සිව් බඹවිහරණ
අධ්‍යාත්මික ආදරයක
පදනමයි
හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර
මාවත ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත්
සංඝ සභාවේ
ලේඛකාධිකාරී ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
සාලිය අශෝකමාලා පෙම් පුවත නිසාම සාලිය අශෝකමාලාට ලැබෙන ප්‍රසිද්ධිය ඉතිහාස ගත
තොරතුරුවල සඳහන් වේ.සාලිය කුමරා රජ සැප හැර පියා තමන්ගේ ප්‍රේමය සමඟ ජීවත් වීමෙන්
ජීවත්වීමට ආදරය අවශ්‍ය බව පැහැදිලිය. ආදරය අහිමි වූ විට අප සමාජයේ තනිවූ හුදකලා වූ
චරිත බවට පත්වේ. ජීවිතයට වැළඳිය හැකි බරපතල රෝගය තනිකමයි. තනිකමෙන් හුදකලාවෙන් අප
මුදවාගන්නේ ආදරයයි.බුදු දහමේ විග්‍රහ වන ආදරය, පේ‍්‍රමය, දාරක ප්‍රේමය,යන කාරණා
දෙස සළකා බලන විට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළින්
ප්‍රේමනීයව ජීවත් විය යුතු ආකාරය පහදා දී තිබේ.
ආදරය, ප්‍රේමය, සෙනෙහස ඔබගේ ජීවිතයට කෙතරම් වැදගත්ද? දරුවෙකු කුඩා කල සිටම ආදරය,
කරුණාව, සෙනෙහස, බලාගැනීම් සහිත පරිසරයක හැදී වැඩුණොත් සහ එවැනි බලාගැනීමක් ආදරයක්,
ඇහුන්කම් දීමක්,සොයා බැලීමක් නොමැති පරිසරයක හැදුනොත් එම දෙදෙනාගේ වෙනස සෑම
තැනකදීම, සෑම ක්‍රියාකාරකමකදීම දැක ගත හැකියි. පන්ති කාමරයක උගන්වන ගුරුතුමාට
ගුරුතුමියට එම පරිසරයන් දෙක තුළ ගොඩනැඟුන දරුවන් ඉතාම පහසුවෙන් හඳුනාගත හැකියි. එම
දරුවන්ගේ හැසිරීම් රටාවන්, කතා බහ සෙසු පිරිසත් සමඟ බෙදා හදා ගැනීම , අනෙක්
පුද්ගලයෙකුට ලැබෙන දේ් දරාගැනීම යන සියල්ලටම විශාල බලපෑමක් කර තිබෙන්නේ එම දරුවා
තුළ ගොඩනැඟී තිබෙන ආදරය සෙනෙහස දයාව කරුණාව සමඟයි. දරුවෙකුට පතිරූප දේස වාසෝච
යනුවෙන් පතිරූප දේශයක් පිරිනොණැමුව හොත් පුබ්බේච කත පුඤ්ඤතා හෙවත් පෙර කුසලය පෙර
පින මතුකර ගැනීම අපහසු වෙයි. එය මතුකර ගැනීමට නම්, එම දරුවාට ඉතාම හොඳ පරිසරයක්
ගොඩනගා දිය යුතුයි. කරුණාව දයාව සංසාරයෙන් පුරුදු කරගෙන පැමිණියත් ඔහු එය ගෙදර
භුක්ති විඳින ආකාරය අනුව මතුවෙයි. දරුවාට ඇසෙන දේ දරුවාට දැනෙන දේ ඔහුත් සමඟ කරන
ක්‍රියා කාරකම් ඇතුළතින් ඔහුගේ අභ්‍යන්තරයෙන් පුහුණු කරගෙන පැමිණි උදාර සිතිවිලි
අවදිකර ගත හැකියි.
සැම විටම රෝෂයෙන් කෑගසන , හිංසනය පාවිච්චි කරන ,නිතර නිතර රණ්ඩුකරන , දරුවෙකෙªට ගරු
නොකරන , දරුවෙකු පපුවට තුරුළු කරනොගන්නා තැනක හැදුණු වැඩුණු දරුවන් පන්තිකාමරය තුළ
ඉතාම රළු ආකාරයෙන් හැසිරෙන ආකාරය දැක ගත හැකියි.
අම්මා තාත්තා ළඟ නැතිව කුඩා කල සිට ආච්චී ළඟ හැඳුන දරුවෙකු සහ අම්මා තාත්තා
දෙපැත්තට ගියවිට කවුරුන් හෝ ඥාතිවරයෙකු සමීපයෙහි හැදුන වැඩුණ දරුවෙකුගේ හැසිරීම්
රටාවන් නිරීක්ෂණය කරන විට අම්මාගේ ආදරය දිගු කලක් භුක්ති නොවිඳ හැදුන වැඩුන
දරුවෙකුගේ චර්යාවන් කිසියම් ආකාරයක වෙනසක් දැකිය හැකියි. අම්මාගේ තාත්තාගේ සෙනෙහස
බුක්ති විඳිමින් හැදුන වැඩුණ දරුවෙකුගේ චර්යාවන් වලට වඩා වෙනස් වෙයි.දරුවන් පමණක්
නොව, ගෙදරක ආදරය කරුණාව සෙනෙහස ලබන බිරිඳ සහ එවැනි ආදරයක් ලබන සැමියෙකුගේ
කාර්යක්ෂමතාව, කැපවීම, වගවීම, විනිවිද භාවය අපට දැකගත හැකියි.
