මරණය බෞද්ධයාට කනගාටුවට ශෝකයට කාරණාවක් නොවෙයි
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මෙහි
තවත් කොටසක්
පොසොන් අව අටවක (ජුනි 27) පත්‍රයේ පළ විය.
ලෝකය තුළ සිදුවන කුමන කාරණාවක් තේරුම් නොගත්තත් ස්වභාවය තේරුම් ගැනීම අවශ්‍යමයි.
සැම දෙයටම එකම එක ස්වභාවයක් ඇත. එම ස්වභාවය නම් අභාවයයි. අභාවය ස්වභාවය දිගටම
කල්පනා කළහොත්, එය දිගින් දිගටම සිතුවහොත් අමා මහ නිවන් දැකිය හැකි කාරණාවක්. ලෝකයේ
තිබෙන සෑම දෙයකම ස්වභාවය අභාවයයි. ලෝකයේ තිබෙන සෑම දෙයකම අභාවය ස්වභාවයයි. මරණය
සඳහා අප පාවිච්චි කරනු ලබන්නේ එම ගැඹුරු අර්ථයයි.
පණ යන ක්‍රමය පිළිබඳව දාර්ශනිකව සිතපු නිසා එක එක වචන නිර්මාණය වෙලා තිබෙනවා. මරණය
සදහා භාවිත කර ඇති වචනවල විශාල අර්ථ ගැබිවෙලා තියෙනවා. එම වචන තේරුම් ගැනීම වැදගත්
.
“අන්තරා වෙනවා” යන වචනයේ තේරුම අනතුරක් කියන එකයි. මිනිසකුට සිදුවිය හැකි විශාලම
අනතුර මරණයයි. අනතුරකට පත්වීම අන්ත්‍රාවයි. නැති වෙනවා යනුවෙන්ද මරණය සඳහා ප්‍රකාශ
කරනු ලබයි. “නැතිවෙනවා” යන වචනයේ අර්ථය තියෙනවා, නැතිවෙනවා යන්නයි. තිබෙන්නාවූ කුමන
හෝ දෙයක් තිබුණාට කවදා හෝ දවසක නැතිවෙනවා යන්නයි. සියලුම දේ තිබුණට කවදා හෝ දවසක
සියල්ලම නැති වෙනවා යන පොදු නම මරණය සඳහා පාවිචිචි කරයි. ගස් ගල්, සත්තු මල් යන
සියලු දේ නැති වෙනවා වගේ ශරීරයත් නැතිවෙනවා. නැතිවෙනවා යන කාරණාව මහා පොදු ලක්ෂණයක්
. ශරීරය නැතිවෙනවා යනු එම මහා පොදු ලක්ෂණයේ එක කාරණාවක් පමණයි. කාලයාත්‍රා කරනවා යන
වචනයේ අර්ථය ගත්විට මහ මුහුදේ මහා සාගරයේ නැවි බෝටිටු යාත්‍රා කරනා බව අප දන්නා
කාරණාවක්. නැවි සහ බෝටිටු වතුරේ යාත්‍රා කරයි. කාලයත් එවැනි ආකාරයෙන් ගමන් කරයි.
කාලය අප පසුකරගෙන යාම මරණයයි. සැම වෙලාවක් තුළම නොනවත්වා සිදුවන කාරණාව නම් කාලය
ගමන් කිරීමයි. දවස් තුන්සිය හැට පහ තිස්සෙම උදේ සවස රාත්‍රී නොනවත්වාම සිදුවන
ක්‍රියාවලියයි. නැවතීමකින් තොරව කාලය ගමන් කිරීම කාලය යාත්‍රාකිරීමක් වෙයි. කලුරිය
කරනවා යන ක්‍රියාවලියත් එයම වෙයි. එනිසා අපගේ ශරීරයේ තිබෙන කාලය ඉවර වීම කාලයාත්‍රා
කිරීමයි.
