පනස්පස්වන වරටත් පැවැත්වෙන
මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව
සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය
අපේ රටේ පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනය හෙවත් ලංකාවේ සීමාසහිත
එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට සිදු කරනුයේ
සුවිශේෂී මෙහෙවරකි. ඊට අමතරව ආගමික සාමාජික ආදී අගනා මෙහෙවර රැසක්ද සිදු කරනු ලැබේ.
අද මෙන් විදුලි බලය ව්‍යාප්තව නොමැති යුගයක මිහින්තලා පුද බිම ඒකාලෝක කරන ලද්දේ
විදුලි ජෙනරේටර් උපකාරයෙනි. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රී මතාණන්ගේ
උදාර සංකල්පයක් ඵල දරමින් එතුමන්ගේ දයාබර පුතණුවන් වන එවකට ලේක්හවුස් සභාපතිවරයා
වූ රංජිත් විජයවර්ධන මහතා විසින් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සහායෙන් මිහින්තලා
ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ කරන ලදී. අඩසිය වසරකුත් වසර පහක් පුරා ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් මිහින්තලා ආලෝක පූජාවෙන්
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවත් ගෞරවයත් වර්ධනයට සිදු කර ඇත්තේ සුවිශේෂී
මෙහෙවරකි. මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 07 වනදා සිට 11 වනදා දක්වා මිහින්තලා පුදබිමේදී
පස්වරු 6.00 සිට පැවැත්වේ. ඩයලොග්, අබාන්ස්, ලංකා බැංකුව බැතිබර දායකත්වය සපයයි.
ඉතිරිය» රුහුණු පොසොන් පෙරහර මංගල්‍යය
තිස්සමහාරාමය මහ සෑය
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තුන්වන ලංකාගමනයත් සමඟ ඒකාලෝක වූ තිස්සමහාරාම පුදබිම
පන්සියයක් රහතන් වහන්සේලා සමඟ බුදුරදුන්ට සමවත් සුවයෙන් වැඩසිටීමට ඉඩ හසර සැලසිණි.
දකුණු ලක බුදුරදුන් වැඩ සිටිය සොළොස්මස්ථානයක් වන තිස්සමහාරාම පුදබිම වත්මන දක්වාම
ශී‍්‍ර ලාංකේය බෞද්ධ සමාජයට නිවැරදි හා ඍජු නායකත්වයක් සපයයි.
කාලයාගේ ඇවෑමෙන් පෙර රජ දවසින් පසුව ජරාවාස වූ තිස්සමහාරාම පුදබිම වසර 1835 දී ශාසන
මාමක වේපතඉර සුමන සාමණේරයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යෙන් කටුකොහොල් හැර පිළිසකර කොට
කොත් පැළඳවීම සිදුවූයේ මහත් අභිමානයෙනි. අනතුරුව 1873 දී ගර්භ නිධානෝත්සවය හා වසර
1900 දී වල්පිට මේධංකර මාහිමියන් විහාර කාර්යය සාධක සමිතිය ගොඩනැගුවේ තිස්ස මහා සෑ
රදුන් ජීවමානත්වයට පත් කර ලීමේ දෘඪ අධිෂ්ඨානයකිනි. එදවසින් ආරම්භ වූයේ පළමු
පෙරහරයි. පන්දම් ආලෝකය මගින් පන්දම් පෙරහර සිදු කොට මෑත ඉතිහාසයේ ප්‍රථම පෙරහරට මුල
පිරිණි. අනතුරුව තත්කාලීන යතිවරයන් වහන්සේලා මේ උතුම් ආමිස පූජාව වසරින් වසර
සංවර්ධනය කර වූයේ වර්තමානයේ ශ්‍රී ලාංකේය පෙරහර සංස්කෘතිය තුළ අභිමානවත් සකලවිධ වූ
සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත උතුම් පෙරහර මංගල්‍යයක් ලෙසිනි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සියලු බුදුවරුන්ගේ අනුශාසනය
“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං”
සියලු පව් නොකිරීමට කුසල් වැඩිදියුණු කිරීමට තමන්ගෙ සිත පිරිසුදු කිරීමද යන මෙය
සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ සඳහන් මෙම ගාථාව ඇතුළත්
වන්නේ සියලු බුදුවරුන්ගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයටයි.
ඕවාද ප්‍රාතිමෝක්ෂය සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක සංඝයාට හික්මීමේ මාර්ගය
වශයෙන් දෙසා වදාරති. දිර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය පැනවීමක් සිදු
නොවේ. ඒ නිසා උන්වහන්සේලා ඛුද්ධ ජීවිතය පුරාම සංඝයාගේ හික්මීම පිණිස විනය දේශනාවක්
වශයෙන් දෙන්නේ, අනුශාසනාවක් වශයෙන් පණවන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි. අපේ ගෞතම
බුදුරජාණන් වහන්සේ වැනි අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාසනවල විනය පැනවීම සිදුවෙයි. එහෙත්
උන්වහන්සේලාත් විනය පණවනතුරු අවවාද වශයෙන් දෙසන්නේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. අපේ
බුදුරජාණන් වහන්සේගේ ශාසනයේද බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ විනය පැණවීමක් සිදු
නොවීය. එම කාලය තුළ උන්වහන්සේ අඩමසකට වරක් පොහෝ දිනවල සංඝයා රැස්කොට මේ ඕවාද
ප්‍රාතිමෝක්ෂ දේශනාව පමණක් සිදු කළහ. එය බුදුවරුන් සංඝයා සමඟ පොහොය කිරීමද වේ. උදාන
පාලියේ මෙන්ම අංගුත්තර අට්ඨක නිපාතයේ උපෝසථ සූත්‍රයේ සඳහන් වන පරිදි එක් පොහොය කරන
දිනක ප්‍රාතිමෝක්ෂ දේශනාවට රැස් වූ භික්ෂූන් අතර දුස්සීල භික්ෂුවක් සිටීම නිසා
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සඳහටම අත්හිටුවා වදාළහ.
ඉතිරිය»
පුරාවිද්‍යාත්මකව සනාථවන මහින්දාගමනය
සිංහල සංස්කෘතියේ හා ශී‍්‍ර ලාංකේය බුද්ධ ශාසනයේ ආරම්භක දිනය ලෙසින් සනිටුහන් කෙරෙන
පොසොන් පෝය, ජාතික දිනයක් ලෙසින් මෙන්ම ආගමික දිනයක් ලෙසින්ද සැමරීමේ ඉතිහාසය
අනුරාධපුර යුගය තරම් ඈත අවධියකට දිවයන්නක් බව පැහැදිලි කරුණකි. එබැවින් ශ්‍රී ලංකා
ඉතිහාසයේ කඩඉමක් සනිටුහන් කරන මහින්දාගමනයේ හා ඒ සඳහා පසුබිම සැකසුණ අශෝක
අධිරාජයාගේ ධර්මදූත ව්‍යාපාරයේ ඇති ඓතිහාසිකත්වය පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින්
සනාථවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.
ඉතිරිය»
|