පරිසරය
අයහපත් වන්නේ
ජාතිය හෝ ආගම නිසා
නොවේ
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ගහකොළ සතා සිව්පාවා අතර ජීව විද්‍යාත්මක වෙනස්කම් ඇත. විශේෂයෙන් ගස් වැල් වශයෙන්
මෙන්ම අඹ, කොස් වශයෙන් බොහෝ බෙදීම් දක්නට ලැබේ. සතුන් අතර ගත් විටද අං සහිත, ලොම්
සහිත, වලිග ඇති, නැති, පිහාටු ඇති නැති වශයෙන් වෙනස්වීම් හඳුනාගත හැකි වේ. එහෙත්
මිනිසා අතර එසේ ජීව විද්‍යාත්මක වෙනස්කම් දක්නට නොලැබේ. එසේ තිබියදී බෙදාගැනීම
අනුමත කළ නොහැකි ය.
සහජීවනය යනු එකිනෙකාට ගරු කරමින් ඔවුනොවුන්ගේ නිදහස අගය කරමින් හොඳින් ජීවත්වීමයි.
බුදු දහමේ පරම අභිලාෂය වන්නේද එයයි. බුදුරදුන් නිරන්තරව දේශනා කළේ ‘සබ්බේ සත්තා
භවන්තු සුඛිතත්තා’ යනුවෙනි. එනම් සියලු සත්වයෝ සැප කැමැත්තෝ වෙත්වා. යන චේතනාව
හෙවත් සිතිවිල්ලය. එසේම සියල්ලෝම දඬුවමට බය බවත් තමන් උපමාකරගෙන එසේ අනෙකා පීඩාවට
පත් නොකරන ලෙසයි. ඉන් කියවෙන්නේ තම අනන්‍යතාවයන් නැතිකරගෙන බෙලහීනව කටයුතු කළයුතුය
යන්න නොවේ. එසේම අනෙකා තළා පෙළා තම අභිමානය රැකගන්නා ලෙසද නොවේ.
අභිමානය රැකිය යුත්තේ
අනුන් තළා පෙළා නොවේ
බුදු දහමට අනුව පැහැදිලි වන්නේ ජාති ආගම් භේද යනු තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට
ඇතැමුන් ඇතිකරන උපක්‍රමයන් බවය. අතීත භාරතයේ තම ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා
බමුණන් සිදු කළේ එම කාර්යයි. මහා බ්‍රහ්මයා නමැති මනඞකල්පිත චරිත පවා ඔහුගේ ශරීරයේ
උඩසිට පුද්ගලයන් උස් පහත් ලෙස උපදින බවත් යටිපතුලෙන් ඉපදුන අය ඉතා පහත් බවත් ය. ඒ
මත ඔවුන් උත්සාහ කළේ තම බල පරාක්‍රමය කරදරයකින් තොරව පවත්වාගෙන යාමයි. ඇතැමුන් ජාති
ආගම් ලෙස අනවශ්‍ය බෙදීම් නිර්මාණය කරන්නේ දේශපාලන, ආර්ථික හෝ පෞද්ගලික අවශ්‍යතාවන්
ඉටුකරගැනීම සඳහා වේ.
කිසිම කෙනෙකු උපතින්
ශ්‍රේෂ්ඨ හෝ බාල නොවේ
මිනිසුන්ගේ උස් පහත්කම් තීරණය වනුයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මතය. බෞද්ධ සංස්කෘතිය හා
බැඳුණු ලාංකේය ජනයා එකිනෙකා විෂයෙහි ඉටුවිය යුතු යුතුකම් හොඳින් හැඳින කටයුතු කළහ.
අනෙකා පීඩාවට පත් කිරීම, සත්ත්ව ඝාතනය හෙළා දුටුවහ. මිනිසාට පමණක් නොව ජීව අජීව
පරිසරයටද බෙහෙවින් ආදරය කළහ. අපේ පරිසරය අපවිත්‍ර, අයහපත් තැනක් බවට පත්වනුයේ
ජාතියක හෝ ආගමික ක්‍රියාකාරකම් නිසා නොවේ. මිනිස් ක්‍රියාකාරකම් ආත්මාර්ථකාමීව
සිදුකරන නිසාවෙනි. එය බුද්ධිමත්ව තේරුම් ගත යුතු වේ.
බෞද්ධ ඉගැන්වීම් නිසා ගොඩනැගුණු ලාංකේය අනන්‍යතාව සහජීවනය පදනම් කරගන්නකි. මේ නිසාම
අතීත රජ දරුවන් කල අප රටට ලෝකයාගේම ගෞරවාදරයට පත්වීමට හැකි විය. එය බෞද්ධයාගේ
වාසනාවකි. එම ගෞරවය පළුදු වන ක්‍රියාකාරකම්වලින් විශේෂයෙන් බෞද්ධයා ඉවත්විය යුතු
වේ. තමන් විසින් කළයුතු කාර්යභාරය ඉටු නොකොට ආර්ථිකව හා සමාජීය කටයුතුවලින් පිරිහී
එය තවකෙනකු පිට පටවා ගැටුම් ඇතිකර ගැනීම අවාසනාවන්ත තත්ත්වයෙකි. එසේ ගැටුම් ඇති
කරගන්නවුන් කොසොල් රජුගේ පහත සිහිනය හදවතින් නොව බුද්ධියෙන් තේරුම් ගත යුතු වේ.
“දෙදෙනෙකු රත්ත්‍රන් භාජනයක් දෙපැත්තෙන් අල්ලා සිටින විට සිවලෙකු එයට මුත්‍රා කරයි.
