අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි
අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාශීශ්වර
ධර්ම ප්‍රභා ධීරානන්දාභිධාන කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, උතුරුමැද පළාතේ
ප්‍රධාන සංඝ නායක කම්මට්ඨාන විශාරද අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන්ගේ 64 වන
ජන්ම දිනය නිමිත්තෙනි.
උන්වහන්සේ මෙලොව එළිය දකින්නේ 1953 ජනවාරි 26 වැනිදාය. බී.ඒ. ගුණතිලක මහතා හා
එම්.එම්. සෝමාවතී ගුරුමාතාව දෙමවුපියන් කොට සොයුරු සොයුරියන් 13 දෙනෙක් අතර හැදී
වැඩෙන මේ දරුවා බමුණු ආරච්චිලාගේ අබේසිරි එඩ්මන් චන්ද්‍ර කුමාර විය. නිසි වියේදී
පාසල් අධ්‍යාපනය ලැබීය. 1966 වෙසක් මස 30 වෙනිදා ආභිධම්මික වාගීශ්වර යාගොඩ
ධර්මප්‍රභ නා හිමියන් වහන්සේ ගුරුකොට ගනිමින් ශාසනයට ප්‍රවිශ්ඨව මාලිගාතැන්න විවේක
සේනාසනයට වැඩම කොට මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද නා හිමියන් ගේ මාර්ගෝපදේශකත්වය යටතේ
පස්මසක් කමටහන් ප්‍රගුණ කොට පසුව සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයට ප්‍රවේශ
වූහ.
මතුගම ශ්‍රී ධීරානන්ද නා හිමියන් යටතේ භික්ෂු වත පිළිබඳව අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ
අලුත්ගම බෝගමුව බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේදී නේවාසික භාවනා පාඨමාලාවක් හදාරා
1970 දී විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළු වූහ. අනතුරුව 1972 දී පේරාදෙණිය
විශ්වවිද්‍යාලයට ඇතුලත්වී 1982 දී “ශාස්ත්‍රවේදී” උපාධිය ලබාගත්හ. පසුව විජයපුර
භාවනා මධ්‍යස්ථානයේ ගුරු තනතුරටද පිරිවෙන් පරික්ෂක, භාවනා උපදේශක සහ අනතුරුව සහකාර
අධ්‍යාපන අධ්‍යක්ෂ ආදී තනතුරු ඇතුළු බොහෝ ඇගයීම්වලට හිමිකම් කීහ.
පිරිවෙන් ගුරු වෘත්තියෙන් සිය ශාසන මෙහෙවර ආරම්භ කළ උන්වහන්සේ සුවහසක් හිමිවරු නැණ
නුවණින් පෝෂණය කළ අතර සුවහසක් අගති ගාමි යොවුන් සිත් භාවනා සිසිලෙන් සිසිල්කොට
සුගති ගාමී, ධර්ම කාමි යොවුන් පරපුරක් දැයට දායක කළහ. එම නිසාම උන්වහන්සේ
‘කම්මට්ඨාන විශාරද’ ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.
අද වන විට උන්වහන්සේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජනීයත්වයට පාත්‍රවූ මහා පුණ්‍ය
භූමි ත්‍රිත්වයක් නිර්මාණය කර ඇත්තේය. ශීල භාවනා මධ්‍යස්ථානයක් ප්‍රතිස්ථාපනය කර
ඇත්තේය. මේ අනූපමේය ශාසන මෙහෙවරයන් කරද්දී 64 වන වියට පත්වන නා හිමියන් අද වන විට
‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභා ධීරානන්දාභිධාන කල්‍යාණි සාමගී‍්‍ර
ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක ,කම්මට්ඨාන විශාරද’ ආදි ගෞරව
නාම හා තනතුරුවලින් පිදුම් ලබමින් මතුමත්තේද ශාසන සේවාව සඳහා පාරමී පූරණය කරන්නාහ.
