සිරි දළදා පුද පූජා
මල්වතු මහාවිහාරීය
කාරක සංඝ සභික
අනුරාධපුර
ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශනපති
වැලිවිට සෝරත හිමි
එකල රටේ ප්‍රධානියා දිනපතා ම පැමිණ පෙරහර ආරම්භ කර ඇති අතර පසුකාලීනව එම බලතල හා
වගකීම් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේලාටත්, දියවඩන
නිලමේ තුමන්ටත් පිරිනැමීමෙන් පසු සියලු පෙරහර සංවිධාන කටයුතු පූර්ණ වශයෙන්
සිදුනොවුණත් රජයේ මැදිහත් වීම මත සිදුකරගෙන එනු ලබයි. එවකට ආණ්ඩුකාරවරයා පෙරහරට
සම්බන්ධවීමේ සිරිත අනුගමනය කරමින් වර්තමානයෙහි අවසන් රන්දෝලි පෙරහරට රටේ
ප්‍රධානියා ලෙස වර්තමාන ජනාධිපතිවරයා සහභාගි වෙයි.
අවසන් දිනයේදී පෙරහර නැරඹීමෙන් අනතුරුව පසුවදා පැවැත්වෙන දහවල් පෙරහර අවසන් කර
එදිනම සවස රජගෙදරට පැමිණෙන , දියවඩන නිළමේතුමා සහ සතර දේවාල බස්නායක නිළමේවරුන්
පෙරහර අවසන් වූ බවට සංද්ශයක් මාර්ගයෙන් රටේ ප්‍රධානියාට දැන්වීමෙන් අනතුරුව එම
සංදේශය ජනාධිපතිතුමා බාරගැනීමත් සමඟ පෙරහර නිමාවට පත්වීම ප්‍රකාශයට පත්කරයි.
මේ කාල වකවානුවෙහි පැවැත්වෙන පෙරහර ආකෘතිය දෙස බලන විට එවකට පැවතුන ඉංග්‍රීසි
ආණ්ඩුකාර වකවානුවෙහි පැවතුන පෙරහරේ තිබුණ ශාසනික මෙන් ම ජාතික ලක්ෂණ වඩාත්
ඔප්නංවමින් සංස්කෘතික අංග ඇතුළත් වන ආකාරයෙන් පෙරහර සිදුකෙරෙයි.
දළදා පෙරහරේ ගමන් ගන්නා වූ සංස්කෘතිකාංග ශාසනික ප්‍රබෝධයන්ට මුල් තැන දෙමින් ශාසනික
ප්‍රතිපදාවන් ඒ ආකාරයෙන් ම අනුගමනය කරමින් පැවැත්වෙන සතර දේවාල පෙරහර ද ඒ ආකාරයෙන්
ම පවත්වයි. පොළොන්නරු දඹදෙණි යුගවල දී කාන්තාවන් පවා පෙරහරේ ගමන් කර ඇති අතර එම
තත්ත්වයට අනුකූලව වර්තමානයේ ද පත්තිනි දේවාල පෙරහර තුළින් පමණක් කාන්තා නියෝජනයක්
දක්නට ලැබෙයි. දළදා පෙරහරත් නාථ, විෂ්ණු සහ කතරගම දේවාල පෙරහරෙහි කාන්තා නියෝජනයක්
වර්තමානයෙහිද දක්නට නොලැබෙයි. මේ ආකාරයෙන් දළදා පෙරහර එදා යම් ආකාරයකට පැවැත්
වූවාද, ඊට වඩා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ
මහානායක මාහිමිපාණන් වහන්සේලාගේත් දියවඩන නිළමේ තුමාගේත් පූර්ණ අනුග්‍රහය ලැබෙන බව
සඳහන් කළ හැකියි.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත
පුද පූජාවන්
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කිරීමෙන් අනතුරුව පළමුවන විමලධර්මසූරිය
රජතුමා විසින් ඉදිකරනු ලැබූ දළදා මාලිගාවෙහි රන්කරඩු හතක් මැද වැඩ සිටින දළදා
හාමුදුරුවන් වහන්සේ උදෙසා දෛනිකව, සතියකට වරක් හා වාර්ෂික වශයෙන් පුද පූජාවන්
පැවත්වයි. වර්තමාන දළදා මාලිගාව ගොඩනැඟිලි සංකීර්ණයකින් යුක්තව පවතින ස්වභාවයක්
දක්නට ලැබෙයි. එම ගොඩනැඟිලි සංකීර්ණ මධ්‍යයේ ඇති තෙමහල් මාලිගාව තුළ දළදා
හාමුදරුවන් වහන්සේ සුරක්ෂිතව වැඩ සිටිති. දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින
