උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමි
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ උඩස්ගිරිය පල්ලේසියපත්තුවේ අඹන්පොල ග්‍රාමයේ
1947 අපේ‍්‍රල් මස 09 වන දින යාපා බණ්ඩාර මුදියන්සේලාගේ ගෙදර හීං අම්මා මෑණියන්ටත්,
රත්නායක මුදියන්සේලාගේ ගෙදර මුතුබණ්ඩා රත්නායක පියාණන්ටත් දාව මෙලොව එළිය දටු
රත්නායක මුදියන්ස්ලාගේ ගෙදර ආනන්ද විජේසිරි රත්නායක කුල දරුවා සහෝදර සහෝදරියන්
පස්දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැනි දරුවා විය.
මෙම දරුවා උඩුපිහිල්ලේ සරණංකර විදුහලට ඇතුළත් කරවා පස්වන වසර දක්වා ප්‍රාථමික
අධ්‍යාපනය ලබාදෙන ලදී.
දෙමාපියන් සහජයෙන්ම ආගමට දහමට ලැදි පින්වත් දෙපලකි. පියාණන් වු රත්නායක මහතා
හේනේපොල වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ දායක සභාවේ මුදල් අයකැමි (භාණ්ඩාගාරික) ලෙස
කටයුතු කළේ ය. එතුමා මවුපසින් ඤාති සම්බන්ධයක් ද තිබුණු, නැගෙනහිර මාතලේ ප්‍රධාන
සංඝනායක, වෙහෙරගොඩ, වැලිකොටුව සහ ගනේගොඩ යන විහාරත්‍රයෙහි අධිපති මහලකොටුවේ
පියදස්සි නාහිමියන් සහ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය, පසුව මාතලේ මහ දිසාවේ සංඝනායක
පදවියෙන් ද පිදුම් ලැබූ මහලකොටුවේ රතනසාර පණ්ඩිත හාමුදුරුවන් සමඟ සමීප ඇසුරක්
පැවැත්වීමේ ප්‍රතිඵලය වූයේ දරුවාට සසුන්ගතවීමේ වාසනාව උදාවීමයි.
ආනන්ද විජේසිරි රත්නායක කුල දරුවා මහලකොටුවේ රතනසාර පණ්ඩිත හාමුදුරුවන්ගේ
ආචාර්යත්වයෙන් ආශිර්වාද මැද 1957 ජුනි 10 වන දින හේනේපොල වෙහෙරගොඩ පුරාණ
විහාරස්ථානයේ දී ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූයේ “උඩුපිහිල්ලේ විමලබුද්ධි” යන
නමිනි.
රතනසාර පණ්ඩිත හාමුදුරුවෝ පරිවේණාධිපතින් වහන්සේ ලෙස දිගුකලක් සේවය කොට තමන් වහන්සේ
උපන් ප්‍රදේශයටත්, පැවිදි වූ පුදබිමටත් ධර්මශ්‍රාස්ත්‍රීය සේවයක් කිරීමේ අභිලාෂයෙන්
1958 ඔක්තෝබර් මස 03 වන දින වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ “ශ්‍රී විද්‍යාරත්න” නමින්
පිරිවෙනක් ආරම්භ කළේ විමලබුද්ධි පොඩි හාමුදුරුවන්ට අත්පොත් තබමිනි.
එබැවින් තත් පරිවේණස්ථානයේ ආරම්භක ශිෂ්‍යයා වීමේ භාග්‍යය ද හිමිවූයේ උඩුපිහිල්ලේ
විමලබුද්ධි හාමුදුරුවන්ට ය.
විමලබුද්ධි පොඩි හාමුදුරුවෝ උපතින් විසි වයස් සපිරෙද්දී 1967 මැයි 31 වන දින
ඓතිහාසික මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයෙහි දී උපසම්පදා භූමියට ඇතුළත් වූයේ ඒ
වන විට ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අනුනායක ධුරය දැරූ මල්වතු මහා විහාරාධිවාසී
විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මාහිමිපාණන් වහන්ස්ගේ
උපාධ්‍යායත්වයෙනි. විමලබුද්ධි හාමුදුරුවෝ පිරිවෙන් අවසාන, ප්‍රාචීන ප්‍රාරම්භ
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සමත්ව උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා සිටියත් පන්සලෙත්,
පිරිවෙනෙත් කුදු මහත් සියලු කටයතු නිසා එය සිහිනයකට සීමා විය. එහෙත් පුරාකෘත පුණ්‍ය
මහිමයක් තිබූ උන්වහන්සේ තම උත්සාහය අත්හැරියේ නැත.
