මැදින් පුර අටවක 2017.03.05
නිරෝගී බව
මනුෂ්‍යයාට රෝගාබාධ පැමිණිවිට ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම සාමාන්‍ය පිළිවෙතය
.එසේ ප්‍රතිකාර ලබා ගනුයේ නිරෝගිව ජීවිතය ගත කිරීම සඳහාය. විවිධ රෝගාබාධ පැමිණිවිට
ආදාළ වෛද්‍යවරයා වෙත යොමු වී එම වෛද්‍ය උපදේශය පරිදි ඖෂධ ලබා ගනී. රෝගයක් සුවපත් කර
ගැනීමට වෛද්‍යවරයා වෙත යොමුවීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. එමෙන්ම වෛද්‍යවරයා නියම කරන
ලද ඖෂධ ගැනීමම පමණක්ද ප්‍රමාණවත් නොවේ. නිරෝගිවීමට වෛද්‍යවරයා ලබා දුන් උපදෙස්
පිළිපදින අතර ඖෂධ ද පානය කළ යුතු වේ.
මනුෂ්‍යයාට කායිකව වැළඳෙන විවිධ රෝග වේ. ඒ කායිකව පැමිණෙන රෝග සුවපත් කර ගැනීමට
උත්සාහ කළ යුතු ය. නිරෝගීව ජීවිතය ගත කිරීමෙන් තමන්ගේ දෛනික කටයුතු සාර්ථක කරගත
හැකිය. එමෙන්ම උද්‍යෝගයෙන්, ක්‍රියාශීලීව ජීවිතය ගත කරන්නට ශක්තිය ලැබේ. නිරෝගීබව
උතුම් ලාභයකි. එම නිරෝගිබව ආරක්ෂා කර ගැනීම තමා සතු කාර්යයකි. නිරෝගිබව දුරුවෙන බව
දැන දැනම වුවද ඇතැමෙක් රෝගීවේ. තම ජීවිත පැවැත්ම උදෙසා ආහාර අත්‍යවශ්‍යය. සියලු
සත්ත්වයෝ ආහාරය මත ජීවත් වෙති. එහෙත් ජීවත් විය යුත්තේ ආහාරය පිණිසම නොවේ. තමා කන
බොන කෑම බීම ගැන අවධානය යොමු කළ යුතු ය. ආහාර අතර ශරීරයට අපත්‍ය ආහාරද පැවතිය
හැකිය. සුරාවට ලොල් වූ ජීවිත අකාලයේ විනාශ වී යන අයුරු සමාජයෙන් දැකිය හැකිව තිබේ.
ඒවායෙන් බැහැරව ලෞකික ජීවිතය නිරෝගිව පවත්වා ගෙන යාමට කල්පනා කිරීම උත්සාහ කිරීම
අගය කළ යුතු ය.
සම්බුදු දහම පරලොව සුගතිය ගැන පමණක් නොව මෙලොව ජීවිතය සුවපත්ව ගත කරන ආකාරය ගැනද
පැහැදිලි කරන උතුම් දහමකි. ශරීරයෙන් නිරෝගිබව දුරුවුවහොත් අනෙකුත් කටයුතු අඩාලවීම ද
ස්වභාවය වේ. ශාරීරක පැවැත්ම යහපත් කර ගත් තරමට නිරෝගිබව තහවුරු වේ.
කායික හා මානසික වශයෙන් රෝග විවිධාකාරය. ඇතැම් විට කායික සුවතාවය ආරක්ෂා වනුයේ
මානසික සුවය ආරක්ෂා වූ තරමටය. මානසික සුවය දිගාසිරි ලැබීමේ ද ප්‍රබල හේතුවකි. නන්
දෙසින් හිතට ගලා එන අපිරිසුදු සිතිවිලි සිතෙන් බැහැර කරගත් තරමට මනැස නිරවුල්ව
පවතී. සියලු ක්‍රියාකාරකම් උදෙසා තම සිත මුල් වෙයි. ප්‍රධාන වෙයි. අයහපත් සිතින්
හැමවිට සිදු කෙරෙනුයේ අයහපත් දෑමය. යහපත් සිතින් සිදු කෙරෙනුයේ යහපතමයි.
මෙත් සිතෙහි ඇති ආනිශංස බෞද්ධයා වෙත පැහැදිලි කළ යුතු නොවේ. සිතත්, ගතත් නිරෝගිමත්ව
තබා ගැනීමට උත්සාහ කිරීම, වගකීමවේ. සම්බුදු දහම මගින් ප්‍රායෝගික ජීවිතය වාසනාවන්ත
කර ගැනීමට කරන මඟ පෙන්වීම අප්‍රමාණය. දහම ගැන දැනුම ඇතිකර ගැනීම මෙන්ම ඒ දැනුම
අනුගමනය කළ යුතු ය. එවිට දහමෙන් ලද දැනුමෙන් ජීවිතය නිරන්තරයෙන් ආලෝකවත් කර ගත
හැකිය. ජීවිතයක අරමුණ අපේක්ෂාව විය යුත්තේ ආලෝකයෙන් ආලෝකය වෙත ගමන් කිරීමය. ඒ
ජීවිතාලෝකය උදාකර ගැනීමට ඇති නිසි මඟ සම්බුදු දහමට අනුව ජීවිතය ගත කිරීමය. සම්බුදු
දහම හා සම කළ හැකි ඖෂධයක් තිලොවම නොපවතින බව හැම විට කල්පනා කළ යුතු ය. කායික
මානසික සුවපත් බව ඇතිකර ගනිමින් මෙලොව ජීවිතය වාසනාවන්ත කරගත යුතු වේ.
|