බුදුපිළිමයේ උපත - 43:
ජේතවනාරාමය
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
සුන්දරී පරිබ්‍රාජිකාව රූපශී‍්‍රයෙන් ඉතාමත් සෝභන ළඳකි. එහෙත් ඇය පරිබ්‍රාජිකාවකි.
සුදු වස්ත්‍ර හැඳ පොරවා වසන පරිබ්‍රාජිකා නිකායට අයත් ඇය උදෙන්ම මෙසේ කීප දවසක්ම
ජේතවනාරාමය දෙසට යාම දුටු බොහෝ දෙනෙකුගේ කුතුහළයට හේතුවක් විය.
‘භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයෙන් පැහැදුණූ වෛද්‍ය කෝමාරභච්ච” ජීවක තුමා ස්වකීය
අඹ වනයෙන් උන්වහන්සේට පිදුවේ මෙ සමයේය. භාග්‍ය වතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද
රටවැස්සන්ගෙන් මහත් ගෞරවාදර සත්කාර දුටු, තීර්ථකයෝ ඉවසිය නොහැකිව භාග්‍යවතුන්
වහන්සේට අපකීර්තියක් ඇති කිරීමෙහි “සුන්දරී” නම් රූපශ්‍රීයෙන් යුත් පරිබ්‍රාජිකාව
මෙහෙය වූහ. ඕ තොමෝ සුදු හඳිනා පොරෝනා පරිබ්‍රාජිකා නිකායට අයත් තැනැත්තියකි.
සුන්දරී මනාව හැඳ පොරවා මල් ගඳ විලවුන් ඇඟ ගල්වා සැරහී ජේතවනාරාමයෙන් මහජනයා සවස බණ
අසා එන වේලාව බලා විහාරය අතට යයි. කොහි ගියේදැයි ඔවුන් ඇසූවිට ජේතවනාරාමයට යන බව
කියා ගොස් ආරාම ප්‍රාකාරයෙහි දොරටුව සමීපයෙහි සක්මන් කොට දොර වැසූ විට නුවරට යයි.
නැවත පසුදා උදේ ජේතවනාරාමයට ගොස් ගඳකිළිය සමීපයේ මල් සොයන්නියක සේ හැසිරෙයි.
බුද්ධෝපස්ථානයට ආ මිනිසුන් “අර යන්නේ සුන්දරී පරිබ්‍රාජිකාව නේද” සුන්දරී තොප ඔය
සැරිසරන්නේ කොහේද? ඇයි ඔබ මේ ජේතවනාරාම ගඳකිලිය අසල මෙහෙම ඇවිදින්නේ. “මං මේ මේ
......උදේ පාන්දරින්ම මෙහෙ ආවේ......
ඔව්... ඒක තමයි අපිත් අහන්නේ මේ ජේතවනාරාමයේ ගඳකිලිය ළඟ මල් සොයන්නියක වාගේ මේ
මොනවාද සොයන්නේ අපටත් කියව.
එවිට යම් කිසිවක් කියා සුන්දරී පරිබ්‍රාජිකාව මගහරී. මෙසේ දින පසළොසක් පමණ ගත වූ
පසු එක් රැයක තීර්ථකයෝ රහසින් ඇය මරවා ජේතවන පොකුණ අද්දර වළක් කපා එහි වැළලීය.
පාන්දරින්ම සුන්දරී නැතැයි කියා මහා ඝෝෂා කරමින් තීර්ථකයෝ කලබල කරන්නට වූහ. සුන්දරී
නැති බව කොසොල් රජුටද ඔව්හු දන්වා සිටියහ. ඔවුන් කැමති තැනක ඇවිද ඇය සෙවීමේ
කටයුතුවලට තීර්ථකයන්ට කොසොල් රජු විසින් අවසර දෙන ලදී. මේ අනුව තීර්ථකයෝ ජේතවනාරාමය
පිහිටි පුදබිමට ඇතුළුවී සුන්දරී පරිබ්‍රාජිකාව සොයන්නවුන් සේ හඟවා එහා මෙහා
ඇවිදින්නට වූහ. සුන්දරී මරා වැළලූ තැනින් සිරුර ගොඩගෙන ඊළඟට කළ යුතුදේ ඔව්හු කතිකා
කරගත්හ. ඉන්පසු ඔව්හු ශ්‍රමණ ගෞතමයන් සහ භික්ෂූ සංඝයා විසින් ඇය මරා ජේතවනාරාමය අසළ
සගවා තිබී හමුවූ බව කීහ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ මළ සිරුර ඇඳ තබා ගෙන නුවරට ගොස්
මේ ගැන තව තවත් ජනතාවට තීර්ථකයෝ ප්‍රචාරය කළහ. නුවර බොහෝ ජනතාව මේ ගැන කතා බහ
කරන්නට වූහ. බුදුරජාණන් වහන්සේ අලුයම නුවණින් ලොව බලා වදාරණ සේක්. එදින තීර්ථකයන්
අපකීර්තියක් උපදවන බව දැන ඔවුන්ගේ බොරු චෝදනා පිළිගෙන මහජනයා මා කෙරෙහි නිකරුණේ
කෝපයට පත්වී අපාය ගාමි නොවේවායි සිතු සේක. මෙසේ සිදුකළ ඒ අපකීර්තිමත් කාර්යය ගැන
ඔවුන් කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ උන්වහන්සේ වැඩ සිටි ගඳ
කිළියේ දොර වසා ඇතුළේම වැඩ උන් සේක. බුදුරජාණන් වහන්සේ පිඬු පිණිසවත් නො වැඩි සේක.
