කියවීම දැනුමෙන් මෙන් ම
ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගනවා
කලණ මිතුරු –පොත් සුමිතුරු වැඩසටහනේ
සමාරම්භක උළෙලේ දී ජනාධිපතිතුමා කියයි
කියවීම දැනුමෙන් මෙන් ම ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පාසල්
සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා තිබෙන කලණ මිතුරු
පොත් සුමිතුරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඉකුත්දා (06) පෙරවරුවේ කොටුව ජනාධිපති
මන්දිරයේ දී එක්වෙමිනි. ජාතික කියවීමේ මාසයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා
විශේෂ ව්‍යාපෘති අංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වැඩසටහන ක්‍රියාවට නංවා
තිබෙන අතර සමබර පෞරුෂයකින් හෙබි දරුවකු බිහිකිරීම සඳහා දැනුමෙන් පෝෂණය කිරීම මෙන්ම
සාහිත්‍ය රසවින්දනයට හුරු කරවීම මෙමගින් අපේක්ෂා කෙරේ.
ඉතිරිය»
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
සාහිත්‍ය සංකථන උළෙල
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංකථන උළෙල දෙවනවරටත් 2017
සැප්තැම්බර් 14 සහ 15 දෙදින තුළ පැවැත්වේ. විශ්වවිද්‍යාලයේ ගෞරවණීය උපකුලපති
ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් සහ ආචාර්ය, ශිෂ්‍ය ද්විපාර්ශ්වයේ සහභාගීත්වයෙන්
සංවිධානය කෙරෙන මෙම සාහිත්‍ය සංකථන උත්සවයේ දී විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක
අධ්‍යයනාංශ අෂ්ටකයකින් ශිෂ්‍යයන්ගේ සංස්කාරත්වය සහිත ව නිකුත් කෙරෙන විෂයානුබද්ධ
ශාස්ත්‍රීය සඟරා අටක් ද, ශාස්ත්‍රීය ලෝකයේ සම්භාවනාවට ලක් ව ඇති විමර්ශිත
ශාස්ත්‍රීය සංග්‍රහ අටක් ද නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
විශ්වයටම මෙත් වඩමු
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිතය පුරා මෙත් වැඩීම නම් වූ උතුම්
ගුණාංගය ඉස්මතු වේ. උන්වහන්සේ මෙත් වැඩීම සිදුකළ යුතු ආකාරය පැහැදිලි කළේ ‘ මාතා
යථා නියං පුත්තං’ යනාදී වශයෙනි. එනම් මවක් යම්සේ, ආයුෂයෙන් ද, ඖරස පුත්‍රය රකී ද,
එලෙසින් හැම සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් වඩන්න ය” යනුවෙනි. බුද්ධ චරිතය තුළ,
මිනිස් - තිරිසන්, උසස් - පහත්, කුලවත් – කුලීන, පොහොසත් – දුප්පත් ආදී කිසිදු
භේදයක් නොමැති ව මෛත්‍රීය පැතිරූ ආකාරය පැහැදිලි වේ. තම පුතු රාහුල කුමරුට ද, සුනීත
සෝපාක අසරණ දරුවන්ට ද, බුදු හිමිගේ මෛත්‍රීය එකම අයුරින් ලැබුණි. එය බුද්ධ චරිතයෙහි
සුවිශේෂී ලක්ෂණයකි. එය සාමාන්‍ය ජීවිතය තුළ ද වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වේ.
පුහුදුන් සත්වයාට බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක් මහරහත් කෙනෙක් තරමට ම මෛත්‍රීය
පැතිරීම අසීරු කාර්යයකි.
ඉතිරිය»
පින්බර වස්සානය
සෙනසුන් පිළියෙළ කොට වස් ආරාධනා කළ පසු එම ආරාධනාව පිළිගන්නා භික්ෂූන් වහන්සේට
සිව්පසයෙන් උපස්ථාන කිරීමට වස් සමයේ ගිහි පින්වතුන් වඩාත් උනන්දු වෙනවා. වෙනත්
කාර්යයන්ට වඩා මුල් තැනක් ලබා දෙනවා. වෙහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වඩ වඩාත් පින්
සිදු කරගන්නා කාලයක් බවට පත්කර ගන්නවා. එහෙත් බුදුරජාණන් වහන්සේ ගිහි ජනතාව
වෙනුවෙන් මේ කාලය පෙන්වා දුන්නේ භික්ෂූන් වහන්සේට දන්පැන් පූජා කිරීමෙන් කරන ආමිෂ
පූජාවන්ට වඩා භික්ෂූන් වහන්සේ වස් වසවාගෙන උන්වහන්සේලා ඇසුරෙන් තමන් තුළ ගුණධර්ම
දියුණු කර ගැනීමට යි. ඒ අනුව ඔවුන් බණදහම් දැනුම ද දියුණු කරගනිමින් සීලමය
ප්‍රතිපදාවන් හා භාවනාවට යොමු වී ආශ්‍රවයන් හීන කරගැනුමට උනන්දු වීම වැදගත් කොට
සලකා තිබෙනවා. ඇතැම් අවස්ථාවක සිවුපසයෙන් උපස්ථාන කිරීමේ අවශ්‍යතාවෙන් ම බුදුරජාණන්
වහන්සේ වෙත ලැබුණු වස් ආරාධනා භාර නොගත් අවස්ථා ද තිබෙනවා. එපමණක් නොව බුදුරජාණන්
වහන්සේ දවස සිට එම පිරිස් ද සීලභාවනා වඩමින් අධිගමයන්ට පවා පත් වූ බව අපේ බෞද්ධ
කථාවන් හි සඳහන් වෙනවා. ඒ වගේ ම භික්ෂූන් වහන්සේ ද එක ම සෙනසුනක් කේන්ද්‍රකොට ගෙන
කල් ගත කරමින් පිඬුපිණිස හැසිරීමෙන් පවා වැළකී’ ජනපදචාරිකාවෙන් ද තොරව කල්ගත
කිරීමෙන් ලැබෙන විවේකය ප්‍රයෝජනයට ගනිමින් මෙම වස්කාලය තුළ සතියෙන් හෙවත් සිහියෙන්
යුක්තව, ආශ්‍රව ධර්මයන් ක්ෂය කරමින් මාර්ගඵලයන්ට පත් ආකාරය ද අපේ ධර්ම සාහිත්‍යයෙහි
විස්තර වශයෙන් සඳහන් වෙනවා.
ඉතිරිය» |