ලක්දිව බුදු සසුන මුල් බැසගනී
චුල්ලහත්ථිපදොපම සූත්‍රය
විද්‍යෝදය පරිවෙණාධිපති
කළුකොඳයාවේ ශ්‍රී ප්රඥාශේඛර
මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
විසින් බුදුසරණට විශේෂයෙනි
ශ්‍රී.බු.2509 පොසොන් පුර පසළොස්වක් දා
බුදුසරණ පළමු පත්‍රයේ පළවූ ලිපියකි.
තව පොසොන් පසළොස්වක් දිනයක් එළඹියේය. වෙන වචනවලින් කියතොත් මේ
සිරිලක්දිව ශ්‍රී සම්බුද්ධ ධර්මාලෝකයෙන් ඒකාලෝක වී වචනයේ
පරිසමාප්තාර්ථයෙන්ම ධර්මද්වීපයක් බවට පරිවර්තනය වූ ස්මරණීය උතුම් දිනය
එළඹියේය. එදා මිහිඳු මහ රහතන් වහන්සේ දහම් දිවයිනක් බවට පත් කළ මේ
රමණීය රට වර්ෂ 2300කට අධික කාලයක මුළුල්ලෙහි එම ධර්ම ශක්තිය ප්‍රකට
කෙරෙමින් තවම පවතියි. අද ඇරැඹෙන ‘බුදුසරණ’ ද සම්බුද්ධ ශාසනය පවත්නා
තාක් කල් හැම පොහොය දිනයෙක්හිම උදාවෙමින් සාමාන්‍යයෙන් හැම සිංහල
ජනයාටම , විශේෂයෙන් බෞද්ධ ජනතාවට සරණ පිණිස පවතීවා.
එදා රටවැසියන් බුද්ධ ධර්මයට අවනත කර ගැනීම සඳහා මිහිඳු මහරතන් වහන්සේ
චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසූ සේක. අද ‘බුදුසරණ’ ඇරැඹීමෙහි දී
ද එය ආදර්ශය කොට ගෙන එම සූත්‍රයෙන් ඉතා ලුහුඬින් ධර්මදේශනාවක් කෙරෙමි.
නමො තස්ස භගවතො අර හතො සම්මාසම්බුද්ධස්ස
ශ්‍රී සද්ධර්මවර චක්‍රවර්ති ස්වාමි වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කර වදාරණ සමයෙහි එනුවර ජානුස්සොණි
නම් බ්‍රාහ්මණයෙක් විය. හෙතෙමේ සමසකට වරක් නගර ප්‍රදක්ෂිණාව කෙරෙයි. එය
වනාහි මුළු නුවරම ඇළලී යන ඉතා මනරම් දර්ශනයකි. නියමිත දිනයෙහි උදෑසනම
නුවර වීථී හැම සුදුවැලි ඉස ලදපස්මල් විසුරුවා ද්වජපතාකාදීන් නංවා
මුළුනුවරම සුගන්ධ ධූපාදියෙන් සුවඳවත් කෙරෙති. ජානුස්සෝණි තෙමේද ඉස්සෝදා
නහා සුදුවතක් හැඳ සුදු උතුරු සළුවක් පොරාවා සමුදු විලවුන් තවරා සුදුමල්
පැලඳ ද සැඟිල්ලෙහි රිදීමුදු දමා දෙකන්හි රිදී කොඩොල් ලා ගණී.
බ්‍රාහ්මණයන් දසදහසක් දෙන එසේම සුදුවන්වත් අබරණ මල් ගඳ විලවුන් දරා ඔහු
පිරිවරා ගණිති. ඔහුගේ රථයෙහි සියලු අවයවයෝ ද ශුභවර්ණ ම වෙති.
හමුවීමක්
පිලොතිකා නම් වූ පරිව්‍රාජක යා මෙසේ යන ජානුස්සොණි බ්‍රාහ්මණයාට
අතරමගදී හමුවිය.පරිව්‍රාජක තෙමේත් රන්වන් සිරුරෙන් හා දැකුම්කළු
රූපසපුවෙන් යුතු ලක්ෂණ තරුණයෙකි. උදෑසනම ජේවනාරාමයට ගොස් බුදුරජාණන්
වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද උපස්ථාන කොට නගරය බලා මේ පෙරළා එන ගමනය.
හමුවූ බ්‍රාහ්මණ, පරිව්‍රාජක දෙදෙනා අතර, මෙබදු ප්‍රශ්නෝත්තර
සාකච්ඡාවක් විය.
ජානුස්සෝණි පින්වත,මේ මද්දහනේ කොහි සිට එන්නෙහිද?
පිලොතිකා මම ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ ළඟ සිට එන්නෙමි.
ජා. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාපටුත්වය පිළිබඳ ඔබේ අදහස මොකද
උන්වහන්සේ පණ්ඩිතයකු, කොට /ඔබ සිතනවාද?
පි. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා පටුත්වය විනිශ්චය කිරීමට මම
කවුද? උන්වහන්සේගේ ප්‍රඥා පටුත්වය වීමසා දැන ගැනීමට මා වැන්නෙක් කෙසේ
සමර්ථ වේද? (මා වැන්නෙකුට එය කිසී සේත් කළ නො හැක්කකි)
ජා, හෝ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ඔබගේ ප්‍රශංසාව අතිශය උදාරයි.
ශ්‍රේෂ්ඨය
පි. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්නට මම කවුද? එයට මම කෙසේ
සමර්ථ වෙම්ද? උන්වහන්සේ ප්‍රශස්තයන් විසිනුදු ප්‍රශස්ත වන සේක. දෙවි
මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන සේක.
ඇත්, පිය උපමාව
ජා. කවර කරුණක් දැක පින්වතා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙතරම්
පැහැදුනේ ද?
පි. පින්වතාණනි, ඇතුන් වසන වනයක් පිළිබඳ හොඳ පළපුරුදුකම් ඇත්තෙක් එබඳු
වනයකට පිවිසෙයි. හෙතෙම ඒ වනයෙහි අග පුළුලින් මහත්වූ ඇත්පිය සටහනක්
දක්නේය. එයින් හෙතෙමේ මෙය නම් මහ ඇතකුගේම පියවර සටහනෙකැයි නිෂ්ඨාවට
යන්නේය.
පින්වතාණනි, එපරිද්දෙන් ම මම ශ්‍රමණ භවත් ගෞතමයාණන් කෙරෙහි ඥානපද සතරක්
දැක උන්වහන්සේ සම්මා සම්බුද්ධයයි කියාද උන්වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය
ස්වාක්ඛාත යයි කියාද උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යි කියා ද
නිෂ්ඨාවට බැස ගතිමි.
ඥානපද සතර නම්
බොහෝ දක්ෂ ව්‍යක්ත ක්ෂත්‍රිය පණ්ඩිතයෝ රටේ ඇත්තාහ. සම්බුදුරජාණන්
වහන්සේ යම් පෙදෙසකට වඩනා බව ඔවුන් ඇසුවහොත් බුදුරදුන්ගෙන් ඇසීමට (අසා
උන්වහන්සේ අමාරුවේ දැමීමට, ඔවුන්ගේ කල්පනාවේ හැටියට විසඳීමට අතිශය
දුෂ්කර වූ ) ගම්භීර ප්‍රශ්න ගොතා ගනිති. ගොතා ගෙන බුදුරදුන් කරා
එළඹෙති. බුදුරජාණෝ ඔවුන් සතුටු වන සේ බණ වදාරති. ඔහු තුමු පැන
පිළිවිසීම පසෙක, තිබිය දී උන්වහන්ස්ගේ ශ්‍රාවකභාවයට පැමිණෙති.
බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ යයි කියා ද උන්වහන්සේගේ ශී‍්‍ර
සද්ධර්මය ස්වාක්ඛාතයයි කියාද උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයයි
කියාද මා නිෂ්ඨාවට බැසගත් පළමු ඥාන පදය මේය.
එබදු වූ ම බ්‍රාහ්මණ පණ්ඩිත යෝද ගෘහපති පණ්ඩිතයෝ ද බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවක භාවයට පැමිණෙති. මේ මා දුටු දෙවන තුන්වන ඥාන පදයි.
එබඳු වූ ම පැවිදි පණ්ඩිතයෝ ද බුදුරදුන්ගෙන් බණ අසා පැන පිළිවිසීම
තිබියදී බුදුසස්නෙහි පැවිදි වෙති. පැවිදි වී රහත් බවට පැමිණ දුක් කෙලවර
කර ගනිති. මේ මා දුටු සතරවන ඥානපදයයි. පිලොතිකා වරිව්‍රාජකයා මෙසේ
විස්තර වශයෙන් තමා දන්නා පරිදි බුදු ගුණ වණත් වණත්ම ජානුස්සොණී
බ්‍රාහ්මණයාහට තමා නැගී හුන් රියෙහි සුවසේ ඉන්නට නොහැකි විය. වහා
රියෙන් බැස්සේය. බැස බුදුරජාණන් වහන්සෙ වැඩ හුන් පැත්තට නැමී වැඳ වැටී
“නමො තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමොතස්ස භගවතො අරහතො සම්මා
සම්බුද්ධස්ස, නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස, යි. තෙවිටක්
නමස්කාර කෙළේය. ඒ මතු ද නොවෙයි. නගර ප්‍රදක්ෂිණාව තිබියදී බුදුරදුන්
දක්නට ද ගියේය. ගොස් වැඳ පිලොතිකා පරිව්‍රජාකයා හා තමා අතරවූ කථා
සල්ලාපය සැළ කළේය. බුදුරජාණෝ ඕ හට හත්ථිපදෝපමා ව විස්තර වශයෙන් වදාළහ.
බුද්ධ දේශනාව
ඇතුන් වසන වනයකට වදනා දක්ෂ පුරුෂයෙක් මහා ඇත් පිය සටහන් දැකීමෙන් පමණක්
ඒ මහ ඇතෙකුගේ යයි නිශ්චයට නො බස්නේ උච්චාකාළාරිකා නම්වූ උච්චාකණේරුකා
නම් වූ ද ඇතිනියන් වසන බැවින් ඔවුන්ගේ පියවර සටහන් විය හැකි හෙයිනි.
හෙතෙමේ ඒ සලකුණූ අනුව ගොස් ඈත දැකීමෙන් ය. මක්නිසාද වෙනෙහි මහා අඩි ඇති
වාමනිකා නම් වූ ද මේ ඒ ඇතා යයි සැබැ නිගමනයට බැස්සේය.
එපරිද්දෙන්ම තථාගතවරයෙක් ලොව පහළ වී දෙවි මිනිසුන් සහිත ලෝකයාට ධර්මය
දේශනා කෙරෙයි. යම් පුද්ගලයෙක් ඒ ධර්මය අසා ගිහිගෙයි ඇති කම්කටුලුත්
පැවිද්දෙහි ඇති අනුසසුත් සලකා තමා සතු සියලු උපභෝග පරිභෝග වස්තුන්
අත්හැර දමා ශාසනයෙහි පැවිදි වෙයි.
පැවිදි වී ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය,ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව
පාරිශුද්ධි ශීලය ප්‍රත්‍යයන් නිඞශි‍්‍රත ශීලය යන චතුපරිසුද්ධි සීලයෙන්
සිල්වත් වෙයි. එසේ සිල්වත් බවට පැමිණ සිත්කිලිටි කරන්නා වූ ප්‍රඥාව
දුර්වල කරන්නා වූ පඤ්ච නීවරණධර්මයන් දුරු කොට ප්‍රථම ධ්‍යානයට පැමිණ
වාසය කෙරෙයි. මෙය වනාහි තථාගත ඥානයෙන් ආක්‍රමනය කළස්ථානය යයි ද
තථාගතයන් වහන්සේගේ ඥාන නමැති පොරොවෙන් කෙටු තැනයයි ද තථාගතයන් වහන්සේගේ
ඥාන නමැති දෘෂ්ට්ධාරාවෙන් ඉරා දැමූ තැන යයිද කියනු ලැබේ’. එහෙත්
එතෙකින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය යි කියා උන් වහන්සේගේ ශී‍්‍ර
සද්ධර්මය ස්වාක්ඛාත යයි කියාද උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ
සුප්‍රතිපන්න යයි කියාද නිෂ්ඨාවට නොපැමිණෙයි.
ඇත් පිය උපමාව
නැවත ඒ භික්ෂූ තෙමේ ද්විතීය ධ්‍යානයට ද තෘතිය ධ්‍යානයට ද චතුර්ථ
ධ්‍යානයට ද පැමිණ වාසය කෙරෙයි. එවින් පූර්වෙනිවාසානුස්මෘති ඥානය
උපදවයි. චුතූප පාතඥානය උපදවයි. ඒ එක් අවස්ථාවකදී වත් තථාගතයන් වහන්සේ
සම්මා සම්බුද්ධ යයි කියාද උන්වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය ස්වාක්ඛාත යයි
කියාද උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න යයි කියා ද නො
පැමිණෙයි.
ඉක්බිති ඒ භික්ෂූ තෙමේ ආශ්‍රවක්ෂයකර ඥානය උපදවා ගැනීමට වෑයම් කෙරෙයි.
එසේ වෑයම් කොට අර්හත් මාර්ගඥානය උපදවා ගනියි. එහෙත් එතෙකිනුදු තථාගතයන්
වහන්සේ සම්මා සම්බුද්ධ යයි කියාද උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ස්වාක්ඛාත
යයි කියාද උන්වහන්සේගේ ශ්‍රාවක තෙමේ සුප්‍රතිපන්න යයි කියා ද නිෂ්ඨාවට
නොපැමිණේය.අර්හත් මාර්ගක්ෂණයෙහි කෘතකෘත්‍ය නොවන හෙයිනි. එහෙත් ඒ
අවස්ථාවෙහි මහ වනයෙහි පියවර සටහන් අනුව ගොස් ඇතු දක්නා නාගවනිකයා
(ඇතුන් වසන වෙනෙහි තොරතුරු දන්නා පුද්ගලයා) මෙන් තථාගතයන් වහන්සේ සම්මා
බුද්ධය යනාදින් රත්නායෙහි නිෂ්ඨාවට පැමිණෙමි සිටියි.
අර්හත් ඵල ක්ෂණයෙහි වනාහි අවසන් කරන ලද සියලු කිස ඇති හෙයින් තාථාගතයන්
වහන්සේ සම්‍යක් සම්බුද්ධ යයි කියාද උන්වහන්සේගේ ශී‍්‍ර සද්ධර්ම
ස්වාක්ඛාත යයි කියාද උන්වහන්සේගේ ශ්‍රාවක තෙමේ සුප්‍රතිපන්න යයි කියා ද
රත්නත්‍රය විෂයයෙහි ද ප්‍රකාරයෙන් නිෂ්ඨාවට පැමිණියේ වේ.
මෙතෙකින් ඇත් පිස දමා කොට ඇති ධර්ම දේශනය විස්තර වශයෙන් සම්පූර්ණ වේයයි
වදාළ සේක.
දේශනාවසානයෙහි ජානුස්සොණී බ්‍රාහ්මණ තෙමේ රත්නත්‍රය සරණපරායන උපාසකයෙක්
වුයේය. මේ තමා එදා මිහිඳු මා හිමියන් දෙවනපෑතිස්තුමාට දෙසූ ධර්මය |