UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක – 2015.09.05

සතර පොහොය

කාලය කළමනාකරණය හෙවත් දවස පුරාම කාල සටහනක් අනුව කටයුතු කළ උත්තමයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. කාල සටහනකට අනුව කටයුතු කිරීමට ලොවට ඉගැන්වූ උත්තමයාද බුදුරජාණන් වහන්සේය. පෙර බත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස සහ පැසුළු යම් කිස යනුවෙන් උන්වහන්සේ දවස පුරා කටයුතු කළ ආකාරය මැනවින් පැහැදිලි වේ.

පොහොය දින සම්මත වූයේ ද උපාසක උපාසිකාවනට එක් දිනයෙක, එක් වේලාවක පන්සලට පැමිණ බුදුන් වැඳ, බණ දහම් අසා යෑමේ පහසුව සඳහාය. එසේ පොහොය දිනය ආගමික දිනය ලෙස කෙතෙක් දුරට තහවුරු වූයේදැයි විමසා බැලීම වටී. සක් දෙවිඳුන් පවා මනුෂ්‍ය ලොව වෙසෙන මනුෂ්‍යයන් පින් දහම්හි නිරත වන අයුරු බලන්නට පැමිණෙන බව සඳහන් වේ. එහෙත් පොහොය නොවන දිනයන්හිද පන්සලට යෑමට බණ දහම් ඇසීමට බුදුදහමෙන් කිසිදු බාධාවක් නැත.

ව්‍යවහාර මාස ක්‍රමයට අනුව මසකට පොහොය දින හතරෙකි. එනම් පුර පසළොස්වක, අව අටවක, අමාවක හා පුර අටවක එම පොහොය දින සතරයි. එහෙත් අපේ බොහෝ බෞද්ධයන් දැනුම්වත්ව සිටින්නේ පුර පසළොස්වක දිනය පිළිබඳව පමණි. එසේ වුවද ග්‍රාමීය පමණක් නොව නාගරිකවද පෞරාණික විහාරස්ථානවලදී ඉහත දක්වන ලද සතර පොහොයටම පෙහෙවස් සමාදන්වන සිල් පිරිසගෙන් අදපවා අඩුවක් නොවන බවද සඳහන් කළ යුතු ය. ඈත අතීතයේ පටන් එසේ වසරකට සතර පොහොය දින හතළිස් නවයක් හෝ පනහක් යෙදේ.

සතියේ දිනවලදී බෞද්ධයා තම ලෞකික, භෞතික දියුණුව උදෙසා දැහැමින් ධනය ඉපයීමේ යෙදුන අතර සතර පොහොය දිනවලදී ගුණ නුවණ දියුණු කර ගනිමින් ආධ්‍යාත්මික සුවය සඳහා කාලය කැප කරන්නට විය. ඒ නිසාම සමාජයේ බොහෝ විට අපරාධ වැළකී ගියේ ය. ලෝ වැසියන් පුදුමයට පත්කර වන තරම් දැහැමි රටක් විය. සදාචාරය දියුණු කළ හැකි ක්‍රම අතර සතර පොහොයටම බෞද්ධ ජනතාව පන්සලට යෑම, සීල සමාදානය, නිතර ධර්ම ශ්‍රවණය කිරීම, භාවනා ආදී පුණ්‍ය කර්මයන්හි නිරතවීම ආදිය වේ.

පොහොය දින පන්සලට යන එන බෞද්ධයා වෙනුවෙන් පන්සලේ දී ක්‍රමවත් ආගමික වැඩසටහනක්ද සම්පාදනය විය යුතු ය. සාමාන්‍යයෙන් නිවසේ දිවි ගෙවන තැනැත්තා පන්සලට පැමිණි විට දවස පුරා ආගමික වතාවත්වල නිරතවීම සඳහා ක්‍රමවත් පොහොය වැඩසටහනක් සකස් කර ගැනීමෙන් ඊට සහභාගී වීමට එම පිරිසට නෙත් සිත් යොමු වේ. උදෑසන සීල සමාදානයෙන් පසුව ක්‍රමවත් ආගමික වැඩසටහනක් නොපැවතුණහොත් විහාරස්ථානය චිත්තාකර්ෂණීය තැනක් නොවීමට ඉඩ ඇත. බොහෝ විහාරස්ථානවලදී ක්‍රමවත් ආගමික වැඩසටහනක් සකස් කිරීමට ගෞරවණීය ස්වාමීන් වහන්සේ මහත් වෙහෙසක් දරණ බවද පැවසිය යුතු ය.

අපේ මුතුන් මිත්තන් දවස පෝදා හිමිදිරියේ පෙහෙවස් සමාදන් වන පිරිස පසුදා අලුයම දක්වා විහාරස්ථානයේ රැඳී සිටිමින් ආගමික කටයුතුවල නිරත වෙමින් නිදි වර්ජිතව තිදොර සංවරයෙන් දිවි ගෙවූ බව අමතක නොකළ යුත්තකි. පෙහෙවස් සමාදන් වන උපාසකතුමා හෝ උපාසිකාවද ගතින් විහාරස්ථානයේ රැඳුනද, සිතෙන් නිවසේ විසීමට උත්සාහ කළහොත් පොහොය දිනයෙන් ගත හැකි ප්‍රයෝජනය අඩුවී යා හැකිය. නිවසින් බැහැර වූ මොහොතේ පටන් සිත නිවසේ පවතී නම් නිවසේ පවතින සිත ඇලීම් බැඳීම්වලින් සුළු වේලාවකට හෝ වෙන්ව විහාරස්ථානයට යාමෙන් තමන්ගේ ආධ්‍යාත්මික ගමනට මහත් සහනයක් සලසා ගැනීමට එය මහෝපකාරී වෙයි.

පොහොය නිවාඩුව අනෙකුත් බාහිර කටයුතු සඳහා වැය කිරීමෙන් වැළකී පොහොයදා පන්සලට යාමටත්, විහාරස්ථානයේ සිට ආගමික කටයුතුවල නිරතවීමටත් යොමු කළ යුතු වේ. වැඩිහිටියන්ගේ එබඳු යහපත් ආදර්ශ හැදෙන, වැඩෙන බාල පරපුරටද යහපත් ආදර්ශයක් වනු ඇත. එසේ වුවහොත් රටෙහි අනාගත සමාජය සදාචාරවත් යහපත් සමාජයක් වනු ඇත. ඊට නිසි මඟ පෙන්වීමේ වගකීම පවතිනුයේ අද වෙසෙන මව්පිය වැඩිහිටියන් වෙතය. සතර පොහොය දින පිළිබඳව දැනුමින්වත්ව සිටීම පවා බෞද්ධයාට බෙහෙවින් ප්‍රයෝජනවත් වන කරුණක් බව අමතක නොකළ යුතු ය.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]