බුදුපිළිමයේ උපත - 16:
දුෂ්කර ක්‍රියාව
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
ළදරු වයසේ සිට වයස අවුරුදු විසිනවය වන තෙක් නිතරම පැවති නැටුම්,ගැයුම්, වැයුම් හා
ඇසුරු කළ අයගේ කතාබස් ආදී වශයෙන් කිසිදු නිසි විවේකයක් නොලැබ කාලය ගත කළ සිදුහත්
කුමරාට ඒ සියල්ලෙන් වෙන්වී මෙසේ හුදකලාව වාසය කිරීම ඉමහත් සැනසිල්ලට කාරණයක් විය.
අනුපිය අඹවනයට පිවිසි බෝධිසත්වයන්වහන්සේගේ සිතේ උපන් විවේකය නිසා ජීවිතයේ
යථාතත්ත්වය මෙනෙහි කිරීමට අවස්ථාව ලැබුණි. සතියක්ම එහි කල් ගෙවූහ. සා පිපාසාදියක්ද
නොවීය. මේ හැර මහත්වූ වියෝගයෙන් ඇතිවන පි‍්‍රයවිප්‍රයෝග දුක දරාගන්නට මාගේ
පියාණන්ටත් කුඩා මෑණියන් වහන්සේටත් යසෝධරාවන්ටත් නන්ද කුමාරයාටත් නන්දා කුමරියටත්
සෙසු ඥාතීන්ටත් යන හැම දෙනාටම හැකිවේවායිද එයින් කිසිම කෙනෙකුට විපතක් නොවේවායිද
සිදුහත් බෝධි සත්වයන්වහන්සේ අධිෂ්ඨාන කළසේක.
|
පාකිස්තානයේ
ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම ප්‍රතිමා වහන්සේ ගන්ධාර
මූර්ති කලාවට අයත්වේ. |
ඉන්පසුව බෝසතාණන්වහන්සේ එක් පෙරවරුවක රජගහනුවරට පැමිණියේය. පිඬුසිඟා වැඩම වීමට කාලය
බැවින් උන්වහන්සේ පාත්‍රයද රැගෙන නික්මුණහ. එහි රජ කරන බිම්බිසාර රජු දැක තමන්
හඳුනාගත හොත් එයද නොමැනවි යැයි සිතූ බෝසතාණන්වහන්සේ එසේ කවදාවත් දැක නැති බිම්බිසාර
රජුට මේ බව දැනගතහොත් (රාජපුරුෂයන් මඟින්) සංග්‍රහ සද්කාර ලැබෙනු ඇත. එහෙත් දානමය
සද්කාර ලැබීම නුසුදුසු බව සිතූ බෝසතාණන්වහන්සේ ගෙපිළිවළින් පිඬුසිඟා වැඩියහ. එහි
සිටි ජනතාව බෝසතාණන් වහන්සේගේ රූප ශ්‍රී දැක මවිතයට පත්වූහ. මහා බ්‍රහ්මයා කිසියම්
මිනිස් වෙසකින් පැමිණ ඇතැයි ද සමහරු සිතූහ. කෙසේ හෝ රාජපුරුෂයෝ බිම්බිසාර රජුට මේ
පුවත සැළ කළහ. බිම්බිසාර රජු රාජ රාජ මහාමාත්‍යාදීන් පිරිවරා සිදුහත්
බෝසතාණන්වහන්සේ වැඩ සිටි පාණ්ඩව පර්වතයට පැමිණියේය. බෝසත් තෙමේ රජු හා කතාබහ කර
සියලු තොරතුරු කියා සිටියේය. ඉන් පසු සිදුහත් කුමරු ගිජුකුළු පව්වට ගොස් උදේ වරුවේ
විසාලා මහනුවරට පැමිණියේය. ආලාර කාලාම, උද්දකාරාම යන පිරිවැජියන් වසන ස්ථානවල සිටි
නමුදු තමන්ට ඒ කිසිවකින් අර්ථයක් නොවන බව දැන නික්ම ගියහ.
මේ අතර සුද්ධෝදන රජතුමා තම පුතනුවන්ට උපස්ථාන කිරීම සඳහා තොරතුරු සෙවීමටද දූතයන්
යෙදවීය.එම දූතයින් සුද්ධෝදන රජුට පැවසුවේ කිසිදු උපස්ථායකයෙක් බෝසතාණන් වහන්සේට
නැති බවය. මේ ඇසූ සුද්ධෝදන රජුත් සුප්‍රබුද්ධ රජුත් වෙන වෙනම ඒ සඳහා දූත පිරිස්
යැවූහ.
