ලක්දිව
එකලු වූ දවස
මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත
කොටුගොඩ
ධම්මාවාස අනු නා හිමි
ශ්‍රී ලංකාද්වීපයට අති දීර්ඝතම ඉතිහාසයක් ඇත. පන්සිය පනස් ජාතක පොත්
වහන්සේට අයත් කථා වස්තුවකට අනුව, පැහැදිලිවන්නේ, බුද්ධකාලයටත් ඈත සමයක
පෙරදිග රටවල වෙළෙදුන්ගේ වාණිජ මධ්‍යස්ථානයක් වශයෙන් ලංකාව පත්ව තිබූ
බවයි. ලංකාවේ උපදින මැණික් පිළිබඳවද ජාත්‍යන්තර වෙළෙදුන් පිළිබඳවද, ඒ
පැරැණි කථාවල පවා සඳහන් වේ.
ඉන්අනතුරුව සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ මහියංගන දේශයේ විසු යක්ෂ
ගෝත්‍රික නරදෙටුවන්ගේ සටනක් සමථයකට පත්කිරීම පිණිස මහියංගණයට වැඩිය
ප්‍රවෘත්තියයි. ඉන් පසු නාගදීපය ඇතුළු දකුණු බටහිර ප්‍රදේශයෙහි.
පදිංචිව සිටි නාග ගෝත්‍රික චුලෝදර මහෝදර නාරජුන් පිළිබඳ විස්තරයක්
දැක්වේ. නාග ගෝත්‍රික මහෝදර මාමා සහ චුලෝදර බෑණනුවන් අතර ඇතිවු ගැටුම
නාගදීපයට වැඩම කොට සමථයකට පත්කළ භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ පුරාණ
රාජධානිය වු කැලණියට වැඩම කළ සේක්! පන්සිය නමක් ඉර්ධිබල ඇති රහතුන්
වහන්සේලා සමඟ නාරජවරුන්ගේ මහාදානමය පින්කමකටය. ඒ අවස්ථාවේදීම ලක්දිව ඒ
ඒ ප්‍රදේශ පාලනය කළ ප්‍රධානීන්ගේ ආරාධනාව පරිදි සමන්තකූට පර්වතයට
අනුරාධපුරය දීඝවාපිය, කතරගම ඇතුළු දහහතර පලකට වැඩම කළ බව සඳහන් වේ.
දේවානම්පියතිස්ස රාජ සමයේදී ධර්මාශෝක පුත්‍ර මිහිදු මහ රහතන් වහන්සේගේ
වැඩමවීම, විශිෂ්ටත්වයෙහි ලා සැලකිය යුතුය එයට හේතුව මිහිඳු ආගමනයෙන්
පසු, සංඝ පිරිසක් මෙරට ඇතිකොට මෙහෙණි සස්නක්ද ආරම්භ කොට ක්‍රමවත්
සැලැසුමකට අනුව මෙරට වාර්ගිකයන් එකමුතු කිරීමෙන් හැඩගැස්මක් ආරම්භ වූයේ
මිහිඳු ආගමනයෙන් පසුව වීම එයට හේතුව වශයෙන් දැක්විය හැකිය.
දේවානම්පියතිස්ස රාජ සමය ආරම්භ වන විට මෙරට විසු ආදි ජන කොටස්වලට අයත්
යක්ෂ නාග දේව ගෝතක්‍රිකයෝද මේ අතර කාලයෙහි ලංකාවට සැපත් වූ සිංහ
ගෝත්‍රික විජය පිරිසද ශාක්‍යවංශික භද්දකච්චානා කුමරිය ප්‍රමුඛ විටින්
විට පැමිණී ඥාතී ශාක්‍ය වංශිකයෝද, මෙරට ස්ථීර පදිංචිකරුවෝ වූහ. එනිසා
මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට වඩින සමයෙහි යක්ෂ, නාග හා කඳුකරයේ විසු
දේව ගෝත්‍රිකයෝද විජය සමඟ පැමිණි සිංහ ගෝත්‍රික ජනතාව සහ භද්දකච්චානා
කුමරිය පැමිණීමෙන් පසු මේ කියන පරිදි ශාක්‍ය වංශිකයන්ගේද සම්බන්ධය
වඩාත් වැඩි දියුණුවිය. එනිසා ඇණ කොටා ගැනීම් වලින් තොර නිවුණු සමාජයක්
දේවානම්පියතිස්ස රජු සමයේදි පැවැතිණි.
මිහිඳු මහරහතන් වහන්සේ රාජකීය පුත්‍රයෙකි. ධර්මාශෝක අග්‍රරාජයා
පියාණන්ය. තක්සලා නුවර ශබ්ද ශාස්ත්‍ර සහිත – රාජනීතිය හදාළ කෙනෙකි. එදා
දඹදිව පැවැති භාෂාවලින් වැඩි ජනතාවක් භාවිතා කළ භාෂා තුන හතරක් හදාරා
උගත්කමක් ඇති බුද්ධිමතෙක් විය.
