 5.00-5.30 බුද්ධ වන්දනා බෝධි වන්දනා, සෙත්පිරිත් පුණ්‍යානුමෝදනාව .

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]