බුදුපිළිමයේ උපත - 41:
විශාඛාවයි පූර්වාරාම පූජාවයි
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා M sc පර්යේෂණ
විශාඛා මහා උපාසිකාව පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ විස්තර සඳහන්වේ. විශාඛාවන්ගේ
විවාහය, දූ දරුවන්, විශාඛාවගේ මේල පළඳනාව හා බුදුරජාණන් වහන්සේට පූර්වාරාමය සාදවා
පූජා කිරීම මේ අතරේ ප්‍රධාන කරුණුවලට ඇතුළත්වේ. විශාඛා මහා උපාසිකාවට "මිගාරමාතා"
යන නාමයක්ද භාවිතා වූ අන්දම ආදී තවත් බොහෝ තොරතුරු අපට හමුවේ. (අනාථ පිණ්ඩික) හෙවත්
අනේපිඬුසිටාණන් ජේත කුමරුගෙන් එම උයන මිලදී ලබාගෙන ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට
පූජා කළේ ය. කෝසල රාජ්‍යයට අයත් පසේනදී කෝසළ හා ඉතා ධනවත් විශාඛාව කෝසල දේශයේ වාසය
කළ මහෝපාසිකාවකි. ඇය පූර්වාරාමය පිදීම ද ඉතා ප්‍රකට වූ පුවතකි.
( 2500 years of buddhism – prof p.v. bapat minstry of
information and broadcasting govt of india p. 26 – 1956 )
එකල ඒ සැවැත්නුවර මිගාර නම් සිටාණන්ගේ පුතණුවෝ පූර්ණවර්ධන නම් කුමාරයෝ වැඩිවිය
පැමිණියහ. එකල මව්පියෝ පුතණුවන් කැඳවා තොප කැමති ශරණාත් කියවයි කීහ. පූර්ණවර්ධන
කුමරුවෝ රූ ඇත්තෙකැයි මානය ඇතියහ. එසේ හෙයින් ස්ත්‍රියක පාවා දෙතොත් පංච
කල්‍යාණයෙන් යුක්ත වූ උත්තම ස්ත්‍රියක පාවාදුන මැනව. නැතහොත් මම ශරණ නොකැමැත්තෙමැයි
කීහ. (පූජාවලිය පිටු. අංක 346 )
ඉන් පසු මිගාර සිටුවරයා වේද වේදාන්ත දන්නා බමුණන් එකසියඅට දෙනෙක් කැඳවා ඔවුන් හා
කතාබහ කර එයින් බමුණන් අට දෙනෙකු තෝරාගෙන මුළු දඹදිව ඇවිද ඒ පංච කල්‍යාණයෙන් යුත්
කුමාරිකාවක් පුතුට සොයා දෙවයි, ඒ බමුණන්ට කීවේ ය. ඉඳින් තොප ඉතා රූ ඇති එවන්
පංචකල්‍යාණයෙන් යුක්ත වූ කුමරියක දුටුවේ නම් ලක්ෂයක් වටිනා මේ ස්වර්ණමාලය ඒ
කුමාරිකාවට පළඳවා වහා එවයි යැවූය. ඒ බමුණන් අට දෙනා තෙසැට දහසක් ජනපදවල ඇවිද පංච
කල්‍යාණයෙන් යුක්ත එවන්වූ කාන්තාවක් නොදැක නැවත සැවැත් නුවරට එන්නාහු ඒ ධනංජය
සිටාණන් වසන සාකේත නුවරට පැමිණියහ.
‘එකල ඒ නුවර අවුරුදු පතා නැකත් කෙළි කෙළනා උත්සවයක් වීය. එදා මතු මහලයෙන් යටිමහලට
නොබස්නා යටිමහලෙන් එළිපත පැන පිටතට නොයන කුල ස්ත්‍රීහු තමන් තමන් ගේ ගෙවලින් නික්ම
පිරිවර හා සමග සියලු සතුනට පෙනි පෙනී උයන් පොකුණු ගංතොට ආදියෙහි සිත් සේ කෙළිමින්
සෙමින් ඇවිදිනාහුය. එදවස රජ, බමුණු, වෙළෙඳ, ගොවි සිව්කුලයෙහි ශ්‍රීමත් වූ සල්ලාල
පුරුෂයො අද අප හා සමාන කුල ඇති උත්තම ස්තී‍්‍රන් සිත් සේ බලම්හ සුවඳ මල් කඳුගෙන ඒ ඒ
සන්ධියෙහි සිටගෙන කැමති කැමති කුලස්ත්‍රීන් කරට මල්දම් දමා සිත්සේ සිටිනාහුය.
එවේලෙහි විශාඛාවෝ පසොළොස් සොළොස් හැවිරිදි වයසින් ස්වර්ණාභරණයෙන් දෙවඟනක සේ සැරසී
පන්සියයක් පරිවාර ස්ත්‍රීන් පිරිවරා ගඟදිය කෙළියට යන්නාහු ඒ ශාලාව කරා පැමිණියහ.
එකෙනෙහි මහා මේඝයක් නගා වැස්සක් දිව ආය. පන්සියයක් කුමාරිකාවරු ඔවුනොවුන් පරදවා
ශාලාවට වන්හ. බමුණෝ (අට දෙනා) ඔවුන් පන්සීයක් දෙන බලා පංච කල්‍යාණයෙන් යුක්ත වු එක
ස්ත්‍රියකුද නොදුටුවාහුය. විශාල වූ ශාලාවට එන විශාඛාවෝ වැසි ගුගුරා වසිද්දීත් ඇඟ
ඩාපෙනකුත් නොසොල්වා ස්වභාව වූ ගමනින්ම. අසුව අවුදින් ශාලාවට වන්හ. ඇය පැළඳි ආභරණ හා
ඉණ තිබූ සළුව එක පැහැර තෙමි ගොස් තිබිණි.
