බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2017 :
ආදර්ශ ප්‍රශ්න පත්‍ර - බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය
දහම් පාසල් ගුරු උපදේශක
කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ
හිටපු ධර්මාචාර්ය
ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
අභ්‍යාස අංක – 01
1. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න.
1. ධර්මගුත්තික හා මහිංසාසක යන දෙ නිකායන්හි ආදී පුරුෂයා ලෙස සැලකෙන භික්ෂුවගේ නම
කුමක් ද?
2. එම භික්ෂුව විසින් ප්‍රථම සංගීතිය ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතුව කුමක් ද?
3. වසර 100 කට පසු දෙවන සංගීතිය පවත්වා තිබේ? එම සංගීතිය පැවැත්වීමට හේතු වූ මතවාද
ඉදිරිපත් කළ භික්ෂු පිරිස හැඳින්වෙන්නේ කවර නමකින් ද?
4. එම භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කළ මතවාදය කුමක් ද?
5. මහාදේව නම් ආචාර්යවරයාට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමි වීමට හේතු වූයේ කුමක්
ද?
6. මහාදේව ආචාර්යවරයා විසින් ඉදිරිපත් කරන ලද නව මත වාදය කුමක් ද?
7. මහායානිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන පුද්ගල සංකල්පය නම් කුමක් ද?
8. පුද්ගල සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ කිනම් භික්ෂු විසින් ද?
9. සර්වාස්ථි වාදයේ ප්‍රමුඛයන් ලෙස සලකනු ලබන භික්ෂුවගේ නම ලියන්න.
10. සර්වාස්ථිවාදය භාරතයේ පැතිර ගිය ප්‍රධාන ප්‍රදේශ දෙකක් ලියන්න.
පිළිතුරු
1. පුරාණ තෙරුන් වහන්සේ
2. බුදුරජාණන් වහන්සේ හමුවේ දී පිළිගත් ආකාරයෙන් ම ධර්මයත්, විනයත් පිළිගන්නා බව.
3. වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා
4. දස වස්තුව
5. අර්හත් නැමති සංකල්ප ඉදිරිපත් කිරීම.
6. රහත් බව හීන අධිගමයක් ලෙස දැක්වීම.
7. පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇත යන්න ය.
8. වාත්සි පුත්ත භික්ෂූවගේ ය.
9. උපගුප්ත හිමි ය.
10. කාශ්මීර හා ගන්ධාර
02 රචනා ප්‍රශ්න
2. මහායාන බුදු දහමෙහි දැක්වෙන දස භූමි නම් කොට ඒවා කෙටියෙන් හඳුන්වා දෙන්න.
බෝධි සත්වයෙකු බුද්ධත්වය ලැබීමට පෙර පත්විය යුතු භූමි හෙවත් අවස්ථා දස භූමි යනුවෙන්
හඳුන්වා ඇත. මෙහි භූමිය යන්නෙන් එක්තරා තත්ත්වයක් අදහස් කරනු ලැබේ.
දස භූමි නැමැති සූත්‍රයේ දක්වා ඇති ආකාරයට එම දස භූමියන් මෙසේ ය. ප්‍රමුදිතා,
විමලා, ප්‍රභාකරී, අර්විශ්මතී, සුදුර්ජයා, අභිමුකී, දූරංගමා, අචලා, සාදුමතී,
ධර්මේෂා යනුවෙන් ඒවා දැක්වේ.
බෝධිසත්වයෙකු මනඞප්‍රණිධියක් සමඟ තමා නියත වශයෙන් බුදු වන බවත්, සියලු සතුන් නිවන්
දැක්විය හැකි බවත් ඔහුට වැටහේ. එබැවින් හෙතෙම පී‍්‍රතියෙන් පිනා යයි.
බුද්ධ බෝධිසත්වරුන් ඇසුරු කිරීමට පෙළඹේ. සිය වගකීම් වටහා ගන්නා ඔහු පැවිදි වී
ධ්‍යාන භාවනා වඩයි. ප්‍රමුදිතා යනු මෙයයි.
දස භූමිවල විමලා යනු නිර්මලත්වයයි. මහායාන බෝසත්වරයා ග්‍රාම්‍ය වූ සියලු ඇවතුම්
පැවතුම්වලින් දුරු වී සීල පාරමිතාව පුරයි. එමෙන් ම දස කුසල් වඩයි. විමලා යනු මෙයයි.
ප්‍රභාකරී යනු බැබළීමයි. ප්‍රඥාව වර්ධනය කරමින් භාවනා කරන බෝසත්වරයා බබළන්නට පටන්
ගනී.
අර්විස්මතී යනු ඔප් නැගෙන බවයි. බෝධිපාක්ෂික ධර්මවලින් හෙතෙම දීප්තිමත් වේ. වීර්යය
පාරමිතාව ප්‍රභලව ම පුරයි.
සුදුර්ජයා යනු අත්කර ගැනීමට දුෂ්කර බවයි. සිය සිත මනාව පාලනය කර ගන්නා බෝධි සත්වයන්
පරයා සියලු බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගනී.
අභිමුඛී යනු මුහුණට මුහුණලා සිටින යන්නයි. ප්‍රඥාව දියුණු තියුණු කරගෙන ප්‍රඥා
පාරමිතාව වඩමින් ලොව පිළිබඳව යථා භූත ඥාන දර්ශනය උපදවාගනී. දූරන්ගමා යනු ඈත ගමන්
කරන යන අදහස ගෙන දේ. අචලා යනු නිශ්චල බව ය. බුදු බව සඳහා අමුතු උත්සාහයක්, විශ්ව
මෛත්‍රිය පතුරවයි.
සාදුමතී යනු යහපත් අදහස් ඇති යන්නයි. අනුන්ට ධර්මය අවබෝධ කර දීමට අවශ්‍ය ශක්තිය
ලබාගනී.
ධර්මේඝා යනු අනුන්ට ධර්මය අවබෝධ කර දීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි. විවිධ
ප්‍රාතිහාර්යන්පෑමේ කුසලතාවය ද ඔහුට ඇත. මෙම දස භූමි අනුව බෝසත්වරයෙකු ආධ්‍යාත්මික
තත්ත්වයෙන් උපරිම තත්ත්වයට පත්ව සිටින අයුරු පැහැදිලි වේ. |