යම් කිසි පුද්ගලයෙකුට එවැනි ආකාරයෙන් තමන්ව ඉවසන, තමන්ව දරන අයෙකු සිටීම තමන්ගේ
අරමුණ කරා යාමට අවශ්‍ය කරන විශාල ජවය සපයන්නේ එම පරිසරය තුළයි.
එවැනි යහපත් ආදරණීය පවුල් පරිසරයක වෙසෙන අයගේ කාර්යක්ෂම තාවය ඵලදායිතාවය ආයතනවලදීත්
ඉතාම ඉහළ මට්ටමක පවතී.නිතරම දෙස් දෙවොල්මැද ජීවත් වෙන සාප කරගනිමින් ජීවත් වෙන,
තමන් ගෙවන ජීවිතයට හෙන ඉල්ලමින් ජීවත්වෙන, තමන් එවැනි තත්ත්වයට ඇද දාපු පිරිසටත්
සාප කරමින් ජීවත් වන පුද්ගලයන්ගේ හැකියාවන් අසාර්ථකයි. ඔවුන්ගේ මනස රෝගී වෙයි. මනසට
ආදරය, කරුණාව, දයාව නොලැබෙන්නේ නම්, එම මනසෙහි පැවතිය යුතු නිරෝගීකම ගොඩ නොනැගෙයි.
රෝගී වෘක්ෂයකින් හටගත් ඵල ඉතා සරුපල නොවේ. එම ඵලදාවෙහි යම් යම් දුබලතාවයන් පවතින
නිසාම එකිනෙකා සමඟ ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සෙනහසින් එකිනෙකා සමඟ ඉවසමින් එකිනෙකාව
දරමින් ජීවත් වීම යනු සමස්ත සමාජයේම ප්‍රගමනයට අතිශයින් හේතුවක් වෙයි.
මනුෂ්‍යයාගේ සිට සතා සිවුපාවා දක්වා තමන්ව බලාගන්න, තමන්ව ඉවසන පුද්ගලයෙකු සිටිනවා
නම්, කොන්දේසි විරහිතව තමන් වෙනුවෙන් කැපවෙන පුද්ගලයෙකු සිටිනවා නම්, ඔහු
පි‍්‍රයයි.
තමන් සමඟ තනියට සිටි සුනඛයා මිය ගිය විට, බටහිර සමාජයේ ඇතැම් මිනිසුන් දින ගණන්
වේදනා විඳී. සමහර විට ඔවුන්ගේ ජීවිතයේ සැම දෙයක්ම ප්‍රකාශ කරන්නට ඇත්තේ ඔවුන්
සමඟයි. එම සතාට ඇහෙනවාද? කතා කිරීමට නොහැකිවුණාද? තේරුණාද යන කාරණාව වැදගත් නැත.
කාර්මීකරණය වැනි කාරණාවන් නිසා අතිශයිමන්ම මානව සම්බන්ධකම් ඈත්ව යද්දී, ඇතැම් විට
ඇතැම් පුද්ගලයන්ට ඉතාම සමීප වන්නේ, සතෙක් සිවුපාවෙක් විය හැකියි. එම සත්ත්වයා ගෙදර
සාමාජිකයෙකුසේ සළකමින් එම සතා සමඟ සියල්ල බෙදා ගනී. ඇමරිකාව වැනි රටවල ඇතැම් ගෙවල්
තුළ සුනඛයාගේ අම්මා තාත්තා වී සිටින්නේ එම ගෙදර ස්වාමියා සහ බිරිඳයි. එම සතා
දරුවෙක් ලෙස සළකයි. එවැනි බැඳීම් නැතිවා නොවෙයි. එවැනි ස්නේහයෙන් නිර්මාණය වෙයි. අප
හැමෝම අනෙකාට ආදරය කරුණාව ලබාදිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළකාරණාවක්.
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගැඹුරු අධ්‍යාත්මික ආදරයක පදනමයි. මෛත්‍රිය යනු
කොන්දේසි විරහිතව අනෙකාගේ සැපත සතුට ප්‍රාර්ථනා කිරීමයි. මෛත්‍රියේදී අනෙකාගේ සැපත
සුවය සැනසිල්ල ප්‍රාර්ථනා කරයි. කිසිම කොන්දේසියක් නොමැතිව අනෙකාට අනුකම්පා කිරීම
කරුණාවයි.
සියලු දුර්වලකම් නිසා අපට සිදුවන පාඩුව අසීමිත වුවත්, කිසිදු ආකාරයකින් යමක්
අපේක්ෂා නොකර ඔහු දෙස අනුකම්පා සහගත සිතින් ඔහුගේ හෝ ඇයගේ දුබලකම් ඉවසීම කරුණාවයි.
කෙනෙක් සාර්ථකත්වයට පැමිණෙන විට එම සාර්ථකත්වයෙන් කිසිදු ප්‍රතිලාබයක් බලාපොරොත්තු
නොවී සතුටු වීම මුදිතාවයි. අප අසීමාන්තිකව කැපවෙද්දීත් අසීමාන්තිකව දරද්දීත් ඒ
වෙනුවෙන් අපට ප්‍රශංසාව ගෞරවය නැති වුණත් ,එය දරාගැනීම උපේක්ඛාවයි.ගැඹුරු සෙනෙහසක්
ගොඩනැඟුන ගැඹුරු ආදරයක් ගොඩනැඟුන සිතක තිබෙන උදාර ගුණ හතර අප පුරුදු කළ යුතුයි.
හේමමාලා රන්දුනු |