සද්ධාරංසි නා හිමිපාණන්ගේ ප්‍රථම ශාසනික මෙහෙවරද සම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ
කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් විය. ඒ නිර්මාණය වන්නේ බුදුසසුනෙහි සිව්වනක් පිරිස
නිර්මාණය වූ අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරයයි.
නා හිමියන්ගේ ඊළඟ ශාසනික මෙහෙවර වූයේ අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම නම්
වූ වනගත ගම්පියසේ සිරිසම්බුද්ධ ශ්‍රාවක චාරිකාරාම පුදබිම ඉදිකිරීමය.
2004 ආරම්භවී 2005 දී සංඝාවාසයට මුල්ගල තබා 2006 නොවැම්බර් 06 වැනි දින වන විට
නෙල්ලිකුලම වන ලැහැබ තුළ පුංචි දෙව්රමක් විවෘතවිය. අවුකන බුදුරුව හා සමාධි පිළිමය
නිර්මාණය කළ අපේ හෙළ කලාකරුවන් ගමන්ගත් මගෙන් ඔබ්බට ගිය සද්ධාරංසි මහා යතිවරයාණන්
තුළ සැඟවි සිටි. බෞද්ධ කලාකරුවා ජීවමාන කළ නෙල්ලිකුලම, සම්බුද්ධ චාරිකාරාමය මහා
බුදුබැතියකින් වන්දනාමාන කිරීමට දැන් විවෘතව පවතී. දිනක් මෙහි පැමිණි ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මහා පුණ්‍ය භූමිය දැක නා හිමිපාණන් වහන්සේට සතුට
පළකරමින් මෙවන් ශාසන සේවාවන් තව තවත් සිදුකිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා
කළහ.
සද්ධාරංසි නා හිමියන්ගේ මීළඟ ශාසනික මෙහෙවර වූයේ අනුරාධපුර නෙල්ලිකුලමට නුදුරු
කොක්කිච්චිය නමැති වනගත පෙදෙස තුළ සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය ඉදිකරවීමය.
අක්කර දහයක් පමණ වූ වනගත වපසරියක් තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය වගාකරනු සඳහා නිර්මාණය
කර ඇති බුදු පෙළහර විශ්මිත නිර්මාණයකි.
අනුරාධපුරය, තන්තිරිමලය පාරේ වන්නිහැලඔ වැව අභාවයට යමින් පැවතුන සිරිබෝධිරුක්ඛාරාම
විහාරස්ථානය වැඩි දියුණු කර එය බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පත් කිරීම සඳහා
සද්ධාරංසි නා හිමියන් විශාල කැපවීමක් කළහ. මෙම ගම්මානයේ වැසියන් උග්‍ර ජල හිඟයෙන්
පෙළෙන අතරම වසරකට එක කන්නයක් පමණ ගොවිතැන් කිරීමෙන් ජීවිකාව ගෙන යති. මේ ගම්වාසි
ජනතාව කෙරේ
කරුණාවෙන් යුක්තවූ නාහිමියන් වියළි ආහාර මලු බෙදා හරිමින්ද ගර්භනී මාතාවන්ට අවශ්‍ය
උපකරණ හා ඇඳුම් පැළඳුම් ලබාදීමෙන්ද ඔවුන් සුඛිත කිරීමට කටයුතු කළහ.
සම්බුද්ධ ශාසනයේ හෙට දවස වෙනුවෙන් දරුවන් සියයක් සසුන්ගත කළහ.
අනුරාධපුර ඇලයාපත්තුව රෝහලේ ඇඳන් 25 ක් සහිත රෝහල් වාට්ටුවක් සාදවා භික්ෂූන් වහන්සේ
උදෙසා වෙනම කොටසක් වෙන්කර දුන් සද්ධාරංසි නා හිමියෝ වෛද්‍යවරුන් සඳහාද කාමරයක්
සාදවා දුන් අතර මේ සඳහා රුපියල් ලක්ෂ 45 ක් පමණ වැය කළහ.
