සිරිලක
රහතුන් බිහි වූ මාසය
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිමානවත් සැබෑම නිදහස් දිනයයි. නැකතට දඩ
කෙළියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵලලාභී
රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත්වූයේ පොසොන් පොහෝ දවසේ ලත් මහානීය දායාදය වූ බුදු
දහමේ මහිමයෙනි.
මිහිඳු මහරහතන් වහන්සේ පළමුවෙන් මේ සුන්දර දිවයිනට වැඩම කරද්දී අහස් යානා හෝ මොටෝ
රිය හෝ නෞකා හෝ නොතිබුණි. සැබැවින් ම උන්වහන්සේලාට ඒවා ඇවැසි වූයේත් නැත. උදේනි
නුවර විදිසායෙහි පිහිටි මහා සෑ මළුවෙන් අහසට නැගුණු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු
ශ්‍රමණශාක්‍ය පුත්‍රයන් වහන්සේලා අම්බස්ථල සෑ අසළ ඇතිගල් කුළ මතට වැඩම කළහ. දෙවන
පෑතිස් නිරිඳුන් උන්වහන්සේලාට මුණ ගැසුණේ නැකත් කෙළිය සමරන්නට දඩ කෙළියෙහි ගොස්
සිටිදී ය. දෙවියන් හා කතා බස් කොට මුවෙකුගේ වෙසින් දෙව් පුතෙකු එවන ලද්දේ් ද මිහිඳු
මහරහතන් වහන්සේ විසින්. “තිස්ස” කියා අමතද්දී දෙවන පෑතිස් නිරිඳුන් තැති ගත්තේය.
නමුත් “ධර්මරාජ වූ ලෝකනාථයන්ගේ සව් වූ ශ්‍රමණ පුතුන් වනාහි අපි වෙමු” යි කී කල්හි
නිරිඳුන් මහත් සේ තුටු වුණි. අඹ පැන ඇසූ වේලෙහි දෙවන පෑතිස් නිරිඳුන් පිළිවදන් දුන්
අයුරු සැබැවින්ම අසිරිමත්ය.
මිහිඳු මහරහතුන් ලක්දිවට වැඩම කොට මසක් ඇතුළත දී වදාළ දෙසුම වර්තමාන බෞද්ධයන්ට
අවුරුදු ගණනක් බණ ඇසුවත් අසන්නට නො ලැබෙන තරමේ අතිශය ශ්‍රේෂ්ඨ සම්බුදු දෙසුම් ය.
මහරහත් මිහිඳු හිමියන් විසින් ලංකාවට වැඩම කළ මුල් වකවානුවේදී වදාළ දෙසුම් ගැන ඉතා
පැහැදිලි විස්තරයක් මහාවංශයේ සඳහන් වෙයි. අප මේ ලිපියෙන් විමසන්නේ ඒ දෙසුම්
පිළිබඳවයි.
මිහිඳු මා හිමියන් වදාළ පළමු දෙසුම නම් චුල්හත්ථිපදෝපම සූත්‍රයයි. මෙය මජ්ක්‍ධිම
නිකායට අයිත් දේශනාවකි. වනයේ ඇතුන් ගැන දන්නා කෙනෙක් වනයේ සිටි ඇතින්නියන්ට නොරැවටී
නියම ඇත් රජා තෝරා ගන්නා අයුරින් බුදු සමිඳුන් වදාළ ධර්ම මාර්ගයේදී උන්වහන්සේ
සම්බුද්ධත්වය කුමක්දැයි ශ්‍රාවකයෙකුට මාර්ගඵල අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ වන ආකාරය
මෙයින් පැහදිලි වේ. මිහිඳු හිමියන් විසින් මේ දෙසුම කෙතරම් සාර්ථකව වදාළේ ද යත්
දෙවන පෑතිස් නිරිඳුන් ප්‍රමුඛ රාජකීය පිරිස තිසරණයෙන් පිහිටන්නට හේතු වූයේ එයයි.
ඉන්පසු සුමන සාමණේරයන් වහන්සේ ලවා දේවාරාධනය කර වූ මිහිඳු හිමියන් සියලු දෙවියන්
කැඳවා ඒ දෙවියන් හට අංගුත්තර නිකායේ ඇතුළත්ව තිබෙන සමචිත්තපරියාය සූත්‍ර දේශනාව
වදාළ සේක. සමාන සිත් ඇති දෙවි පිරිස ධර්මාවබෝධය කරගන්නා ආකාරය එයින් කියැවේ.