හිල්වුණ කළයකින් වතුර ගලනවා වගේ ආයුෂ ගලාගෙන යයි. දරුවකු උපදිනවා යනු වතුර පුරවපු
කළයක් ගෙදරට ගේනවා වගෙයි. වතුර පිරුණ කළයක් ගෙදර රැගෙන එනවිට එම කළය හිල්වෙලා
තියෙනවා නමි,කළයට වතුර පුරවලා තිබෙනවා නමි, නිතරම සිදුවන එකම දෙය නම් , සෑම මොහොතකම
වතුර ගලාගෙන යාමයි. නොනවත්වාම වතුර ගලාගෙන යාමෙන් අවසානයේ වතුර ඉවරවෙලා කළය පමණක්
ඉතිරි වෙයි. කළය ඉතිරි වෙද්දී වතුර ගලාගෙන යනවා වගේ ශරීරය ඉතිරි වෙද්දි වයස ගලාගෙන
යයි. එය කාලයාත්‍රා කිරීම හෙවත් කාලය ගමන් කිරීමයි. එම නිසා කාලය ගමන් කරනවා යන
අර්ථය වැදගත් වෙයි ශරීරය නියමිත වයස ඉවර වෙනවා යනු මරණයයි. ලංකාවේ සිංහලයන් මරණය
පිළිබඳව භයංකර මාතෘකාවක් ආකාරයෙන් අර්ථවත් කරයි. බුදුපියාණන් වහන්සේගේ දහම මැනවින්
ස්ථාපනය වුණ මේ රටේ මරණයට තිබෙන ලස්සනම වචනය අභාවප්‍රාප්ත වෙනවා යන්නයි.
අභාවප්‍රාප්ත යන්න වැදගත් වචනයක් වෙයි. භාවය යනු ඉන්නවා තියෙනවා යන අර්ථයයි. අභාවය
යනු තිබුණ දෙයක් නැතිවෙනවා යන අර්ථයයි. ප්‍රාප්ත වෙනවා යනු පත්වෙනවා යන්නයි. ලෝකයේ
තිබුණ සෑම දෙයක්ම අනිවාර්යෙන්ම නැති වෙනවා. ගස් ගල් , මල් සත්තු අභාවප්‍රාප්ත වෙයි.
අභාවප්‍රාප්ත වීම මිනිසුන්ට පමණක් සිදුවන කාරණාවක් නොවෙයි. හැමෝටම සිදුවන එකම දෙය
අභාවප්‍රාප්ත වෙන එකයි. හැමෝම අභාවප්‍රාප්ත වෙනවා නම්, අනිවාර්යෙන්ම අභාවප්‍රාප්ත
වීම කල් ඇතිව වටහා ගැනීම අවශ්‍යයි. අභාවප්‍රාප්ත වීම අතිශය සාමාන්‍ය සිදුවීමක්.
ක්‍රි. ව. 5 වන සියවසේ ලංකාෙවි තිරියාය ප්‍රදේශයේ සාදා තිබෙන ගිරිහඩුසෑය තුළ
සංස්කෘත සෙල්ලිපියෙහි සදහන් කොටසක ශ්ලෝක පද්‍ය හයක් ලියැවී තිබෙන අතර එම වාක්‍ය
ලියා අවසන් වූ විට අවසාන වාක්‍ය ලෙස අභාවං ස්වභාවං සර්ව ධර්මාං යනුවෙන් සදහන් කොට
ඇත. අභාවං ස්වභාවං යන සංස්කෘත ඛණ්ඩයෙහි අර්ථය වශයෙන් අභාවය ස්වභාවය ලෙසද ස්වභාවය
අභාවය ලෙසද දැක්විය හැකිය.
එම නිසා ලෝකය තුළ සිදුවන කුමන කාරණාවක් තේරුම් නොගත්තත් ස්වභාවය තේරුම් ගැනීම
අවශ්‍යමයි. සැම දෙයටම එකම එක ස්වභාවයක් ඇත. එම ස්වභාවය නම් අභාවයයි. අභාවය ස්වභාවය
දිගටම කල්පනා කළහොත්, එය දිගින් දිගටම සිතුවහොත් අමා මහ නිවන් දැකිය හැකි කාරණාවක්.
ලෝකයේ තිබෙන සෑම දෙයකම ස්වභාවය අභාවයයි. ලෝකයේ තිබෙන සෑම දෙයකම අභාවය ස්වභාවයයි.
මරණය සඳහා අප පාවිච්චි කරනු ලබන්නේ එම ගැඹුරු අර්ථයයි.
