|
|
දහසක් බුදුවරුන් විහාර මන්දිරය තුළ මෙසේ
මූර්තිමත් කෙරේ. |
|
|
අනුරාධපුර කොක්කිච්චිය
සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය
අනුරාධපුර, උතුරුමැද පළාතේ ප්‍රධාන අගනුවර බවට පත්වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. ඒ
1873 දීය. අනුරාධපුර පූජා නගරය ගැන කිසියම් තැකීමක් ඇතිවූයේ 1948 දී ශ්‍රී ලංකාවට
නිදහස ලැබීමෙන් පසුවය.
නව නගරයක් ඇතිකිරීමත්, පැරණි නගරය පූජා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත්, මින්
පසුව සිදු විය. පැරණි ස්මාරකයන් රැක ගැනීම හා ඒවා සංරක්ෂණය කිරීමට 1890 දී පුරා
විද්‍යා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන ලදී. මෙහි කැණීම් හා සංරක්ෂණ කටයුතු 1884 දී
ඇරඹිණි. එතැන් සිට මේ දක්වා පැවති රජයන්වල අනුග්‍රහය මත පූජා නගරයේ විවිධ සංවර්ධන
කටයුතු සිදු කෙරිණි. නමුත්, තත්ත්වය මෙසේ පවතිද්දී රජයේ හෝ වෙනත් කිසිදු මූල්‍ය
ආයතනයක අනුග්‍රහයක් නොලැබ දායක පිරිස්වල උදව් උපකාර ඇතිව පූජා නගරය ආසන්නයේම මහා ඝන
වනාන්තරයක් මධ්‍යයේ බුදුසිරිත විදහා දැක්වෙන ‘සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය’
නමින් එළිමහන් පුදබිමක් නිර්මාණය කිරීමට අනුරාධපුර සිරිසඟබෝ භාවනා
මධ්‍යස්ථානාධිපති, ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර ධර්ම ප්‍රභධීරානන්දාභිධාන’
ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝ නායක හා රජරට
පාර්ශවයේ උපාධ්‍යාය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අදහසක්
පහළ විය.
ඉතිරිය» |
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට
ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි
04 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.
|
|
|
|
|
|
|