ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙමු
ශාස්ත්‍රපති, පණ්ඩිත සහකාර
අධ්‍යාපන අධ්‍යාක්ෂක
විතාරන්දෙණියේ මේධානන්ද හිමි
සැවැත්නුවර වැසි එක් ගෘහපතියෙක් බුදුරජාණන් වහන්සේ හමුවීමට ආවා. ඔහුගේ මුහුණේ එතරම්
ප්‍රසන්න බවක් තිබුණේ නෑ. මේ බව බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ
ගැන ප්‍රශ්න කළා. එවිට ‘ස්වාමිනි, මම ඉතා ආදරයෙන් හැදූ වැඩූ මගේ එකම පුතු අකාලයේ
මිය ගියා. ඒ දුක දරාගන්නට නොහැකියි.
මට ලෝකෙම එපා වුණා වගේ දැනෙනවා, කෑමක්, බීමක් පිරිසුදු කමක් ගැන මට දැන් කිසිම
ඕනෑකමක් නෑ. හිස හැරුණු අත ඇවිදනවා. සිතට සැනසීමක් නෑ. ඔබ වහන්සේ දකින්නයි මේ ආවේ.
ගෘහපතියා විස්තර කළා. එවිට බුදුරජාණන් වහන්සේ,
ගෘහපතිය, පි‍්‍රය දේ නිසා අපට දුක් ඇතිවෙනවා, දොම්නසක් දැනෙනවායි. දේශනා කළා.
ගෘහපති එය ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ සමඟ තර්ක කළා. ‘කොහොමද
බුදුහාමුදුරුවනේ, පි‍්‍රය දේ නිසා දුක් දොම්නස් ඇති වන්නේ” පි‍්‍රය දේ නිසා
ඇතිවන්නේ සතුටක්, සොම්නසක් නොවේද? ඔහු ඇසුවා. ඔබ වහන්සේගේ බණ මට තේරෙන්නේ නැහැයි
කියමින් මේ ගෘහපතියා නික්ම ගියා.
දැන් ඔහු පිවිසෙන්නේ සූදු පිටියකටයි. එහිදී ඔහු එහි සිටි මිනිසුන්ගෙන් ‘පි‍්‍රය දේ
නිසා දුක් දොම්නස් ඇතිවෙනවා කියන කතාව ඔබ පිළිගන්නවාද? යි අසනවා. අප පිළිගන්නේ
නැහැ. ඒ බුදුරදුන්ට වැරදිලා’ ඔවුන් පැවසුවා. ගෘහපතියාගේ හා සූදුකාරයන්ගේ අදහස්
හොඳින් ගැළපුනා.
කෙසේ හෝ මේ කතාව කොසොල් රජුගේ මාළිගාව වෙත පැතිර ගියා. කොසොල් රජුත් තමන්ගේ බිසව
කැඳවා අහනවා. ඔබ සරණ ගිය ගෞතම බුදුන්වහන්සේ මේ වගේ දේශනාවක් කරනවා. ඒක ඇත්තද කියලා.
එවිට මල්ලිකාවන් දෙන පිළිතුරෙන් කොසොල් රජුට තරහ ඇතිවෙනවා. දේවිය සමඟ අමනාප වෙනවා.
දේවිය කියනවා. රජතුමනි, බුදුරදුන් කිසියම් දේශනාවක් කොතැනක දී හෝ කළේ නම් ඒක
සත්‍යයක්මයි කියලා. එසේ වුවත් අමනාප වූ රජු යළි හිතවත් කරගන්න උපායක් සිතන දේවිය.
ඇමති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමැති අමතා මෙසේ කියනවා.
