ධම්මපදට්ඨ කථාවෙන්
29
වීර්යයෙන් තොරව කවර දියුණුවක්ද?
(චුල්ලපන්ථකගේ අතීත කථාව)
කොළඹ විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී
මහාචාර්ය
අගලකඩ
සිරි සුමන හිමි
රජගහ නුවර සිටු කුලයෙක රූමත් සිටු දියණියක් තරුණියක බවට පත් කල්හි
ප්‍රාසාදයක උඩුමහලෙහි රැකවල්ලා ආරක්ෂා කළාය. යොවුන් මදයෙන් මත් වූ ඇය
තමා මැදුරෙහි මෙහෙකරුවෙකු සමඟ පෙම් බැඳ සිටුමැදුරෙන් පළා ගියා. පසුව ඈත
දුප්පත් ගමකට ගියාට පසුව සිටු දියණිය ගැබ්බර වූවාය. මේරූ ගර්භ ඇති
කල්හි ඇයට දරුවන් ලබන්නට දෙමාපියන් වෙත යාමට අවශ්‍ය විය. තම සැමියාට ඒ
ගැන කියා කෙතෙක් පෙරැත්ත කළද ඔහු කල්මැරීය. අනතුරුව සැමියා ගෙන් පිටතට
ගිය වෙලාවක ඇය අහළ පහළ උදවියට කියා දෙමාපියන් හමුවට පිටත්ව ගිය අතර මග
දුර හෙයින් අතරමගදීම දරුවෙකු ප්‍රසූත කළාය. ඔහු මහාපන්ථක වූ අතර දෙවන
වාරයේද මේ ආකාරයෙන් දරුවෙකු ප්‍රසූත කළෙන් ඔහු චුල්ලපන්ථක නම් විය.
මහාපන්ථක සිය මුත්තණුවන් සමඟ විහාරයට ගොස් බුදුරදුන් ළඟ පැවිදි විය.
මහාපන්ථක තෙරණුවෝ සිය මුත්තණුවන්ගේ අවසර ලබා චුල්ලපන්ථක ද පැවිදි කළෝය.
එහෙත් එක් ගාථාවක් හාරමසක් තිස්සේම කටපාඩම් කර ගත නොවු හෙයින් පන්සලෙන්
නෙරපිණි. එහෙත් බුදුරදුන්ගේ පිහිට ලබා කමටහන් ලද චුල්ලපන්ථක තෙරණුවෝ
විදර්ශනා වඩා රහත් වූහ.
එදින සන්ධ්‍යාවෙහි ධම්සභාවට රැස් වු පිරිසකගේ සාකච්ඡාවට මාතෘකාව වූයේ
සාරමසක් එක් ගාථාවක් කටපාඩමට නොහැකි වු චුල්ලපන්ථක බුදුහිමියන්ගේ
උපදෙසින් විදසුන් වඩා රහත් වූයේ කවර අරුමයකින්ද යන්නයි. බුදුහිමියන්
එහි වැඩම කළ විට සියලු භික්ෂූහු බුදුරදුනට තම පැණය ඉදිරිපත් කළහ.
බුදුහිමියෝ ඔවුන්ගේ සැක බිඳිනු පිණිස චුල්ලපන්ථක තෙරුන්ගේ අතීත වත
ගෙනහැර පෑහ.
අතීතයෙහි බරණැස්වැසි එක් මානවකයෙක් තක්ෂිලාවෙහි දිසාපාමොක් වෙත ශිල්ප
එළඹියේය. මෙම මානවකයා ධර්මාන්තේසිකව ශිල්ප උගන්නී, සියලු සිසුනට වඩා
ආචාර්යවරයාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටුකරයි. කී කී දැයක් වහා
ඉටුකරයි. එහෙත් අනුවණ හෙයින් කිසිදු ශිල්පයක් උගත නොහැකි විය.
තමාට බොහෝ උපකාර කරන මේ ශිෂ්‍යයාට කෙසේ හෝ ඉගැන්විය යුතු යැයි බොහෝ
වීර්ය ගත් ගුරුවරයාට ඒ කිසිවකින් ප්‍රයෝජනයක් නොලැබුණි. සිසුවා ද ඉන්
කලකිරී තක්සලාවෙන් වෙන්ව යාමට තීරණය කොට ඒ බව ගුරුවරයාට දැන්වීය.