මාලිගාවට නැගෙනහිර දිශාවෙන් විශාල සිව් මහල් මන්දිරයක් සී. වී.නුගවෙල දියවඩන
නිලමේතුමා විසින් 1928 – 1934 කාලවකවානුවෙහි ගොඩනඟා ඇත. දළදා හාමුදුරුවන් වහන්සේ
වැඩ සිටින මාලිගාවට උතුරු හා දකුණු දෙසින් 1956 බුද්ධ ජයන්ති උත්සවය නිමිත්තෙන්
ගොඩනඟන ලද තෙමහල් ගොඩනැඟිලි දෙකක් ද දක්නට ලැබෙයි. බස්නාහිර දිශාවෙන් හේවිසි
මණ්ඩපයත්, ඊට ඉදිරියෙන් පල්ලෙ මාලයේ කුඩා චෛත්‍යයක් සහිත ගොඩනැඟිල්ල ද දක්නට
ලැබෙයි. දකුණු පසින් පත්තිරිප්පුව නමින් හැඳින්වෙන රමණීය අටපට්ටම් මන්දිරයක් ද
ගොඩනඟා ඇත. එම ගොඩනැඟිලි සංකීර්ණය මධ්‍යයේ “දැනට වැඩ සිටින මාලිගාව“ නමින් හඳුන්වන
දෙමහල් මාලිගාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටිති. වැඩ සිටින මාලිගාවේ
නැගෙනහිරින් ප්‍රමාණයෙන් කුඩා කුටියක් මධ්‍යයේ තබන ලද ආසනයක දළදා කරඬුව තැන්පත් කර
ඇත. එම කරඬුව තුළ පිහිටි හත්වන කරඬුවෙහි දළදා වහන්සේ සුරක්ෂිතව වැඩ සිටින බව සඳහන්
කළ හැකියි. දළදා හාමුදුරුවන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් සලකන නිසා ම
උන්වහන්සේ උදෙසා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි සිදුකෙරෙන ඒ වගේ ම අනුගමනය කෙරෙන
සියලු පුද පූජාවන් හා සිරිත් විරිත් ඒ ඒ වේලාවන්වලට අනුකූල වන පරිදි සංවිධානය වී
ඇත. ඒ අනුව දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන සියලු පුද පූජා කාලය අනුව කොටස් තුනකට බෙදා
දැක්විය හැකි ය.
දෛනික පූජාව පළමු පූජාව වශයෙන් ද , සත්තායික පූජාව නම්න් හඳුන්වන සතියකට වරක්
පැවැත්වෙන පූජාව දෙවන පූජාව වශයෙන් ද, වාර්ෂිකව පැවැත්වෙන පුද පූජාවන් ද වේ.දෛනික
පූජාව දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා දිනපතා ම සිදුකෙරෙන පූජාවන්ට ඇතුළත් ය. එම
පූජාවන් දිනකට තුන් වරක් සිදුකරයි. අලුයම පුජාව , නව පෑ පූජාව හා හැන්දෑ පූජාව
වශයෙන් එම පුද පූජාවන් හඳුන්වනු ලබයි.
අලුයම පූජාව උදෑසන 5. 45 ට ආරම්භ කරයි. අලුයම්ධූර නමින් හඳුන්වන හේවිසි වාදනයෙන් එය
ආරම්භ කරයි. විනාඩි 15 ක් පමණ හේවිසි නාදය පැවැත්වෙන අතර කාලය තුළ, වැඩ සිටින
මාලිගාවෙහි තේවාව බාර කටයුතු කරන මාලිගාෙවි නායක හාමුදුරුවන් වහන්සේ ත්, දෙවන
හාමුදුරුවන් වහන්සේ ත් ඇතුලු තේවාව බාර ස්වාමීන් වහන්සේලා මනාව සිවුරු පොරවා
ගනිමින් වම් උරහිසින් පහළට වැටෙන පරිදි සඟළ සිවුරක් දරාගැනීමෙන් අනතුරුව පටියකින්
බැඳ තේවාව සඳහා සූදානම් වෙයි. දළදා තේවාවට අවශ්‍ය කරන වට්ටෝරු රාළ,ගෙපරාළ, කත්තියන
රාළ , හක්ගෙඩිරාළ හා පල්ලෙමාල රාළ යන පිරිසත් ,දොරකඩ ආරච්චි යන අයත් තම තමන්ගේ නිල
ඇදුමින් සැරසී මාලිගාෙවි නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටින කුටිය ඉදිරියට පැමිණෙයි.