පසුදින අනුලා දේවි ප්‍රමුඛ අන්ත:පුරය කාන්තාවන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ භාග්‍යය
උදාවිය. මිහිඳු හිමියන්ගෙන් ඔවුන්ට කර්මය කර්මඵල ගැන අපූරු විස්තරයක් අසන්නට
ලැබුණි. එනම් ඛුද්ධක නිකායට අයත් පේ‍්‍රත වත්ථු හා විමාන වත්ථු ය. පේ‍්‍රත වත්ථුවේ
සඳහන් වන්නේ පව් කිරීමෙන් පේ‍්‍රත ලෝකයේ උපත ලැබූ උදවියගේ කතාන්දරයයි. විමාන
වත්ථුවේ සඳහන් වන්නේ පින් කිරීමෙන් දෙව් ලොව උපත ලැබූවන්ගේ කතාන්දරය යි. මෙසේ උපත
කරා යන ස්වභාවය තිබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමෙන් බව පැහැදිලි කළ මිහිඳු
හිමියන් ඉන්පසුව ඔවුන්ට වදාළේ චතුරාර්ය සත්‍යය විස්තර වශයෙන් සඳහන් වන සච්ච
සංයුත්තයයි. සංයුත්ත නිකායට ඇතුළත් මෙහි බුද්ධ දේශනා 135 ක් ඇතුළත් වෙයි. ආර්ය
සත්‍යය අවබෝධ කිරීමේ වාසියත්, එහි දුර්ලභ බවත්, සච්ච සංයුත්තය තුළ ඉතා මැනැවින්
විස්තර වෙයි.
ඉන්පසු මිහිඳු හිමියන්ට අවස්ථාව ලැබුණේ අනුරපුර සාමාන්‍ය ජනතාව දහම් දෙසීමටය. එහිදී
උන්වහන්සේ මජ්ක්‍ධිම නිකායට අයත් දේවදූත සූත්‍රය වදාළ සේක. ජීවිතාවබෝධය නොකරන
සාමාන්‍ය මනුෂ්‍යයා පව්කිරීම නිසා නිරයේ උපදින ආකාරය එම සූත්‍රයේ මැනැවින් විස්තර
වෙයි. ඊළඟට මිහිඳු හිමියන් වදාළේ පින් කරන පුද්ගලයා දිව්‍ය ලෝකයේ උපදින ආකාරයත්,
පව් කරන පුද්ගලයා නිරයේ උපදින ආකාරය විස්තර වන බාලපණ්ඩිත සූත්‍රය යි. ඒ දෙසුම
ඇතුළත්ව තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායටය.
ඉන්පසු මිහිඳු හිමියන් වදාළේ අංගුත්තර නිකායට අයත් අග්ගික්ඛන්ධෝපම සූත්‍රයයි. බුදු
සමිඳුන්ගේ ශ්‍රාවකයින් දුස්සීලව සිට සැදැහැවතුන්ගේ සිව්පසය පරිභෝග කිරීමෙන් අත්වන
භයානක ඉරණම ගැන එම දේශනයෙන් මනාකොට විග්‍රහ වෙයි. එම දේශනය තුළින් භික්ෂු සංඝයාගේ
පිරිසුදු බව ඉතා හොඳින් මතුකොට දැක්වේ.
මිහිඳු හිමියන්ගේ ඊළඟ දේශනය වූයේ සංයුක්ත නිකායට අයත් ‘ආසිවිසෝපම’ සූත්‍රයයි. සතර
මහා ධාතුන්ගෙන් සැදුණු මේ ජීවිතය විෂඝෝර සර්පයන් හතර දෙනෙකුට උපමා කොට ඉතා රමණීය
ලෙස ජීවිතය යථාර්ථය විස්තර වන එම දෙසුම රහතන් වහන්සේ නමකගෙන් අසා ගන්නට තරම් එකල
ලක්දිව මිනිසුන් භාග්‍යසම්පන්න වූහ.
චතුරාර්ය සත්‍යය අවබෝධ නොකිරීමන් මේ කෙළවරක් නොමැති භව ගමනට වැටී, සත්වයන් දුක්
විඳින ආකාරය විස්තර වන සූත්‍ර දේශනා විස්සක සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ
විස්තර වී තිබේ. මිහිඳු හිමියන් ඊළඟට වදාළේ එයයි.
