දළදා මාළිගාවේ වස් ආරාධනා පින්කමෙන්...
දළදා මාළිගාවේ වස් ආරාධනා පින්කමෙන්...
 |
ශ්‍රී දළදා මාළිගාවේ මෙම වසරේ වස්
ආරාධනාව තේවාව භාර මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ
සභික තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නා හිමියන් ප්‍රමුඛ මහා
සංඝරත්නය වෙත සිදුකෙරිණි. කටුකැලේ ලේඩ්බ්ලේක් ආරාමාධිපතිනි
ශ්‍රද්ධා ප්‍රසාදිනී ධම්මචාරී කොත්මලේ සුධර්මා සිල්
මෑණියන් වහන්සේ 52 වන වතාවටත් වස් ආරාධනාව පිළිගන්වන ලදී.
එම අවස්ථාව සඳහා දියවඩන නිළමේ නිලංග දෑල මහතා ද සහභාගී වූ
අතර දෙහිවල කව්ඩාන පලල් පාරේ 2 වන පටුමගේ පදිංචි දමිත
ජයවර්ධන මහතා, නදීෂා ජයවර්ධන මහත්මිය, දිසල සහ පියුම්දි
දූදරුවන් ඇතුළු දායක පිරිස මෙවර කඨින පින්කමේ දායකත්වය
දරති. සුනිල් ගුණවර්ධන, කුණ්ඩසාලේ සමූහ. |
|
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා
සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.
මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.
|
|
|
|
|
|
|