වෙල්ගම් වෙහෙර
කෑගල්ලේ
එම්. ඩී.එම්.එස්. යටවර
වෙල්ගම් වෙහෙර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි පුණ්‍ය භූමියකි.
ප්‍රදේශයේ පිහිටි වෙනත් බෞද්ධ සිද්ධස්ථාන වන්නේ තිරියාය හා කින්නියා
උණුවතුර ළිං අසළ වූ පැරණි විහාරය යි.
ඉහත කී වෙල්ගම් විහාරය ත්‍රිකුªණාමලයට ආසන්න කට්ටුකුලම් පත්තුවේ
පෙරියකුලම් ගමේ වැවට බටහිරින් පිහිටියකි. මේ පින්බිමට ත්‍රිකුණාමලයේ
සිට දුර කි.මී. 12 කි ශ්‍රී ලංකා කඩයිම් පොතේ මේ ස්ථානය සඳහන්ව ඇත්තේ
වෙල්ගම් රට කියාය. වෙල්ගම යන්න විල්ගම වශයෙන් නම මදක් පැටලිලි සහිතව
නයින්ගේ විල්ගම් වෙහෙර එක් දෙතිිස් ඵල බෝධියක් පිහිට වූ බව සිංහල
බෝධිවංශයේ ලියැවි ඇත. මේ ද වෙල්ගම් වෙහෙරමය යන්න තේරුම් ගත යුතුය.
දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීමට දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව
වැඩමවා අනුරාධපුරයේ රෝපණය විය. එම ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර ශාඛාවේ පල
අටෙන් උපන් බෝධි අට දඹකොළපටුන, තිවක්ක නම් බමුණුගම, ථූපාරාමය ආදියේ
පිහිට වූ බව අපේ පාලි මහා වංශයේ එයි. මෙහිදී සෑදුන සෙසු ශාඛා හතරේ පල
අට බැගින් ජනිත වූ දෙතිස් බෝධි විය. අන්‍ය වූ ඵල සතරින් උපන් දෙතිස් බෝ
පැළ ද ලක්දිව යොදුනෙන් යොදුන විහාර ස්ථාන යන්හි පිහිටුවන ලදහ. යන්න
සිංහලයට පෙරලු මහා වංශයේ ගුණපාල වීරසේකර සංස්කරණයේ පිට 209 සඳහන්ය.
ඉහත බෝධි සියල්ල එක්කොට ඒවා සමසතළිස් බෝධි වශයෙන් හඳුන්වා තිබේ. මේවා
පිහිටුවීමේ විස්තර අනුරාධපුර යුගයේ ලියන ලද පාලි සමන්තපාසාදිකා මෙහිද
එන්නේය. (පිට 77) පාලි බෝධි වංශයෙන් පෙරලාගත් සිංහල බෝධි වංශය ලියැවුනේ
කුරුණෑගල සමයේ ය. එය පණ්ඩිත වේරගොඩ අමරමෝලි හිමි අතින් සංස්කරණයට (පිට
212) ඇත්තේය. එහි සඳහන් වන්නේ දෙතිස්ඵල බෝධි මල්වැස්සා වෙහෙර
තන්තිරිමලේ වෙහෙර හා වෙල්ගම ආදියේ සිට වු බවය.
සංස්කෘතික අංග
කකුසඳ, තෙරුන්ගේ ධාතු වංශය ලියැවුනේ කෝට්ටේ සමයේ අවසාන කොටසේ විය
හැකිය. එහි සඳහන් පරිදි විල්ගම් වෙහෙර සාදා ඇත්තේ කාවන්තිස්ස රජු
(ක්‍රි.පූ 225-161) විසිනි. මේ අනුව බලනවිට අදාළ විහාරස්ථානය ආරම්භ
කරන්නට ඇත්තේ ක්‍රී. පූ 2 වන සියවසට පෙර විය යුතුය. ඉක්බිති ටික කලකට
පසුව රජ වූ භාතියතිස්ස රජ (ක්‍රි.ව 140- 164) සංඝයාට බොහෝ ගෞරව කළ අතර
වෙල්ගම කඳුවැටියේ ගල් තලාවේ එම රජුගේ බ්‍රාහ්මී අක්ෂර සෙල් ලිපියක්ද
කොටවා තිබේ.
5 වැනි මිහිඳු රජ (ක්‍රි.ව 1001-1037) සමයේ අවසන දකුණු ඉන්දීය දමිළ
කොටසක් වන සොළින් මෙරට අල්ලාගත් විට වෙල්ගම විහාරය හඳුන්වා ඇත්තේ
වෙල්ගම්වේර කියාය. සොළීහු පොළොන්නරුව (රාජධානිය) අල්ලා ගැනීමෙන් පසු
මෙරට වෙහෙර විහාර බොහෝමයක් විනාශ කර වෙනමම (ශෛල) දේවාල ආදිය සාදා
හින්දු දහම ඇදහුවද එදා පොළොන්නරුවට ඈඳු වෙල්ගම ජනපදයේ තිබු වෙහෙර විහාර
විනාශ නොකර ඒවා බොහෝමයකට දමිළ කලා ලක්ෂණ, අනුව නව ජීවයක් දී ආරක්ෂාකර
ඔවුන්ගේ පූජනීය ස්ථානය හෝ දේවාලයක් බවට පත්කර ගත්හ. මෙසේ 1 වැනි රාජරාජ
(සොලීරජ) වෙල්ගම වෙහෙර නම වෙනස් විය. රාජරාජ පෙරුම්පල්ලි වශයෙන් නම්
කළේය. එසේම නාථනාර් කෝවිල යනුවෙන්ද හැඳින්වූවේය. ඉක්බිති නිශ්ශංක මල්ල
රජ (ක්‍රි.ව. 1187-1196) මේ ස්ථානයට වන්දනාවේ ගොස් ඇත්තේය. ඔහුගේ සෙල්
ලිපිවල ඒ බව දැක්වේ.
මහ පිළිමගෙයි විහාරය දිගින් අඩි 56 කි පළලින් අඩි 28 අඟල් 7 කි. මේ
විහාර මන්දිරයට බටහිරින් පවුරට යාබදව ඔත් පිළිම ගෙයකි. එහි බුද්ධ
ප්‍රතිමාව යට තැබූ නිදන් වස්තු ද සහිත පාදම් ගල හමුවී තිබේ. මහ
පිළිමගෙයි බුදුරුව ගඩොලින් සාදා ඇති අතර පිළිම ගෙවල් වල බුදුරූ සාදා
ඇත්තේ කලු ගලිනි. |