නිවාස අහිමි අන්ත දිළිඳු පවුල් දෙකක් සඳහා අනුරාධපුර දේවානම්පියතිස්සපුර ගම්මානයේ
අංග සම්පූර්ණ නිවාස දෙකක් සාදවා එම පවුල්වලට පරිත්‍යාග කළහ. රණවිරු පවුල්වලට මෙන්ම
ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන්ද පොත්පත් ආදිය පරිත්‍යාග කරමින් සමාජ සේවාවේ
නිරතවන උන්වහන්සේ පසුගිය කාලයේ ගංවතුරින් අනාථ වූ දහස්ගණනක් පිරිසට ආහාර පාන හා
අත්‍යවශ්‍ය භාණ්ඩවලින්ද උදව් උපකාර කළ අතර යුධ සමයේ ආබාධිත රණවිරුවන් උදෙසා කෘතිම
පාද ආදි අවශ්‍ය දෑ ලබා දුන්හ. මාස්පතා අසරණ රෝගීන් වෙනුවෙන් ඇලයාපත්තුව ග්‍රාමිය
රෝහලට රුපියල් දස දහසක අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම දැනට වසර දහයක් තිස්සේ
සිදුකරනු ලබයි. ඇලයාපත්තුව මහ විදුහලට විශාල අඩුපාඩුවක්ව පැවති බුද්ධ මන්දිරයන්
ලක්ෂ දහයක වියදමින් ඉදිකර දීම නා හිමියන්ගේ තවත් සමාජ සත්කාරයකි.
අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය
ප්‍රාර්ථනා කරමු.
සේනපුර ඩී. නිශ්ශංක
අනුරාධපුර නැගෙනහිර සමූහ)
කිරින්දේ චන්දසුමන නාහිමි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව
විසින් කිරින්දේ චන්දසුමන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහෝපාධ්‍යාය ධූරය
පිරිනැමීම කාලෝචිත පියවරකි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්ධරව වැඩ සිටි කෝදාගොඩ ශ්‍රී
උපසේනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා
රාමඤ්ඤ නිකායික වනවාස උපසම්පදාව කේන්ද්‍ර කරගත් වනවාසික භික්ෂු පිරිසේ
මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස වැඩසිටි මහෝපාධ්‍යාය කැකුණේවෙල ඉන්දගුත්ත
ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් පසු එම පිරිසේ මහා ස්වාමීන් වහන්සේ නමක් වෙත
මහෝපාධ්‍යාය තනතුරක් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාවෙන්
පිරිනැමෙන දෙවන අවස්ථාව මෙය වෙයි. පෞරාණික වනවාසික භික්ෂු ආකල්පවලින් පිරිපුන්
ශාස්ත්‍රපති පණ්ඩිත කිරින්දේ චන්දසුමන මහා ස්වාමීන් වහන්සේ සුපේශල ශික්ෂාකාමී
යතිවරයෙකු ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.
විනය පිටකය අටුවා ටීකා සහිතව තම ආචාර්ය විදර්ශනාචාර්ය පිළිකුත්තුවේ ඤාණවිලාස මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් දැන උගත් උන්වහන්සේ ලොකු කුඩා විනය කර්ම පිළිබඳ
ප්‍රායෝගික ඤාණය අතින් ඉදිරියෙන් වැඩ සිටිති. උන්වහන්සේ වැනි පිරිපුන් යතිවරුන්ගේ
ආදර්ශය හා සේවාව ශාසනයට අත්‍යවශ්‍යමය. විදර්ශනාචාර්ය පිළිකුත්තුවේ ඤාණවිලාස මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු පැවරුණ ශාසනික වගකීම් භාරය තරුණ
භික්ෂුවරයෙකු ලෙස පිළිගනු ලැබූ උන්වහන්සේ තම පිරිසෙහි ශාසනික උපසම්පදා විනය කර්ම
පවත්වාගෙන යාමට ඇප කැපවී ක්‍රියාකරති. භික්ෂු පිරිසේ පැවිදි උපසම්පදා, අධ්‍යාපනය
ආරක්ෂාව සුඛවිහරණය ආදි කුදු මහත් සියලු දේ සොයා බලමින් උන්වහන්සේ තම වගකීම ඉතා
හොඳින් ඉටුකරගෙන යති.