විමලබුද්ධි ස්වාමින් වහන්සේ තැපැල් මාර්ගික අධ්‍යාපන ආයතනයකින් පාඨමාලා ගෙන්වාගෙන
උසස් පෙළ විභාගය සඳහා ස්වයං අධ්‍යයනය ආරම්භ කළහ. සිංහල, පාලි, ඉතිහාසය, බෞද්ධ
සංස්කෘතිය යන විෂයයන් තැපැල් මාර්ගික පාඨමාලා මගින් හදාරා 1970 දී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයෙන් (විද්‍යෝදය මණ්ඩපය) අධ්‍යාපනවේදී ගෞරව උපාධියත් ශ්‍රී ලංකා බෞද්ධ
හා පාලි විශ්වවිද්‍යාලයෙන් 1992 ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ. තව ද භාෂා ඥානය
වර්ධනය කරගැනීම උදෙසා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වෘත්තීය ඉංගී‍්‍රසි
පාඨමාලාව, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි පාඨමාලාව ද හැදෑරුවේ හුදෙක් කාලීන
අවශ්‍යතාවයක් සපුරා ගැනීමේ අදහසිනි.
විමලබුද්ධි ස්වාමින් වහන්සේට 1975 ප්‍රථම ගුරු පත්වීම ලැබුණේ පොළොන්නරුව
දිස්ත්‍රික්කයේ දියබෙදුම, ඉරහඳ කොටුවැව මහා විද්‍යාලයටයි. එහි වසර තුනක් දුෂ්කර
සේවයේ යෙදී පසුව මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ මහා විද්‍යාලයේ වසර 11 ක්
(1978-1989) සේවය කළහ. ඉන්පසුව කොළඹ නාලන්දා විද්‍යාලයේ වසර 12 ක් පමණ (1989-2002)
සේවය කොට වසර 27 ක ගුරු සේවාවෙන් විශ්‍රාම ලැබුවේ 2002 වර්ෂයේ නාලන්දා
විද්‍යාලයෙනි. ගුරු වෘත්තියේ යෙදෙන ගමන්ම සිසු දු දරුවන්ගේ දැනුම, කුසලතා ආකල්ප
වර්ධනය කරමින් සුවිශාල ආගමික සේවා රැසක් ද සිදු කළහ.
නාලන්දා විද්‍යාලයීය විදුහල්පතිවරුන් වූ ධර්ම ගුණසිංහ, ජී.ඩී. සුමනසේකර, එඩ්වඩ්
රණසිංහ, හේමන්ත පේ‍්‍රමතිලක යන විදුහල්පතිතුමන්ලාගේ පාලන සමය තුළ නාලන්දා
විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස දරුවන්ගේ චරිත සංවර්ධනය සඳහා
විමලබුද්ධි ස්වාමින් වහන්සේ සිදුකළ විවිධ සාමාජික සහ ආගමික සේවා ප්‍රශංසනීයයි. මෙම
සේවාවන් සිදුකරගැනීම සඳහා සමකාලීන සහෝදර ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා වූ පූනාහැල
සද්ධානන්ද නා හිමි, මඩිතියවල සරණපාල හිමි ,ගම්මැද්දේගොඩ අමරසිරි හිමි, වතවන
සිරිසුමන හිමි, බෝපේ ඉන්දජෝති හිමි, හඟුරන්කෙත චන්දරතන හිමි සහ ඇලිකේවෙල සීලානන්ද
හිමි යන ස්වාමින් වහන්සේලාගෙන් තමන් වහන්සේට ලැබුණ නොමද සහයෝගය උන්වහ්සේ සිහිපත්
කරනුයේ කෘතවේදිත්වයෙනි.
