අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සම ලේඛකාධිකාරි
ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය
රාජකීය පණ්ඩිත, දර්ශනපති
බලපිටියේ සිරිසීවලී නාහිමි
දකුණු සිරිලක වැලිතොට (බලපිටිය) මහකරාවේ ඤාණවිමලතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
ආදි කර්තෘත්වයෙන් ක්‍රි.ව. 1803 දී ආරම්භ වූ අමරපුර භික්ෂු වංශය නිසා ලක්දිව
බුදුදහම හා ශාසනය ජනසතු වූවා යැයි කිවහොත් එය සැබෑ සත්‍යයකි. ලක්දිව හා නානා
පළාත්වලින් ගම්නියම්ගම්වලින් ඇදී ආ සාධු ජනයා මහණ උපසම්පදාව ලදින් අමරපුර නිකාය ආදී
විවිධ පළාත්වලට ද විහිදී පැතිරුණි. අවුරුදු පනහක් පමණ අඛණ්ඩව පවත්වාගෙන හා අමරපුර
නිකාය ක්‍රි.ව. 1848 දී බලපිටිය මෝදර උදකුක්ඛේප සීමාමාලකයේ දී සිදු කරන ලද උපසම්පදා
විනය කර්මයක දී හටගත් විනය ප්‍රශ්නයක් මත දෙකඩ විය. ලංකාගොඩ ශී‍්‍ර ධීරානන්ද තෙරුන්
වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් සීමා සංකරයක් සිදු සිදු වුණා යැයි කරුණු ගෙන හැර දැක්
වූ අතර මහකරාවේ විමලසාර තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් සංකරයක් සිදු නොවුනා
යැයි කරුණු ගෙනහැර දැක්වීම නිසා මෙය ‘සීමාසංකර වාදය’ ලෙස ප්‍රචලිත විය. මෙම
දෙපිරිසෙන් ලංකාගොඩ ධීරානන්ද තෙරුන්වහන්සේගේ මතය පිළිගත් රන්දොඹේ” ධම්මාලංකාර
තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිස කි.ව. 1856 දී වැලිකන්දේ ශ්‍රී සුදර්ශනාරාමයට
රැස්ව ලංකාගොඩ නාහිමියන්ගේ ආචාර්ය වූ කපුගම ධම්මක්ඛන්ධ තෙරුන් වහන්සේට බුරුම රජු
විසින් පිරිනමා තිබුණු ‘සද්ධම්මවංසපාල රාජාධිරාජගුරු’ යන ගෞරව නාමයේ ‘සද්ධම්මවංස’
කොටස ගෙන එයට ‘සිරි’ යන්න මුලින් යොදා ‘සිරි සද්ධම්මවංස නිකාය’ යන නාමය තබා
‘සුධර්මා’ නමින් දස නමකගෙන් යුත් කාරක සංඝ සභාවක් ද පිහිටුවා ක්‍රමානුකූලව කතිකාවත්
ආදිය සකසා වෙනම නිකායක් ලෙස කටයුතු කළහ. අද ‘අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය’
යනුවෙන් හඳුන්වන්නේ මෙම භික්ෂු පිරිසයි. ඒ අනුව සිරි සද්ධම්මවංස මහා නිකායේ නියම
ආරම්භක වර්ෂය ක්‍රි.ව. 1856 වර්ෂයයි.
1878 වර්ෂයේ දී ස්වේජින් සයාතෝ නම් මහාධම්ම රාජාධිරාජගුරු ජාගර මහා තෙරුන් වහන්සේ
බුරුමයේ සිට ලක්දිවට වැඩම කොට වැලිතර මහාකප්පින වලවවේ දී අමරපුර නිකායික මෙම භික්ෂු
දෙපිරිස සමගි සම්පන්න කිරීමට කටයුතුකළත් එය සාර්ථක නොවුණු බව උන්වහන්සේම සිය
ලංකාසාසන විසුද්ධිකථා නම් පාලි ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. මෙම සද්ධම්මවංසික භික්ෂු
පිරිසට උපසම්පදා විනයකර්ම සිදුකිරීම සඳහා වැලිතර මහා කප්පින වලව්වේ කළුහත් සැම්සන්
ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ වාසල මුදලිතුමා සිය වලව්ව අසල මාදුනදියේ ක්‍රි.ව.
1878 දී සීමාමාලකයක් කරවා, දානමානාදී සියලු පහසුකම් ද සැලසුවේය. මෙම සීමාමාලකය
ස්වේජින් සයාතෝ නම් ජාගර තෙරුන්ගේ මූලිකත්වයෙන් පිහිටු වූ නිසා එය ‘ස්වේජින්’ සීමා
මාලකය’ නමින් හඳුන්වයි. ස්වේජින් යනු ජාගර තෙරුන් උපන් බුරුම දේශයේ ඇති ගමකි.
අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ
අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර නාමාවලිය
1.අතිපූජ්‍ය ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද මහා නාහිමි
2. අතිපූජ්‍ය කරපුටුගල ධම්මදින්න මහා නාහිමි
3. අතිපූජ්‍ය රන්දොඹේ ධම්මාලංකාර මහා නාහිමි
4.අතිපූජ්‍ය කොස්ගොඩ සුමංගල මහා නාහිමි
5.අතිපූජ්‍ය මාදම්පේ ධම්මතිලක මහා නාහිමි
6.අතිපූජ්‍ය කරපුටුගල ධම්මරතන මහා නාහිමි
7.අතිපූජ්‍ය බෝගහපිටියේ සීලක්ඛන්ද මහා නාහිමි
8.අතිපූජ්‍ය වැලිතර සිරිසුදස්සන මහා නාහිමි
9.අතිපූජ්‍ය තලල්ලේ ධම්මරක්ඛිත මහා නාහිමි
10. අතිපූජ්‍ය දික්වැල්ලේ සංඝතිලක මහා නාහිමි
11.අතිපූජ්‍ය පොහද්දරමුල්ලේ ඤාණානන්ද මහා නාහිමි
12. අතිපූජ්‍ය මාපලානේ පඤ්ඤාලංකාර මහා නාහිමි
13.අතිපූජ්‍ය මාදම්පිටියේ ජිනානන්ද මහා නාහිමි
14.අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස මහා නාහිමි
15. අතිපූජ්‍ය තලල්ලේ ධම්මානන්ද මහා නාහිමි
16.අතිපූජ්‍ය කොස්ගොඩ ජිනාලංකාර මහා නාහිමි
17.අතිපුජ්‍ය බළන්ගොඩ සුධම්මවංස මහා නාහිමි
18.අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා නාහිමි (වර්තමාන මහ නාහිමි)
නිකායේ කප්පියකාරක ප්‍රධාන දායකත්වය
ක්‍රි.ව. 1878 වර්ෂයේ සිට නිකායික සියලු කටයුතුවල දී දායකත්වය සපයමින්, විශේෂයෙන්ම
වාර්ෂික උපසම්පදා විනය කර්මයේදී සිව්දෙසින් වඩින මහා සංඝරත්නයට මෙන්ම සියලු ගිහි
පින්වතුන්ටද අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැලසූයේ වැලිතර මහාකප්පින වලව්වේ රාජපක්ෂ
මුදලි පරම්පරාවයි.
1.කළුහත් සැම්සන් රාජපක්ෂ වාසල මුදලිතුමා
2.කළුහත් ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා
3.කළුහත් හියුබට් රාජපක්ෂ හාමු මැතිතුමා
4.ටී.එල්.සී. රාජපක්ෂ හාමු මැතිතුමා
5.වයලට් රාජපක්ෂ හාමු මැතිනිය
6.ජයනාත් රාජපක්ෂ හාමු මැතිතුමා
එම පරම්පරාවේ උරුමක්කරුවන් ලෙස දැනට යස්ටින් ෂෙරින් රාජපක්ෂ අබේසිංහ, ඇලෙක්සැන්ඩර්
එඩ්මන් රාජපක්ෂ අබේසිංහ හා අධිනීතිඥ රුවනා රාජපක්ෂ යන මහත්ම මහත්මාවෝ සුජිවත්ව
සිටිති.
වර්තමානය වන විට සිරි සද්ධම්මවංස මහානිකායට ලක්දිව පුරා වෙහෙර විහාරස්ථාන 463 ක්
පමණ අයත්ව තිබේ. භික්ෂු සංඝයා වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැඩසිටින අතර
අතිපූජ්‍ය බටුවන්හේනේ මෙත්තාරාම, අතිපූජ්‍ය කොස්ගොඩ සුභූති, අතිපූජ්‍ය දික්වැල්ලේ
තිස්ස, අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද හා අතිපූජ්‍ය රත්මලානේ සිරිසුනීත යන මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිව්නම අනුනායක පදවි දරති. ‘සුධර්මා’ කාරක සංඝ සභාව
සභිකයන් වහන්සේලා තිස්එක් නමකගෙන් සැදුම් ලත් අතර ප්‍රාදේශීය සංඝ සභාද 12 ක්
ක්‍රියාත්මක වේ. |