මින් කියවෙනුයේ අනාගත ලෝකයේ ස්වදේශිකයන් දුබලව විදේශිකයන් ප්‍රබලවන බවයි.”
ඉහත කාරණයට විසඳුම ගැටුම්, ආරවුල් නොව තම අනන්‍යතාව රැක ගනිමින් අයහපත් දෙයින්
වෙන්ව කටයුතු කිරීමයි. එහෙත් ජාති ආගම්, කුල පක්ෂ, පාට පළාත් වශයෙන් භේද භින්නවී
මිනිස් අයිතිවාසිකම් යටපත් කිරීමට යමෙක් ක්‍රියා කරන්නේ නම් එය බෞද්ධ ඉගැන්වීම්වලට
පටහැනි වේ. සමානාත්මතාවයෙන් බුද්ධියෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. එවිට
අන්‍යෝන්‍ය යුතුකම් වැඩීමට හේතුවේ.
ගහකොළ සතා සිව්පාවා අතර ජීව විද්‍යාත්මක වෙනස්කම් ඇත. විශේෂයෙන් ගස් වැල් වශයෙන්
මෙන්ම අඹ, කොස් වශයෙන් බොහෝ බෙදීම් දක්නට ලැබේ. සතුන් අතර ගත් විටද අං සහිත, ලොම්
සහිත, වලිග ඇති, නැති, පිහාටු ඇති නැති වශයෙන් වෙනස්වීම් හඳුනාගත හැකි වේ. එහෙත්
මිනිසා අතර එසේ ජීවවිද්‍යාත්මක වෙනස්කම් දක්නට නොලැබේ. එසේ තිබියදී බෙදාගැනීම අනුමත
කළ නොහැකිය. විශේෂයෙන් විවිධ සංස්කෘතික ආභාෂ නිසා හැඩගැසුනු, අන්‍ය ජාතීන් අන්‍ය
ආගමිකයන් වෙසෙන සමාජ වටපිටාවක ජීවත්වීමේ දී ගැටුම් ඇතිකරගැනීම බුදුදහමේ
ඉගැන්වීම්වලට පටහැනිය. සමාජයේ සෑම කෙනාගේම දියුණුවට අවශ්‍ය මඟ පෙන්වීම බෞද්ධ දර්ශනය
තුළ ගැබ්ව ඇත. එහෙයින් එය ක්‍රියාවට නැඟීමේදී පටු භේද අදාළ කරගත යුතු නොවේ. මේ
ලෝකයේ උපන් ප්‍රථම බෞද්ධයා වූයේ බුදුරදුන්ය. උන්වහන්සේ මුලින්ම ධර්මදේශනා කළේ
අබෞද්ධ හෙවත් බෞද්ධ නොවූ පිරිස් සඳහා ය. කෙසේ කොහොම ජීවත් වුවත් ඕනෑම විටක හැමෝම
අසරණ භාවයට පත්විය හැකිය. රෝග පීඩා, ගංවතුර, සුළි සුළං, නාය යාම්, නියඟය, කැළිකසළ
ප්‍රශ්න වැනි දෑ සමස්ත සමාජයටම එක හා සමානව බලපෑම් කරයි.
විපත් උදාවන්නේ පටු භේද
සලකා නොවේ
එහෙයින් මෙවැනි අවස්ථාවන්වලදී පටු භේද නොසලකා අසරණවූවන්ට සැලකීම බුදුදහම අනුගමනය
කිරීමක් වේ.
ලෝකයේ සත්‍ය දෙක තුනක් දක්නට නොලැබේ. ඇත්තේ එක් සත්‍යයක් පමණි. අප බුද්ධිමත් විය
යුත්තේ එම සත්‍ය පිළිගැනීම සඳහාය. අන්‍ය මතයන්ට ඇහුම්කන්දීම අන්‍යමත ඉවසීම යහපත්
ගුණාංගයකි. එසේ මිනිසා නිවැරැදිදේ ග්‍රහණය කරගෙන අනවශ්‍ය දේ බැහැර කළ යුතු ය.
කවුරුන් පැවසුවද අර්ථවත් දෙය පිළිගැනීම යහපත් ය. බෞද්ධ ඉගැන්වීම එය වේ.
සාමයෙන් සහජීවනයෙන් ජීවත්වීමට සියලු ආගම් ඇදහිය යුතු නොවේ
සාමයෙන් සහජීවනයන් ජීවත්වීමට සියලු ආගම් ඇදහිය යුතු නොවේ. යමෙකු එසේ පවසන්නේ නම් එය
සහජීවනය නොව උමතු බවකි. නියම සහජීවනය වන්නේ අනෙකාගේ ආගමික ක්‍රියාකාරකම් තමනුත්
ඉටුකිරීම නොවේ. ඔවුන්ගේ ආගමික ඇදහීම් සිරිත් විරිත් ඔවුනට පවත්වාගෙන යාමට බාධා
නොකිරීමයි. එසේම ඒ සඳහා උපකාර කිරීමයි. නියම බෞද්ධයා එසේ කටයුතු කළයුතු වේ. එවිට
සිංහල කමත්, බෞද්ධකමත් ඉබේම ආරක්ෂා වේ.
වෙසක්, පොසොන් උත්සව සැරැසිලි, තොරන්, දන්සල්, තුළ දක්නට ලැබෙන සහජීවනය අනෙක්
ක්‍රියාකාරකම් තුළදී ද පවත්වාගෙනයෑමට උත්සුකවීම අතිශයින් වැදගත් ය. එවිට අනවශ්‍ය
ගැටුම් කල කෝලාහල ඇති නොවේ. සියලු මිනිසුන්ගේ පැතුම මෙය වේ. |