ආයෝජනය කළ යුත්තේ කුමක් සඳහාද?
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
පාණදුරේ පසන්න හිමි
අනාගතය සාර්ථක කර ගැනීමට අප විසින් මේ ජීවිතයේදී බොහෝ ආයෝජනයන් සිදු කරනු ලබයි.
තමන්ගේ පරලොව යහපත උදෙසා කුමක් ආයෝජනය කළ යුතුද? යන්න අප සාකච්ඡා කරමු.
අතීත ජීවිතයේදී ආයෝජනය කළදේයි මෙලෙස අප භුක්ති විඳින්නේ. වර්තමානයේ කරන ආයෝජනය
අනාගතයට අප රැගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අප පෙර ජීවිතවලදී විශාල
ආයෝජනයක් කර මේ ජීවිතයේදී මනුස්ස ආත්මයක් ලැබුවා. මේ ආයෝජනයේදී ඇස, කන, නාසය, දිව,
කය කියන පංච ඉන්ද්‍රියයන් හොඳින් පිහිටා තිබෙනවා. කාටවත් අත නොපා ජීවත්වීමත් අප කළ
ආයෝජනයක්.
ඉදිරි අනාගත ජීවිතය වාසනාවන්ත වීමට කළයුතු හොඳම ආයෝජනය දාන, සීල, භාවනාවයි. එය මේ
ජීවිතයේදී මෙන්ම පරලොව ජීවිතයේදීත් සාර්ථක ආයෝජනයක් වෙනවා.
යහපත් ආයෝජනයක් සඳහා දස පුණ්‍යක්‍රියා පිළිවෙතක් ගැන සටහන් හමුවෙනවා. මෙය
ත්‍රිපිටකයේ සඳහන් නොවුණත් පසු කාලීනව පොළොන්නරු යුගයේ ලියවුන සමහර ග්‍රන්ථවල මේ
පිළිබඳව සඳහන් වෙයි. ඉන්පසු අනුරාධපුර යුගයේ අග සිට මේ වනවතුරු දස පුණ්‍යක්‍රියා
ක්‍රියාත්මක වෙයි. මේ දස පුණ්‍යක්‍රියා ඉදිරියට කරනු ලබන ආයෝජනයක් බව සඳහන්. දැනට
පරිහරණය කරන ගේ දොර, වතුපිටි, නිල බලය, කාය බලය, යාන වාහන සියල්ල බලපවත්වන්නේ මරණය
තෙක් පමණයි. ඒ ආයෝජනය මරණයේදී ගෙන යා හැකි දෙයක් නොවේ. අපට මේ ජීවිතයේදී සංඝයා
උදෙසා ඉඩමක් පූජා කොට මරණින් මතු දිව්‍ය ලෝකයේ උපතක් ලැබුවේනම් ඒ වෙනුවෙන් දිව්‍ය
විමාන පහළ වෙයි. මනුස්ස ලෝකයට ආවේනම් ඒ සම්බන්ධ දේ ලැබෙයි.
ඒ නිසා අනාගත ආයෝජන කියා කරගත යුත්තේ තමන් තමා වෙනුවෙන් කර ගන්නා දේයි. තමන්ගේ
ජීවිතයේ තමන්ට සැප පිණිස පවතින්නේ අප විසින් කර ගන්නා පිනයි. පරලොවදී අපට සිටින
මිතුරාත් නියම ආයෝජකයාත් වන්නේ පින සහ කුසලයයි.
දස පුණ්‍යක්‍රියා මෙලෙස විස්තර වෙයි.
1. දන්දීම - දානය යනු දීමයි. පරිත්‍යාගය යනු සම්පූර්ණයෙන් අත හැර දීමයි. කිසිදු
බලාපොරොත්තුවක් නැතිව නිවන අවබෝධය පිණිස යැයි සිතා අතහැරීමයි. පරිත්‍යාගයේදී තමන්ගේ
ඇස්, මස්, ලේ ආදිය දන් දීමයි. 2. සීලය - තමා තුළ තිබෙන හික්මීම, හැදියාවයි. මනසින්
කය, වචනය, දමනය කර ගැනීම, පාලනය කර ගැනීම සීලයයි. පංචසීලය, අටසීලය, දස සීලය, සාමණේර
සීලය, උපසම්පදා සීලය ආදී කොටස්වලට බෙදෙයි. සිල්වතා නිරෝගියි. පි‍්‍රයමනාපයි. 3.