මාතලේ කොටුවේගෙදර සුධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය, උඩුපිහිල්ලේ විමලබුද්ධි
හිමියන්ගේ පැවිදි සහෝදර මහලකොටුවේ විමලධම්ම නා හිමියන් වහන්සේ ආරම්භ කළ පුදබිමයි.
එය සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වූයේ උඩුපිහිල්ලේ විමලබුද්ධි
හාමුදුරුවන්ගේ නොමසුරු දායකත්වයෙන් බවනොරහසකි. විහාරස්ථ විද්‍යාරත්න පිරවෙනේ ඉගෙනුම
ලබන කුඩා ස්වාමින් වහන්සේලා සඳහා ප්‍රථමයෙන් ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකළ උන්වහන්සේ
තමන් වහන්සේගේ ගුරුදේවෝත්තම මහලකොටුවේ රතනසාරාභිධාන නාහිමිපාණන් වහන්සේගේ
ගුණානුස්මරණය කරමින් මහලකොටුවේ රතනසාර ගුණානුස්මරණ මන්දිරය නමින් සංඝාවාසයකින් සහ
පුස්තකාලයකින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් ද නිම කිරීමට දායකත්වය ලබා දුන්හ. එමෙන්
ම 2016 වසරේ විවෘත කළ තෙමහල් පිරිවෙන් ශාලාව සහිත ධර්ම මන්දිරය සඳහා ලක්ෂ 50 ක
මුදලක් පරිත්‍යාග කළ බව සමරු ඵලකයේ සඳහන් වේ.
උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමින් වහන්සේ තරුණ වියේ සිටම ධර්ම දේශනා කිරීමට දක්ෂ
හිමි නමකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධම්මචින්තා, ධර්ම සාකච්ඡා , ධර්ම
දේශනා අවුරුදු ගණනාවක් ම පවත්වමින්, දේශීය ධර්මදූතයකු ලෙස සිදුකළ දහම් මෙහෙවර
විශිෂ්ට වේ.
විමලබුද්ධි හිමියන් ලේඛන කලාවට උනන්දුවක් දැක්වූයේ සාමණේර අවධියේ සිටය. උන්වහන්සේ
ලේඛන කලාවට පිවිසුණේ ප්‍රථම වතාවට මිහිර ළමා පුවත්පතට “බොරු නොකියන අයට මල්මාලා” යන
මැයෙන් ලිපියක් සපයමිනි. උන්වහන්සේ බුදුසරණ, දිනමිණ, ආදි පුවත්පත්වලට ශාස්ත්‍රීය
ලිපි ලියා නමක් දිනාගත් යතිවරයාණන් වහන්සේ නමකි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ආගමික
අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තිස්සමහාරාමයේ පුණ්ණ ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් 9,10,11
වසර සඳහා බුද්ධ ධර්මය විෂයයට පාඨමාලා සකස් කිරීමේ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු
කළ විමලබුද්ධි හිමිපාණෝ අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂය නිර්දේශයට
අදාළව වාර්ෂික ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ද සකස් කළේ ර්චඵබඥප ට්භඪඤඥ ආයතනයේ
ආරාධනාවෙනි.
කොළඹ බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල
අමරකිත්ති හිමිපාණන්ගේ කලණ මිතුරකු වූ විමලබුද්ධි හිමියන් අමරකිත්ති හිමියන්ගේ
ශාසනික, ශාස්ත්‍රීය සේවාවන්ට පසුබිමෙහි සිට දැක්වූ නොමඳ සහයෝගය මෙහි දී සඳහන් කළ
යුතුය.