භික්ෂූහු පිඬු සිඟා වැඩම කළහ. ඒ දුටු සමහර මිනිස්සු භික්ෂූන් වහන්සේලා දැක නොයෙක්
නොයෙක් පරුෂ වචන කියමින් ඒ භික්ෂූන් වහන්සේලාට දොස් කීහ.
අනඳ තෙරුන් වහන්සේට මේ සියලුම තොරතුරු දැන ගැනීමට ලැබුණි. ඒ බව අනඳ තෙරුන් වහන්සේ
බුදුරජාණන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තීර්ථකයෝ ඉතා දරුණු අන්දමින් අපට බැන වැදී ඉතාමත් නරක
ලෙසින් අපකීර්තියට පත් කළහ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට මෙහි වාසය කිරීම බොහෝ
අපහසුය.මේ ජම්බුද්වීපය ඉතා විශාල වූ රටකි. වෙනත් ප්‍රදේශයකට වැඩම කරමු.
බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ මේ කතාව ඉතා කරුණාවෙන් අසා සිටි සේක. ඉන්පසු
බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළ සේක. “ආනන්දය ඒ යන ප්‍රදේශයේත්
මෙසේම අපට අපකීර්තියක් ඇතිවුවොත් කුමක් ද කරන්නේ.
අනඳ තෙරුන් ඉතා දුක්මුසු ස්වරයෙන් මෙසේ බුදුරජාණන් වහන්සේට කීවේය.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස වෙනත් නුවරකට වඩිමු” මෙය ඇසූ බුදුරජාණන් වහන්සේ නැවතත්
ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළ සේක.
“ආනන්දය, ඉක්මන් නොවන්න බලාපොරොත්තු සහගතවන්න. මේ නින්දා අපහාස ඝෝෂා පවතින්නේ
සතියක් පමණකි. සමහරු දුෂ්ට චේතනාවෙන්ම චෝදනා කරති. තීර්ථකයෝද එසේමය. ආක්‍රෝශ
කෙරෙති. දුෂ්ට සිතින් බොරුවෙන් දොස් නගති. ඔවුන්ගේ කතා ඇසු සමහරු ඒවා විශ්වාස කර
ගරහති. එහෙත් බුද්ධමුනි තෙම නිර්දෝෂ බැවිනුත් නොකිපෙන බැවිනුත් ඒ ගර්හා අපහාස
කිසිවක් නොසළකයි. නොපිළිගනියි. කිසිවක් කෙරෙහි රාගයෙන් රැඳීමකට ද්වේශයෙන් විෂම බවකට
හෝ මෝහයෙන් මුලා බවකට නොපැමිණෙයි.”
මිනිසුන් නින්දා අපහාස කරන විට භික්ෂූහු කුමක් කියන්නේදැයි බුදුරජාණන් වහන්සේ අනඳ
තෙරුන් ගෙන් ඇසූහ. කිසිවක් නොකියතැයි අනඳ තෙරුන් බුදුරජාණන් වහන්සේට කීවේය. මම
සිල්වත්මියි හැම විටම නිහඬව සිටිය යුතු නොවේ.
දොස් නගා බොරු කියන්නා නිරයට යයි . තමා පව්කොට ඒ නො කළෙමියි කියන්නා නිරයට යයි.
නිහීන කර්ම කළ ඔහු දෙදෙනාම පරලොවදී දුක් විඳින්නාහු සමවෙත්යැයි ඒ චෝදකයනට මෙසේ
පෙරළා චෝදනා කරවයි වදාළ සේක. භික්ෂූහු ද එසේම කළහ. නුවණැති මිනිස්සු ඒ අසා නිශ්ශබ්ද
වූහ.
කොසොල් රජුද මේ තොරතුරු අසා රාජපුරුෂයන් සෑම තැනම යවා පරීක්ෂා කොට තීර්ථකයන්ගෙන්
අල්ලස් ගෙන සුන්දරී මරා දැමු ධූර්ථයන් අල්ලා ඔවුන්ට නිග්‍රහකොට ඔවුන් ගෙන් එපවත්
දැන තීර්ථකයන්ට නින්දා කළේය. මිනිස්සුද තීර්ථකයන්ට දුටු දුටු තැනදී භාග්‍යවතුන්
වහන්සේට මොවුන් අපහාස කළැයි කියා ගල් මුගුරුවලින් ගැසූහ. ඔවුන් කළ අපරාධය ඔවුන්
පිටම පැමිණි බව වදාරා බුදුරජාණන් වහන්සේ ඒ මුල්කොට ගෙන දම් දෙසූ සේක. සතියක් ඉක්ම
ගිය පසු කොසොල් රජ විසින් සුන්දරී ගේ මළකුණ ඉවත් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ
වැඳ මෙසේ කීවේය. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස! මෙවැනි වූ අයසක් වූ විට මටත්
දැන්විය යුතු වන්නේදැයි කීවේය. භාග්‍යවතුන් වහන්සේ මහ රජ මම සිල්වතෙකි
ගුණසම්පන්නයෙකැයි කියා අනුනට දැන්වීම ආර්යයනට නොවටී”. කොසොල් රජුට ධර්ම දේශනාවක්ද
කළ සේක.
(අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමිපාණන් වහන්සේ ලියු ශාක්‍ය
මුනිද්‍රවාදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය ආශ්‍රයෙනි. )
|