එහි දී නායක ස්වාමීන් වහන්සේ ගේ අවසරය පරිදි ප්‍රධාන තේවාව බාර නායක ස්වාමීන්
වහන්සේ සතුව පවතින දළදා වහන්සේ වැඩ සිටින මාලිගාෙවි යතුරු පිටතට රැගෙන තමාගේ දකුණු
උරහිස මත තබා ඉදිරියෙන් වට්ටෝරු රාළ පැමිණෙයි. ඊට පසු පසින් දළදා මාලිගාෙවි තේවාව
බාර නායක ස්වාමීන් වහන්සේ ත් දෙවන හාමුදුරුවන් වහන්සේ හා පල්ලෙ මාලයේ හාමුදුරුවන්
වහන්සේ ඇතුලු ව වර්තමානයේ පස් නමක් ස්වාමීන් වහන්සේලා පිළිවෙලින් වැඩම කරයි. ඊට
පිටුපසින් ගෙපරාළ,වට්ටෝරුරාළ, පල්ලෙ මාල රාළ හා හක්ගෙඩි රාළ යන අය පිළිවෙළින් ගමන්
කරයි. අලුයම් කාලය අඳුරුසහගත නිසා සියලු දෙනාටම ඉදිරියෙන් අත්පන්දම්කාරයෙකු දල්වන
ලද අත්පන්දමක් රැගෙන ඉදිරියෙන් ගමන් කරයි. එය “යතුරු පයින්ඩකරනවා” නමින් හඳුන්වයි.
සියලුම පිරිස හේවිසි මණ්ඩපයට පිවිසීමත් සමඟ අලුයම්ධුර හේවිසිය අවසන් වෙයි.එහි දී
නායක හාමුදුරුවන් වහන්සේලා සහිත එම පිරිස “ඇත්දත් සහිත වාහල්කඩ” නමින් හැඳින්වෙන
මාලිගාවෙහි ඉදිරිපසට ගොස් පල්ලෙ මාලයේ යතුරු පල්ලෙ මාලයේ රාළටත්, වැඩ සිටින
මාලිගාවේ දොරවල් වට්ටෝරු රාළටත්,ලබාදෙමින් ක්‍රම ක්‍රමයෙන් දොරවල් එකිනෙකට විවෘත.
කරමින් දළදා වහන්සේ්ට වැඳ ආසනයෙහි පරමල් ඉවත් කරමින් අලුයම තේවාව ආරම්භ කරයි. ආනන්ද
හාමුදුරුවන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේට අලුයම බුද්ධෝපස්ථාන කළ ආකාරයටම
තේවාවෙහි වැඩ සිටින ස්වාමීන් වහන්සේ දෙනමගෙන් හෝ තුන් නමගෙන් එක් ස්වාමීන් වහන්සේ
නමක් පිළිවෙළින් කටයුතු කරනු ලබයි.
මුලින් ම ඇල්පැන්, උණු පැන්, දැහැටි දඬු, අටපිරිකර , විජිනිපත, පහන මිණි ගෙඩිය
අවාන(චාමර) ආදී උපකරණ පිළිවෙළින් පූජා කරමින් උපස්ථාන සිදු කරයි. තේවාව අවසන්
වීමෙන් අනතුරුව මහජනතාවට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසාදීමෙන් අනතුරුව
කෙටි වෙලාවකින් අලුයම බුද්ධ පූජාව පූජා කරයි. ඒ සඳහා වර්තමානයේ බුද්ධ පූජා
පැවැත්වෙන අතර අතිරේක බුද්ධ පූජාවක් ද පැවැත්වෙයි.
වස් කාලය තුළ වස් දානමය පින්කම් බුද්ධ පූජාව ද පවත්වනු ලබයි. ප්‍රධාන පූජාව වශයෙන්
මුලුතැන් බුද්ධ පූජාව සලකනු ලබයි. එම බුද්ධ පූජාවට හාල් සේරු 32ක බත් , ව්‍යංජන 32
ක් අවුළුපත් උදෑසන කැඳ ආදිය දිනපතා ම සූදානම් කරනු ලබයි . මේ පුද පූජාවන් සැදැහැවත්
පින්වතුන් විසින් ගෙන එන ලද බුද්ධ පූජාවන් ද බාරගනු ලබයි. එය “කිරි ආහාර පූජාව“
නමින් හඳුන්වයි.අලුයම බුද්ධ පූජාවට පැමිණීමෙන් පසු සියලු සැදැහැවතුන්ට දළදා වහන්සේ
වැඳ පුදාගැනීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව වැඩ සිටින මාලිගාවේ දොරවල් උදෑසන 7 පමණ
වන විට වසා දමයි.නමුත් දළදා මාලිගාවේ සෙසු ස්ථාන වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසෙයි.
- හේමමාලා රන්දුනු
|