උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ පැය 5 ක දහම් දෙසුමක් 4 වනදා
“ප්රත්යවේක්ෂා” ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහනේ තුන්වන පියවර ලෙස කරණීය මෙත්ත
සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශනාවක් මාර්තු 4 වන සෙනසුරාදා දවල් 1.30 සිට 6.30 දක්වා
පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේදී උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් පවත්වනු ලැබේ.
ප්‍රතිපත්ති පරිපූර්ණව පුරන්නේ නම් රහතුන්ගෙන් ලොව හිස් නොවන බව දැක්වෙන උතුම්
බුද්ධ වචනය අනුව යමින් නැවත නැවත තමන් පිළිබඳව සත්යාවාදීව විමසමින් වරදට නැඹුරුවන
සිත නිවැරදි කරගනිමින් අන් අයත් වරදින් මුදාලීම සඳහා තමා නිවැරදි වීමට මග පෙන්වීම
ප්රත්යවේක්ෂා වැඩපිළිවෙලේ ප්රමුඛ අරමුණයි.
ගිය වසරේ රුවන්වැලිසෑය පරිශ්‍රයේදී කාශ්‍යප හිමියන් විසින් අරියවංශ සූත්‍ර ධර්ම
දේශනාව පවත්වන ලදී. |