|
|
ඇල්පිටියේ අමුගොඩ
ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ ඉදිකරන ලද
සොක් ඉන් වොන් මහා නාහිමි සහ තලල්ලේ
ධම්මාලෝක අනු නාහිමි දෙමහල් ධර්ම මන්දිරය
ඉකුත්දා (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා අතින් විවෘත කෙරිණි. ශ්‍රී ලංකා
අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ
චන්දසිරි මහා නාහිමි, කුරුවිට සරණංකර මහා
නාහිමි, අමුගොඩ සෝමරතන අනුනාහිමි, අමුගොඩ
සෝමානන්ද නාහිමි, කොරියාවේ මියොන් ඉන් මහා
නාහිමි, ඇතුළු මහ සඟරුවන සහ පාර්ලිමේන්තු
ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත
කරුණාතිලක, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය
ශාන් විජයලාල් ද සිල්වා, හිටපු ඇමැති
පියසේන ගමගේ, ගුණරත්න වීරකෝන්, දායක සභාවේ
සභාපති අමිල කේ. කාරියවසම් යන මහත්වරු
ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව
සිටියහ. |
|
|
|
පිරිවෙන් 1 වසර සිසු හමුව කනංකේ රාජ මහා විහාර පිරිවෙනේදී
අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ උපදෙස් අනුව, මාතර දිස්ත්‍රික්කයේ
පිරිවෙන්වල අධ්‍යාපනය ලබන 1 වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සුහද හමුව හා වැඩමුළුව
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පල්ලේගම වංගීස, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දියලපේ සිද්ධත්ථ
හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කෘත්‍යාධිකාරි පරිවේණාධිපති සංගමයේ හා ගුරු
උපදේශක මණ්ඩලයේ සහයෝගයෙන් කනංකේ රාජමහා විහාර පිරිවෙනේ සංවිධානයෙන්
මෙම මස 27 දින පෙරවරු 08.00 සිට ප.ව. 04.30 දක්වා පැවැත්වේ.
ඉතිරිය»
|
|
නවම් අමාවක පෝය
නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා
ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා
ඉරිදාය.
මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.
|
|
|
|
|
|
|