පරලෝකප්‍රාප්ත වෙනවා යනු බොහොම ගෞරවනීය ආකාරයක පැමිණීමක් වන අතර එය පරලෝකයට
සම්ප්‍රාප්ත වෙනවා යන ගාමිභීර වචනය මරණය සඳහා පාවිචිචි කරනු ලබයි. පරලොව සැපත්
වෙනවා යනු ද එයම ෙවි. එම නිසා වැදගත් කාරණාව නම් මරණය පිළිබඳව අප සතුව තිබුණාවූ
දැනුම, මරණය පිළිබඳව අප සතුව තිබුණාවූ හැඟීම ඉතාම සාමාන්‍යයෙන් ගැඹුරු ඤාණයක් තිබුණ
බව අප වටහා ගත යුතුයි. මරණය පිළිබඳ අප ඉතාම ගැඹුරින් බලන්නට පෙළඹුණා එම නිසාම මරණය
අපට මහත් සංවේගයට කාරණාවක් වුණේ නැහැ. මරණය අපට විෂාදයට හේතුවක් වුණේ නැහැ. මරණය
අපට කළකිරීමට කාරණාවක් වුණේ නැහැ. මරණය ඇත්ත ඇති සැටියෙන් බැලීමටත් දැකීමටත්
අවශ්‍යයි කියන දෘෂ්ටියෙන් අප මරණය දෙස බැලුවා. එය හැටියක් හෙවත් ස්වභාවයක් ලෙස
දකින්න උත්සාහ කළා. එය වළක්වන්නත් බැරි තවදුරටත් වළක්වාලිය නොහැකි සිදුවීමක් ලෙස
දැක්කා. බෞද්ධයන් එම දෘෂ්ටියෙන් බැලූ නිසා මරණය අපට දැනුනේත් තේරුනේත් එය අතහැර
යාමක් හැටියට විතරයි. ශරීරය අතහැර යන විට මිනිස්සු කල්පනා කරනු ලැබුවේ ශරීරය අතහැර
වෙනත් ශරීරයක් ගැනීමට යන්නේ විඤ්ඤාණයයි. එම ශරීරයත් පාවිච්චි කරන වාහනයක් වගෙයි.
ටික කලක් පාවිච්ච් කළ වාහනයක් ඉවත් කළ විට වෙනත් වාහනයකට ගොඩවෙලා යනවා වගෙයි. එම
හොඳ වාහනය ගැනීමට නම් පින් රැස්කර තබාගත යුතු බවට හැඟීමක් අප තුළ තිබුණා. අද අද එයි
මරු පින් කර ගන්නේ යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවේත් එම නිසාමයි. එම නිසා මරණයට මුහුණ
දීමට පින් කර ගැනීමට වුවමනා කරන්නේ මරණයෙන් වැළකීමට නොවේ. මරණයේදී සිදුවන්නේ අලුත්
ශරීරයක් නැවත ලබාගැනීමේදී සුවපහසු ශරීරයක් ලබාගැනීමයි. එය අලුත් වාහනයක් ගන්නවා
කියන අර්ථයෙන් ගත් විට අලුත් වාහනය ගන්න නම්, හොඳ මුදලක් තිබීමට අවශ්‍යයි. ඒ වගේම
අලුත් ශරීරයක් අලුත් ජීවිතයක් ගන්නා විට පින් තිබිය යුතුයි. පින් කරනු ලැබුවේ ඒ
සඳහායි. නිවන් දැකීමටම නොවෙයි. මරණය බෞද්ධයාට කනගාටුවට ශෝකයට කාරණාවක් නොවන අතර
මරණය සිංහලයාට නිවන සඳහා අරමුණක් වෙයි. මරණානුස්සති භාවනාව නමින් භාවනා ක්‍රමයක්
තිබෙන අතර එම භාවනාව වැඩීම යනු මරණය පිළිබඳව යථාව තේරුම් ගැනීමයි.
ජීවිතය තේරුම් ගන්නා සේම මරණයද තේරුම් ගත යුතු වෙනවා. ජීවිත තේරුම් ගන්නා තරම්
ෙවිගයෙන් මරණය තේරුම් ගන්න වෙනවා.මරණය තේරුම් ගත් විට ජීවිතය තේරුම් ගැනිම පහසු
වෙනවා. මරණය ජීවිතයක නිමාවක් වෙනවා සේම තවත් ජීවිතයක ආරමිභයක්ද වෙනවා. එම නිසා මරණය
යනු ශරීරයක් අතහැර තවත් ශරීරයක් ලබාගන්නා සමිප්‍රේෂණීය අවස්ථාවයි. එම කාරණාව
තේරුම් අරගෙන ශරීරයේ සැබැව තේරුම් ගෙන සසර පැවැත්ෙමි සැබෑවත් වටහාගෙන මරණයේ
ස්වභාවයත් තේරුම් ගෙන අමා මහ නිවනින් සැනසෙන්නට ඔබට හැකියාව ලැබේවා.
- හේමමාලා රන්දුනු |