භාවනාව - හිත වැඩු විටයි ප්‍රඥාව වැඩෙන්නේ. සිත නොවැඩු විට ප්‍රඥාව නො වැඩේ. අප පෙර
ජීවිතවලදී හොඳින් භාවනා කළ විපාකය මතයි මේ මානසික තත්ත්වය ලැබුණේ. අද සමාජයේ කෙතරම්
දෙනා සිටිනවාද පින්, පව් නොතේරෙන අය. ඒ අය භාවනාවට සිත යොමු කර නැති බව වැටහෙනවා.
අපේ සිතට නිරන්තරයෙන් සිතිවිලි ගලාගෙන එනවා. එය පාලනය කිරීමට භාවනාව උපයෝගි වෙනවා.
ඒ වගේම කුසල් සිතිවිලි වර්ධනය කර ගැනීම භාවනාවයි. 4.පත්තිදාන – පරලොව ගිය ඤාතීන්ට
පින් අනුමෝදන් කිරීම. මව්පිය, වැඩිහිටි, ගුරුවරු ආදීන් පරලොව සැපත් වූ කල්හි ඔවුන්ට
අනුකම්පා කොට කරුණාවෙන්, මෛත්‍රීයෙන් පින් අනුමෝදන් කළයුතු වෙයි. එය ආධ්‍යාත්මික
ශක්තියක් බැවින් පින අනුමෝදන් කරන විට ආයෝජනයද වැඩිවෙයි. 5. පත්තානුමෝදනා - අනුන්
කරන පින් දැක එයට බොහෝ සේ සතුටු වෙයි. ඒ පින අනුමෝදන් වෙයි. 6. වෛ්‍යයාවච්ච –
වතාවත් වත්පිළිවෙත් කිරීම. විහාරස්ථානයේ ත්‍රිවිධ ස්ථානයන් පිරිසුදු කිරීම, ගෞරව
කිරීම ආදිය වෙයි. ධනය, කාලය, ඤාණය, කැප කර වතාවත් සිදුකිරීම. නිවසේ සිටින මව්පියන්ට
සැලකීමත් වතාවත්වලට අයත්. 7. අපචායනය - ගෞරව කළයුතු සිල්වතුන්ට ගුණවතුන්ට පිදිය
යුතු උතුමන්ට පිදීම මෙයින් අදහස් කෙරේ. 8. ධර්ම දේශනා කිරීම - අන් අයගේ යහපත උදෙසා
මනස දියුණු කිරීම සඳහා ධර්මය කියාදීම මෙහි අදහසයි. 9. ධර්ම ශ්‍රවනය – බණ ඇසීම
තුළින් සිදුවෙන්නේ සසර ගැන බයක් ඇතිවීමයි. ඒ තුළින් තමන්ට තමන් පැහැදිලි කර ගැනීමට
අවස්ථාව තිබෙනවා. තමන්ගේ අඩුපාඩුකම් ගුණවත්කම් තමාටම තේරෙනවා.
10. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීම - ඇසූ ධර්මයට අනුව තමා තුළ තිබෙන
මිථ්‍යාදෘෂ්ඨි අදහස් අතහැර තමන් පිළිබඳව තමන්ගේ කටයුතු පිළිබඳව තමාගේ සිත, කය, වචනය
පැවැත්වීම පිළිබඳ සෘජුභාවයක් ඇතිකර ගැනීම. එය ගැඹුරට යන විට චතුරාර්ය සත්‍ය පිළිබඳව
අවබෝධයයි.
මෙසේ ක්‍රියා කිරීමෙන් මේ ලෝකයේදීත් මෙන්ම පරලොවත් සුගති සම්පත් ලබාගෙන සසරින්
එතෙරවීමට අවස්ථාව උදා වෙනවා මෙන්ම දස පුණ්‍යක්‍රියා අප කරන පින් අනුව හොඳ ආයෝජනයක්
බවද මතක තබා ගත යුතුවෙයි.
සාකච්ඡා කළේ - නයනා නිල්මිණි |