උසස් පෙළ “බෞද්ධ සංස්කෘතිය “විෂය හදාරන දරුවන් සඳහා සතිපතා ගුවන් විදුලියේ ස්වදේශීය
සේවයෙන් උපකාරක දේශන මාලාවක් ද පැවැත්වූහ. උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමින් වහන්සේ
කැනඩාවට වැඩම කළේ 2002 ඔක්තෝබර් මාසයේ ය. ටොරොන්ටෝ මහාවිහාර දහම් පාසලේ
ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ ලෙස 2003 සිට කටයුතු කරන උන්වහන්සේ ශ්‍රී ලංකාවට
වඩින අතරමඟ දී සතිදෙක තුනක් විදේශ රටවල සංචාරය කරන්නේ ඒ ඒ රටවල ධර්මදූත සේවාවෙ
යෙදෙන ස්වාමින් වහන්සේලාගේ සහයෝගය නොමඳව ලැබෙන නිසාවෙනි.
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ උත්තරීතර
මහානායක අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ තුළ
වූයේ දැඩි භක්ති පූර්වක ගෞරවයකි.
සමාජයේ සදාචාරාත්මක ප්‍රවර්ධනයටද, සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනයටද සංඝ සමාජයේ
උද්දීපනයටද කීර්ති, ප්‍රශංසා ලාභාපේක්ෂාවලින් තොර වූ සැබෑ සංඝ නේතෘත්වය හිමි කරගෙන
සිටින මෙබඳු මාහිමිවරුන් ගේ ආදර්ශ රූප අත්‍යන්තයෙන් ම උපකාර වේ.
‘විමලසර’ අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම සහ ප්‍රණාමෝත්සවය සැප්තැම්බර් 03
ඉරු දින සවස 2.00 ට මහා විහාර වංශික ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර
පාර්ශ්වයේ අනුනායක නියංගෙඩ විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ
සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. උපතින් 70 වන වියද පැවිද්දෙන්
60 වන වසරද, උපසම්පදාවෙන් 50 වසරද සපුරන උඩුපිහිල්ලේ විමලබුද්ධි මහා
ස්වාමින්ද්‍රයාණන් වහන්සේට උතුම් තෙරුවන් බෙලෙන් නිදුක් නිරොගි සුවත්, දිගාසිරිත්
පිණිපා පෙරටුව පතමු.
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක
තිරිකුණාමලේ
ආනන්ද මහා නා හිමි
කෝන්වැවේ සීලරතන හිමි
කුරුණෑගල මාස්පොත ශ්‍රී ගංගාරාමය, හෙට්ටිගෙදර ශ්‍රී නාගරුක්ඛාරාමය, වේරපොල පුරාණ
රාජමහා විහාරස්ථානය යන විහාරත්‍රයාධිපති, මාස්පොත ශාසනා- රක්ෂක බල මණ්ඩලයේ සභාපති
කෝන්වැවේ සීලරතන නායක හාමුදුරුවන්ගේ 89 වෙනි ජන්ම දිනය ඉකුත් 26 වෙනි දිනට යෙදී
තිබිණී. මාස්පොත ශ්‍රී ගංගාරාම ඓතිහාසික බෝධිපූජා සිද්ධස්ථානයේ නිර්මාතෘවරයාණන් වන
උන්වහන්සේ මාස්පොත බෝධීන් වහන්සේගේ ආශිර්වාදය මුළු රට වැසියාටම ලබා දෙනු ඇත. වසර
හැත්තෑවකට පෙර සිට දිනපතා බෝධි පූජා පවත්වමින් ලක්වැසියාගේ කායික, මානසික සුවය සඳහා
වෙහෙස වෙයි. වයෝවෘද්ධ, ශීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ යන ගුණවලින් පිරිපුන්
උන්වහන්සේ නොපෙනෙන දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ජනතාවට ලබා දෙන්නේ
කරුණාව, දයාව, මෛත්‍රිය යනාදී උතුම් ගුණාංගයන්ගෙන් පිරිපුන් හදවතකිනි. උන්වහන්සේ ගේ
ජන්ම දිනය නිමිත්තෙන් 25 වෙනි දින සෙත් පිරිත් දේශනයක් හා 26 වෙනි දින සාංඝික
දානයක්ද පිරිනැමිණි. මාස්පොත ලොකු හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය
ප්‍රාර්ථනා කරමු.
මාස්පොත ශ්‍රී ගංගාරාම ඓතිහාසික බෝධිපූජා විහාරස්ථානවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර රතනවංශ හිමි |