ඒ පිරිසෙහි වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජි යන තවුසන් පස්දෙනා පමණක්
බෝසතාණන්වහන්සේ තමන් වෙත රඳවා ගත්තේය. මෙයින් කොණ්ඩඤ්ඤ යනු බෝසතුන්ගේ නම් තබන
වේලාවෙහි එහි සිටි බමුණෙකි. සිදුහත් තවුසාණෝ රජගහනුවරට පැමිණ ගයා ශීර්ෂයෙහි වැඩ
වාසය කළහ. පස්වග තවුසන් උපස්ථාන කළද සිදුහත් බෝසතාණන්වහන්සේ පි‍්‍රය කළේ හුදකලාව
විසීමටය. එහි වසන සමයේ ඒ සය නම සේනානි ගමට පිඬු සිඟා වැඩියේය.
ඒ කාලයේ භාවනාව ප්‍රගුණ කළ ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සමය ඉගෙන ගැනීමෙන් පසුව එයින්
සෑහීමකට පත් නොවූ එතුමා තමා විසින්ම සොයාගත් මාර්ගයක් අත්හදාබැලීමට තීරණය කළේය. මහ
බෝසතාණෝ ඉතා දුෂ්කරවූ වෘත පුරන්නට වූහ. උන්වහන්සේ තමන් ලබා තිබුණු ධ්‍යාන අතුරෙන්
රූපාවචර චතුර්ථධ්‍යානයට සමවැද ආශ්වාස ප්‍රශ්වාස දෙකම නවතා අප්‍රාණකධ්‍යානය වඩන්නට
පටන් ගත්හ. එවිට කන් සිදුරුවලින් වාතය මහ හඬින් නික්මෙන්නට වන තියුණු බුරුම විදින
කටුවකින් හිස විදුනා විටෙක මෙන් දරුණු හිස රුජා නැගෙන්නට විය. කුමක් වුවත් මෙය
තවදුරටත් වඩමියි සිතා මහත් උත්සාහයෙන් දෙකන් සිදුරෙන් නික්මෙන වාතය රඳවාගත්හ. එවිට
වරපටෙකින් හිසවැරයේ බැන්ඳ විටෙක ලෙසින් දරුණු හිස රුජා (වේදනාව) ඇතිවිය. මුවහත්
කැත්තකින් කපනා කලෙක මෙන් කුස තුළ මහත් බරක් නැඟිණ.
තවත් ධ්‍යානයක් වඩන බෝසතාණන්වහන්සේ එයින් වන කිසිම පීඩාවකින් පසුව පසුබට
නොවූහ.බෝසතාණන්වහන්සේට මෙම ධ්‍යාන වඩනවිට බලවත් පුරුෂයන් දෙදෙනෙක් දුබලයෙකු
ගිනිඅඟුරු වළකට දමා තවන කලෙක මෙන් කයෙහි දැවිල්ල ඇතිවිය. මෙසේ දැඩිව කාය දාහය නිසා
සිහි මූර්ජා වී සක්මන් මළුවෙහි ඇද වැටුණි.
(ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බලන්ගොඩ
ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ පි.53 -1986)
මෙසේ සිද්ධාර්ථ තවුසාණන් උරුවෙල් දනව්වේ මහාවනයෙහි ශරීරයට අධික වධ දෙමින් ක්‍රියා
කිරීම දුටු පස්වග පරිබ්‍රාජිකයින් සිදුහත් බෝසතාණන්වහන්සේ හැරදමා යන්නට සිතමින්
සිටියහ. මෙම දුෂ්කර ක්‍රියාව කළ ස්ථානය බුද්ධගයාව අසළ අදත් දැකගත හැකිය.
මෙම දුෂ්කර ක්‍රියාව නිරූපණය කරන ඉතා අගනා මූර්තියක් ගන්ධාර කලා නිර්මාණයට අයත්
ලාහෝර් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. එය ලොව ඉතා ප්‍රකට මූර්තියකි. සිද්ධාර්ථ
තවුසාණන් දුෂ්කර ක්‍රියා කිරීම නිසා ඇඟමස් සහ නහර වියැළී ඇති අන්දම තාත්වික ලෙසින්
ගන්ධාර මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කර ඇත.
|