බමුණ, ඔබ දෙව්රම් වෙහෙරට යන්න. මා වෙනුවෙන් බුදු සිරිපා නමදින්න. ‘පි‍්‍රය දේ නිසා
දුක් දොම්නස් ඇතිවෙනවා. සතුටක්, සොම්නසක් ඇති නොවෙනවාය යන දෙසුම නැවතත් පැහැදිලිව
අසාගෙන එන්නැයි’ ඉල්ලා සිටියා. බමුණා බුදු හිමියන් හමුවට ගොස් සවිස්තරාත්මකව විස්තර
අසා දැන ගත්තා.
කොසොල් රජුගේ දුර්මතය දුරුකරන්නට කෝසල මල්ලිකාවෝ, රජුගෙන්, ප්‍රශ්නයක් ඇසුවා.
“රජතුමනි, ඔබට, ඔබගේ වජිරා කුමරිය පි‍්‍රයද? එවිට රජු, “දේවිය, වජිරා, කුමරියට මම
කොතරම් පි‍්‍රය ද? ඇය මගේ පණ වගේ” පැවසුවා. ‘ එසේ නම් රජතුමනි, ඈ නොගැළපෙන කෙනෙක්
සමඟ විවාහ වුණොත්. එහෙම නැතිනම් මිය ගියේ නම් ඔබට කවර හැඟීමක් ඇතිවේවිද? මල්ලිකා
දේවිය නැවත ඇසුවා. “දේවිය මමත් මියගිහින් වගේ, මගේ ජීවිතය නැතිවුණා. වගේ දැනෙවා.”
රජු වේගයෙන් කියවාගෙන ගියා. “එසේ නම් රජතුමනි, මේ ලොව පි‍්‍රයයි, සුබයි, හොඳයි,
සතුටුයි කියා අප අල්ලගන්න හැමදෙයකින්ම අප උරුම කරගන්නේ දුකක් නොවේද? කඳුලක් නොවේද?
ඉතින් සතුටක් සොම්නසක් තිබෙන්නේ කෙලෙසද? බුද්ධ දේශනාව නම් එයයි, රජතුමනි, ඇය විස්තර
කළා. මල්ලිකා දේවිය නැවත මෙසේ අහනවා. “ඔබගේ පුත් විරුඪභ කුමරා ඔබට පි‍්‍රය ද? ඔහු
මිය ගියේ නම්, අපට නොගැළපෙන තැනකින් විවාහයක් කර ගත්තේ නම් “ඔබට කුමක් සිතේද? “මම
ඔහුට බොහොම ආදරෙයි. ඔහු එහෙම කළොත් මගේ ජීවිතයත් නැතිවෙයි.” රජතුමා කියනවා.
එසේනම් රජතුමනි දැන් තේරෙනවා නේද? මේ ලෝකයේ පි‍්‍රය සුබ දේවල් නොමැති බව. මල්ලිකා
දේවිය තව දුරටත් පැහැදිලි කළා. දුවේ, පුතේ දැන් පෙනෙනවා නේද? පි‍්‍රය දේ නිසා
හටගන්නේ දුකක්ම බව.
ජීවතවීමේ දී අපට බොහෝ ප්‍රශ්න, ගැටලු ඇතිවෙනවා. අප කැමැති අය ඇසුරට ලැබෙනවා. කැමැති
දේ ලැබෙනවා. එවිට සිතට සතුටක් ලැබෙනවා. ඒත් ඒ සියල්ල යම් මොහොතක නැති වී යනවා. එවිට
දුකක් වේදනාවක් දැනෙනවා. සමහර අයට එය දරා ගන්නට නොහැකියි. ඒ ධර්මය නොදැනීම නිසයි.
අපේ බුදු හාමුදුරුවෝ දේශනා කොට වදාළේ මේ ලෝකයේ සියල්ල අනිත්‍ය බවයි. වෙනස් වන බවයි.
කුඩා කාලයේ සිටම අප ඒ බව අවබෝධ කර ගන්නට උත්සාහ කළොත් ජීවිතයේ වෙනස් වීම් හමුවේ
ශක්තිමත්ව මුහුණ දෙන්නට පුළුවන්. |