තමන්ට බොහෝ සේ උපකාර කළ ශිෂ්‍යයා පණ්ඩිතයෙකු කළ නොහැකි වූ බැවින් කවර
හෝ උපකාරයක් කරමියි සිතා මන්ත්‍රයක් ඉගැන්විය යුතු බවට තීරණය කළේය. ඒ
අනුව ශිෂ්‍යයා එක්තරා නිසංසල හුදෙකලාවකට ගෙන ගොස් “ඝට්ටේසි ඝට්ටෙසි කිං
කාරණා ඝට්ටෙසි අහම්පි තං ජානාමි ජානාමි” යන මන්ත්‍රය අප්‍රමාණ වාරයක්
පදයෙන් පදය කියා පාඩම් කරවීය. එහි අරුත වන්නේ “හැප්පිණි හැප් පිණි,
කුමක් නිසා හැප්පෙයිද මම එය දනිමි. මම දනිමි” යන්නයි. මෙම මන්ත්‍රය
නිවැරදිව පාඩම් කරවා යන එන මගදී ද හැම විටෙකදීම ජප කරමින් කටයුතු
කරන්නැයි ඉල්ලීය. ඔහුට ගමනට අවශ්‍ය සියලු දෑද සපයා පිටත් කළේය.
දෙමාපියෝ මහත් හරසරින් යුතු පිළිගත්හ.
මේ අතරෙහි බරණැස් රජතුමා තමන්ගේ කටයුතු වල දෝෂ තමන්ට නොපෙනෙන බැවින්
නගරයේ ජනයා රජු සම්බන්ධව කවර අදහස් දරන්නේදැයි දැන ගන්නට සිතා වෙස්මාරු
කොට මගියෙකු වෙසින් නගරයේ මංමාවත් නිවෙස් අතර සැරිසරන්නට විය.
එවිට සොර මුලක් නිවෙස් දෙකක් මැදින් උමගක් සාරනු දැක රජු එය සැගවී බලා
සිටියේය. සොරුන් උමග දිගේ ගෙයක් වෙතට ගොස් බඩු සොයනුයේ ඒ නිවසේ සිටි
මානවකයා නින්දෙන් පිබිදී මන්ත්‍රය ජප කරන්නට විය. “හැප්පෙන්නෙහි
හැප්පෙන්නෙහි කුමක් නිසා හැප්පෙන්නෙහිද මම තොප හොඳින් දනිමි මම තොප
හොඳින් දනිමි’ යනුවෙන් මතුරන්නට විය.
සොරුන් අනිවාර්යයෙන් මොහු තමන් හඳුනා ගෙන මෙසේ ප්‍රකාශ කරනු ඇතැයි සිතා
තමන්ට මහත් විපතක් වෙතියි මහත් සේ බියට පත්ව පලා ගියහ. රජ මේ සියල්ල
සැඟවී බලා සිට රජ මැදුරට පැමිණ, පසුදා රාජපුරුෂයකු කැඳවා අසුවල් වීථියේ
උමගක් සාරා ඇති තැනෙක නිවෙසක මානවකයෙක් ඇති බවත් ඔහු රජ ගෙදරට කැඳවා
ගෙන එන ලෙසත් නියම කළේය. රාජපුරුෂයා මෙම මානවකයා රජු වෙතට ඉදිරිපත්
කළේය.
රජතුමා ඔහුගේ මන්ත්‍රය පිළිබඳ ...හව තක්සිලා දිසාපාමොක් වෙතින් ඉගෙන
ගත් බව දැන එම මන්ත්‍රය තමාටද ඉගැන්වී හැකිදැයි විමසීය. සම අසුනක සිට
ඉගැන්විය හැකි යැයි කී කල්හි රජතුමා එය කටපාඩම් කොට මුමුණන්ට විය.
මානවකයා රජුගේ ඇදුරු තනතුරෙහි පිහිටුවා දහසක් පියලි පිදුවේය. එකල රජුගේ
සෙන්පතියා කරණවෑමියා හමුව දහසක් මසුරන් දී රහසක් කිව යුතුව ඇතැයි
කීවේය. කවරක්දැයි විමසු විට රජුගෙ කෙස් රැවුල් කපන වේලෙහි හොඳින්
කරයෙහි (දැලිපිහියෙහි) මුවහත් තබා එක්වරම රජුගේ ගෙල සිදුවයි ඉල්ලා
සිටියේය. ