|
අනුරාධපුර මහා විහාර පුරාණය
අනුරාධපුර මුල් කරගත් මහාවිහාරය වනාහි ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂු
මූලස්ථානය ලෙසින් මෙන්ම බෞද්ධාගමික හා සංස්කෘතික නිජභූමිය ලෙසින්ද
හැඳින්වීම නිවැරදිය. ක්‍රි.පූ. තෙවැනි සියවසේදී මිහිඳු මහරහතන්
වහන්සේගේ නායකත්වයෙන් ලක්දිවට වැඩම කළ ධර්මදූත කණ්ඩායම විසින්
මහාවිහාරය මුල්කරගත් භික්ෂු සම්ප්‍රදායක් ආරම්භ කරන ලදී. ථෙරවාදී
බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් පසු සංවර්ධනය වී ස්ථාවරත්වයට පත්වනුයේ
අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍රගත කරගනිමින්ය. ථෙරවාදී සම්ප්‍රදාය ගරු කළ
බැවින් ථේරයන් නැතහොත් ථෙරවාදීන් යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබූ
මහාවිහාර වාසින් බෞද්ධාගම මෙරට පිහිට වූ තැන් සිට එහි ආරක්ෂකයන් වු අතර
සිය සම්ප්‍රදායේ පැවැත්ම අරභයා මහත් වෙහෙසක් දීර්ඝ කාලයක් දැරූ බව
ශ්‍රී ලංකා ඉතිහාසයෙන් පැහැදිලි වේ. මුල් කාලයේ මහා විහාරයේ
අනුගාමිකයන්ගේ තර්කය වූයේ සැබෑ ථෙරවාදී සම්ප්‍රදායක් නියෝජනය කරන ලද්දේ
තමන් විසින් පමණක් බවත් අනෙක් නිකා දෙකේ (අභයගරි හා ජේතවන) අනුගාමිකයන්
භේදකාරි බවත්ය. මහාවිහාරයේ ස්ථාවරත්වය න්‍යායාත්මකව නියෝජනය කරන මතවාද
දෙසිය තිස් දෙකක් පැවැති බව ප්‍රංශ ජාතික ආන්ද්‍රෝ බාරෝ විසින්
හඳුනාගෙන ඇත.
ඉතිරිය»
|
|
අධි ඇසළ පුර පසළොස්වක පෝය
අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග
9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල්
සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
|
|
|
|
|
|
|