දුක්ඛ ආර්ය සත්‍යය මැනවින් විස්තර වන ඛජ්ජනීය සූත්‍රයද ඇතුළත් වන්නේ සංයුත්ත
නිකායටයි. එහි පංච උපාදානස්කන්ධයට ඇළුම් කිරීමෙන් නැවත නැවතත් පංච උපාදානස්කන්ධයම
සකස් වන ආකාරයත්, පංච උපාදානස්කන්ධය විසින් එයට ඇළුම් කිරීමෙන් නැවත නැවතත් පංච
උපාදානස්කන්ධයම සකස් වන ආකාරයත්, පංච උපාදානස්කන්ධය විසින් එයම ඇළුම් කරන සත්වයා
ගොදුරු කරගන්නා ආකාරයත්, මනාකොට විස්තර වන මෙම දෙසුම මිහිඳු හිමියන් පහදා දෙන විට
මාර්ගඵල ලාභීන් බිහිවීම අරුමයක් නොවේ.
අපගේ බුදු සමිඳුන්ගේ ප්‍රථම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රයද ඇතුළත් වන්නේ සංයුත්ත
නිකායටය. සිරි ලක්වාසි සිංහලයන් හට ඒ දෙසුම ද ශ්‍රවණය කිරීමේ භාග්‍යය උදා විය.
අප්‍රමාදී ජීවිතයක් ගෙවීමේ වටිනාකම කියැවෙන අප්පමාද සූත්‍රය සඳහන් වන්නේ මජ්ක්‍ධිම
නිකායේ ය. ලංකීකයනට එය ද ශ්‍රවණය කිරීමේ භාග්‍යය උදාවිය.
මිහිඳු මහරහතුන් විසින් මේ දෙසුම් සියල්ලම වදාළේ මාසයක් ඇතුළතයි. ඉන්පසු එළැඹීයේ
වස්සාන කාලය යි. වස් වසන්නට පළමු විනය පිටකයෙහි මහාවග්ග පාළියේ ඇති
වස්සූපනායිකක්ඛන්ධකය ජනතාවට කියා දෙන්නට තරම් මිහිඳු හිමියෝ කාරණික වූහ. වස්සාන
සමය පිළිබඳ සියලු විස්තර එහි ඇතුළත් වේ. වස් වසන දිනය වන විට මේ හෙළදිවේ රහතන්
වහන්සේලා හැට දෙනමක් බිිහි වී සිටියහ. මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූත පිරිසේ
එකකුවත් සමඟ සියලු රහතුන්ගේ ගණන හැට අට නමක් විය. මිහින්තලයේ ලෙන් හැට අටක් කරවා,ඒ
රහතුන් හට කුටි තනවා දුන් සිංහලයෝ ගෞතම බුදු සසුනේ සැබෑම දායාදය ලැබූහ.
එකල ලක්දිව සිටි සිංහලයන් දැක්වූ කුසලතාව දශදිසාවෙහි සිටි මහා පින්වතුන්ගේ කුසලතාවට
කිසිසේත් දෙවෙනි නොවුණි. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පානා තෙක්ම මේ දිවයිනේ
රැඳුණේ එනිසාය. උන්වහන්සේගේ පියාණන් වූ දම්සෝ මහ නිරිඳුන් පවා මෙහි ඉපිද ‘කුදුතිස්
මහතෙරුන්’ නමින් සසුන බැබැළවූයේ එනිසාය. අකුසල් දුරුව කුසල් මතුව ගොස් රජ නිරිඳුන්
ප්‍රමුඛ කොට මැති ඇමැතියන් ප්‍රමුඛ කොට සකල ජනයා දහමෙහි හැසිරුණු කල්හි වෛර සිත්
බැහැර කොට මෙත් සිතින් බැබලුණ කල්හි මේ රම්‍ය වූ දිවයින සකල සම්පතින් පිරී ඉතිරී
ගියේය. බත බුලතින් කිරියෙන් පැණියෙන් සරු වුණේය. පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වුණේය.
ඉන්දීය සයුරෙහි මුතු ඇටය බවට පත් වුණේය. දහම් දිවයින බවට පත් වුණේය. ගෞතම
බුදුරජුන්ගේ විදුරසුන් මහ බෝ පිහිටි දඹදිව් තලයටත් වඩා මේ රම්‍ය දිවයින පූජනීය
වුයේය.
නයනා නිල්මිණි
|