|
ධර්ම දේශනාව:
මසුරු මළ දුරලමු
න වෙ කදරියා දෙව ලොකං වජන්ති
බාලා හවේ නප්පසං සන්ති දානං
ධීරෝ ච දානං අනුමොදමානො
තේනේව සො හොති සුඛී පරත්ථ
දැඩි මසුරු පුද්ගලයෝ දිව්‍ය ලෝකයට නොයන්නෝම ය. ඔවුහු කදරිය නමින් හැඳින්වෙති. බාලයෝ
ඒකාන්තයෙන්ම දන්දීම ප්‍රශංසා නොකරන්නෝම ය. නුවණැත්තෝ දන්දෙති. අනුමෝදන් වීම ද සිදු
කරති. ඒ නිසා ම පරලොව සැප සම්පත් වින්දනය කරති.
මේ, දන්දීමේ වැදගත්කම පෙන්වා දෙන දේශනයකි. එමෙන් ම මසුරු පුද්ගලයන් කිසිවක් රැස් කර
නොගන්නා බව ද පෙන්වා දෙමින් කළ දේශනයකි. මේ ලොවෙහි බොහෝ මසුරු මළ සහිත පිරිස් වෙති.
අඳබාලයෝ ද බොහෝ වෙති. සුබ ක්‍රියාවක් කරන කල්හි එය නවතාලීමට ඔවුහු හැමවිට විවිධ
ක්‍රියාමාර්ග ගනිති. කරන වැඩයෙහි දොස් දකිති. යමක් කරන්නේ ද එය අතරමඟ නවතාලීමට
අවශ්‍ය පිඹුරුපත් සකසති. එම ක්‍රියාව කරන්නන්ගේ සිත් බිඳීමට ක්‍රියා කරති. මෙවැන්නෝ
සමාජයට පිළිලයකි. ඒ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඉතිරිය» |
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය
|
|
|
|
|
|
|