උඩරට අමරපුර මහා නිකායේ
උපසම්පදා විනය කර්මය
2015 වසරේ උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය 2015 ජූලි 18 වන
සෙනසුරාදා ප.ව. 2.00 ට චිරාගත සම්ප්‍රදායානුකූලව විදුරුපොළ ශ්‍රී
සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේදී සාහිත්‍යාචාර්ය විනය විශාරද අග්ගමහා
පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වේ.
උපසම්පදා අපේක්ෂකයින් උදෙසා ලිඛිත පරීක්ෂණය 2015 ජූලි 11 දින පෙ.ව.9.00
ට ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේදීද ධර්ම විනය පුහුණු පාඨමාලාව 2015
ජූලි 11,12,13 යන දිනවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී ද පැවැත්වෙන
අතර ඊට අදාළ විස්තර හා අයදුම්පත් “ලේඛකාධිකාරි ශ්‍රී සුමංගලාරාමය
විදුරුපොළ කැප්පෙටිපොළ “ යන ලිපිනයට එවිය යුතු බව විනයවාදිනි කාරක සංඝ
සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍ර විශාරද
නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් දන්වා සිටී. |