දේවානම්පියතිස්ස රජුගේ සීයා වු පණ්ඩුකාභය රජතුමන්ට එදා අධ්‍යාපනය දුන්
පණ්ඩුල ,බ්‍රාහ්මණ පරපුරෙන් පැවැත ආ පඬිවරුන්ගෙන්ම දේවානම්පියතිස්ස
කුමරාද,අධ්‍යාපනය ලැබීය. ඒනිසා නොමේරු වයසට පත්ව නොසිටියද, බුද්ධිමත්
උගතෙක් වීම, මිහිඳු තිස්ස දෙපළට මේ රටෙහි මහා පරිවර්තනයක් කිරීමට
හැකිවිය. පොසොන් පෝදා මිහිඳු මා හිමියන්ගේ පැමිණීමත් සමඟ ඇතිවූයේ රටට ම
හා කල- එළියකි. එවකට පාදක වුයේ මෙහි ඉහත සඳහන් කාරණා බව පැහැදිලිව
පෙනේ.
මිහිඳු මහරහතන් වහන්සේත් මෙරට දේවානම්පියතිස්ස කුමරාත් වැදගත් රාජකීය
පවුල්වලට අයත් උසස් දැන උගත්කම්වලින් පිරිපුන් දෙපළක්වීම භාග්‍යයකි.
එනිසාම කලින් සඳහන් කළ පරිදි යක්ෂ, දේව, නාග, සිංහ, ශාක්‍ය යන ගෝත්‍රික
පහකට අයත් මෙරට පිරිස නිසිමගට යොමුකරවීමට ඔවුනට සුවිශේෂී පහසුවක්
සැලසුණි. එහිලා මිහිඳු තිස්ස දෙපළ දියත් කළෝ ඉතා සාර්ථක වැඩ පිළිවෙළකි.
මෙතෙක් සංවිධානාත්මක ආගමක් මෙරට නොපැවැති බැවින් සමගිය සැමගේ සිත්
පහදවාගෙන වාර්ගික භේදයකින් තොරව පොදුවේ හැම දෙනාටම මහණකම ලබා දුන්හ.
සංඝමිත්තා රහත් මෙහෙණිය කැඳවා එසේම අනුලාදේවිය ප්‍රධාන කාන්තා පක්ෂයටද
වර්ගීකරණයෙන් තොර මෙහෙණි සස්නද ව්‍යාප්ත කළහ. මෙසේ පරම්පරා හත අටක් ගත
වන විට රට පුරා සියල්ලෝම බෞද්ධයන් බවට පත්වූහ.
සිංහ ගෝත්‍රික විජය රජුගේ පරපුරට කිරීටය උරුමවු හෙයින් එයද පසුකාලීනව
සිංහල නාමයෙන්ම ව්‍යාප්ත විය. මිහිඳු දේවානම්පියතිස්ස මේ ශ්‍රේෂ්ඨ
බුද්ධිමතුන් දෙපළ දියත් කළ මෙකී බුද්ධිමත් ක්‍රියාදාමය නිසා කල්ගතවෙත්ම
ශී‍්‍ර ලංකාද්වීපයම සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත්වූයේය.
ලක්දිව බුදුසසුන පිහිටුවාලීම නොවූවානම් මේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය එනම්
වාර්ගිකයන් එකම ජාතියක් බවට පත්කිරීමට මග කැපීමෙන් කියා නිම නොකළහැකි
සේවාවක් ඉටුකොට ඇති බව පැහැදිලිය. එදා මේ උතුම් දෙපළගේ ක්‍රියාදාමයක්
සාර්ථක නොවුනිනම් අද ශී‍්‍රලංකාද්වීපයද ගෝත්‍රික පහක සටන් බිමක් බවට
පත්වීම නොඅනුමානය.
වාසනාවන්ත වූයේ මේ කාලය වන විට මෙරට උතුරුකරයෙහි හෝ වෙනත් පෙදෙසක දකුණූ
ඉන්දීය ද්‍රවිඩ කේරළ ආන්ද්‍රවාසීහු කිසිවෙකුත් පදිංචිව නොසිටීමය.
ඔවුහු පසුකාලීනව ඇතිවුන අභ්‍යන්තර ප්‍රශ්න නිසා කලින් කල ලාභ ප්‍රයෝජන
උදෙසා මෙහි පැමිණියහ. ආපසු ගියහ.ඇතැම් කෙනෙක් මෙහි පදිංචි වූහ. මෙයින්
පැහැදිලිවන ප්‍රධාන දෙය නම් පොසෙන් පොහොය දා බුදු සසුන පමණක් නොව දේශීය
ජනතාව ඒකීය ජනතාවක් බවට පත්කිරීම සඳහා මංගල ශිලා ලේඛනය පිහිටුවීමේ මහා
පුණ්‍යකර්මයක් සිදුවූ දිනය නිසාත්ය. |