|
|
අසූ මහා ශ්‍රාවක පිළිම
සහිත සම්බුදු මැදුර |
|
|
|
129 වසර සපුරති
ඉඳුරුව ගල්බඩ කටුකොළිහ
සද්ධර්මෝදය පිරිවෙන
ඉඳුරුව, ගල්බඩ, කටුකොළිහ, ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන ආරම්භ කොට ජූලි 01 වැනිදාට වසර
129ක් සපිරේ. ඒ කටුකොළිහ චේතියගිරි විහාරස්ථානයට අනුබද්ධ බෙන්තොට, රන්දාගොඩ, ශ්‍රී
දේවපි‍්‍රයාරාම විහාරස්ථ භූමියේදී ය. එම පිරිවෙන 1888 ජූලි 01 වැනිදා ආරම්භ කරනු
ලැබුවේ එවකට චේතියගිරි විහාරාධිපති පදවිය හෙබවූ ගාලු පළාතේ ද්විතීය සංඝනායක ගෝනගල
ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් විසිනි. උන්වහන්සේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආදි
ශිෂ්‍ය හිමිනමක් වූ නිසා එම විද්‍යෝදය පිරිවෙනේ ආදි කර්තෘවරයාණන් වූ හික්කඩුවේ
ශ්‍රී සුමංගල නාහිමියන්ද මෙ පිරිවෙන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වී ඇත.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා
සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා
සෙනසුරාදාය.
මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය
|
|
|
|
|
|
|