විශ්ව ශක්ති වැඩසටහනේ නිර්මාතෘ
ආචාර්ය
දෙල්දූවේ ඤාණසුමන හිමි
වැලිවුල්ලේ දමිත නා හිමි
මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරාධිපති මොරටුව ශාසනාරක්ෂක මණ්ඩලයේ
ලේඛකාධිකාරි ,ප්‍රවීණාචාර්ය ,ශාස්ත්‍රපති වැලිවුල්ලේ දමිත හිමියන් වෙත ශ්‍රී ලංකා
අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මගින් “ශ්‍රී
සුමංගල වංශාවතංස ඤාණාලෝක වංශාලංකාර සද්ධර්මාචාර්ය විද්‍යාකීර්ති ශ්‍රී “ යන ගෞරව
නාම සම්මුතිය සහිතව සම්මාන නායක පදවියක් පිරි නමා තිබේ. අභිනව වැලිවුල්ලේ දමිත නා
හිමි පිළිගැනීමේ උළෙල පසුගියදා මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රාම විහාරයේදී
පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම වැලිවුල්ල ගම් පියසේදී 1971 අගෝස්තු මස 05 වැනිදා
දමිත නා හිමි ජන්මලාභය ලැබීය. බදුල්ල උඩපෝරුව විද්‍යාලයෙන් ගිහිකල ප්‍රාථමික
අධ්‍යාපනය ලැබූ අතර 1983 ජනවාරි 12 වැනිදා පැවිදි බිමට පත් විය. පසුව මොරටුව ද
සොයිසාරාම විහාරස්ථ සිරිසුමංගල සිරිනිවාස මූලික පිරිවෙනින්ද, නුගේගොඩ සුභද්‍රාරාම
විද්‍යායතන පිරිවෙනින්ද අනුක්‍රමයෙන් ධර්මවිනය භාෂා ශාස්ත්‍රය මැනවින් හැදෑරීය.
1991 දී මොරටුව ද සොයිසාරාමාධිපති මලවැන්නේ ඤාණාලෝක මා හිමිගේ ආචාර්යත්වයෙන්
අම්බලන්ගොඩ මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබීය.
පසුව රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරු පුහුණු පාඨමාලාව ඉතා සාර්ථකව
නිම කළ වැලිවුල්ලේ දමිත නා හිමියෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන්
ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, තත් විශ්ව විද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධියත් ලැබූහ.
පරිවේණාචාර්යවරයෙකු සේම දැනටත් පරිවේණාධිපති හිමිනමක ලෙසද එදා මෙදා තුර පාරිවේණික
අධ්‍යාපන ක්ෂේත්‍රයට දමිත නා හිමි සිදුකරන සේවාව ඉතා ප්‍රශස්ත මට්ටමක පවතියි. උන්
වහන්සේගේ ශාසනික සේවාවන් අතර මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානය
අභිනවයෙන් ආරම්භ කිරීම වෙසෙසින් කැපී පෙනෙයි.
මෙම ලෝක ශාසනික හා අධ්‍යාපනික සේවාවන් නිසාම සම්මාන නායක පදවියකින් පිදුම් ලැබූ
වැලිවුල්ලේ දමිත නා හිමි පිළිගැනීම සඳහා මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම
විහාරස්ථානයේදී පැවැති උළෙලට අම්බලන්ගොඩ සුමංගල මහ නා හිමි, කොටුගොඩ ධම්මාවාස මහා
නා හිමි, ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස
රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් ප්‍රමුඛ සම්භාවනීය
ප්‍රභූහු රැසක් ද සහභාගි වූහ.
ඌරුගමුවේ අස්සජි හිමි |