එවේලෙහි (ඉහත සඳහන් කළ බමුණන් අට දෙනා) දෙවඟනකසේ එන විශාඛාවන් දැක දිව දිව
සන්සලයෙන් නොඑන නියාවක් නිශ්චලව ඇත් ගමනින් ඇඟ නොසෙල්වා ස්ත්‍රී ලීලායෙන් එන
නියාවත් දැක මහපොළව සේ ධෛර්ය සම්පන්න වූ ඉතා පිනැති දරු කෙනෙකැයි කිය කියා සිටියහ.
(පූජාවලිය පි.348 )
මෙසේ ශාලාවට පැමිණි විශාඛා කුමරිය ගැන විමසිලිමත් වූ බමුණෝ සතර මහා කල්‍යාණ ලක්ෂණ
දැක දන්ත කල්‍යාණ ලක්ෂණය ශබ්ද මාධුර්යය දැකීමට නම් ඇය හා කතා කළයුතු යැයි සිතූහ.
එසේ සිතා මහත්කොට සිනාසී බමුණෝ ඇයගේ මධුර ස්වරය ඇසූහ.
එබස හා සමගම ඒ විශාල වූ ශාලාව රන්මිණික හඬකින් මධූර නාදයක් ඇසුණි. බමුණන් ඒ
විශාඛාවගේ මධුර කටහඬ අසා සතුටු වූහ. තවද ඔවුහු විශාඛාවන් හා කතා කළහ.
නැගණියනි, නුඹගේ සූරකම් කියම්හ නුඹගේ මෙතෙක් පරිවාර ස්ත්‍රී හැට දෙනාම නොතෙමී මේ
ශාලාවට දිවගෙන ආහ. නුඹ උන් හැමදෙනාට පළමුව ඇවිදින වස්ත්‍රාභරණ තෙමාගෙන පසුව ආවේ
නුඹගේ අතපය සිහින් දැයි ඇසූහ. එබසට විශාඛාවෝ කියන්නාහු ආචාර්යවරුනි. එසේ නොකියව මම
කාය බල ඇත්තෙමි. කාරණා කාරණා දනිමි. දිවීමෙහි ආදිනවයක් නිසා සෙමෙන් සිට ආමියි කීහ.
ආදීනව නම් කිම්දැයි බමුණෝ විචාළහ.
එවේලේ විශාඛාවෝ කියන්නාහු. මේ ලෝකයේ සතර දෙනෙක් දිවෙන අවස්ථාවෙහි ඉතා නොසිරියෙකි.
ඔවුහු කවරහුද යත් ඔටුනු පළන් ලොවට අධිපති රජු ය. රජුගේ මඟුලැතුය. තාපස කෙනෙක්
දිවයෑම යම් ස්ත්‍රියක පුරුෂයෙකු සේ දිව යන්නේ නම් නොහොබි යැයි විශාඛාව කීවාය. රජුය,
මගුලැතුය. තපස්හුය. ස්ත්‍රිය යන සතර දෙනා නොදිවිය යුත්තාහ. මම ද ඊට අයත්වෙමි. ඒ
නිසා මම දුවගෙන නොආවෙමි. බමුණෝ ගොස් විශාඛාව ගැනත් ධනංජය කියූ දේවල්ද මිගාර
සිටුවරයාට කීහ. විශාඛාවන්ගේ පියාණෝ දියණියන්ට මේල පළඳනාවක් කරවයි. ගණ රන් සහ සතර
නැළියක් පබලු හා මැණික් ලබා දී එය සාදවන ලදී.
ඒ මේ පළඳනාව පැළඳ ගත් වේලෙහි විශාඛාවන් ඉස් මුදුණෙහි නටන මොණරෙකුසේ ශෝභමානය. දහසක්
රන් පත් සුළංගත් කළ පංචාංගික කාර්ය නාදයේ මධුර නාද ඇසෙයි. ළඟ දුටු කෙනෙක් පළඳනාව
යැයි දනිත්. මේ පළඳනාව නව කෙළක් රන් පමණ අගනේ ය.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ආපසු සිටුමැදුරට ගිය විශාඛාවන්ට මේ පළඳනාව අමතක විය.
ඉන්පසුව එය ඇය යළි භාර ගැනීමට කැමති වූයේ නැත. එය විකුණා ලබන මුදලින් බුදුරජාණන්
වහන්සේට ආරාමයක් සාදා පිදීමට ඇය කැමැති වූවාය විකිණීමට තැබූ මේ පළඳනාව ගැනීමට
පොහොසත් කිසිකෙනෙකු ඒ සැවැත්නුවර නොවූහ. ඒනිසා ඇයම එය සඳහා මිලදි ගෙන ඒ වියදමෙන්
පූර්වාරාමය කරවා විශාඛාවෝ බුදුරජාණන් වහන්සේට පූජා කළාය.
බුදුන්ට විහාරයක් කරවා දන් දෙමැයි සිතා මේළ පළඳනාව රථයක තබා නුවර මුළුල්ල ඇවිදවා එය
මිලදී ගන්නා පොහොසත් ස්ත්‍රියක් නොවූහ. නවමසකින් නිමවා ඒ පූර්වාරාමය බුදුරජාණන්
වහන්සේට විශාඛාව විසින් පූජා කරන ලදී.
|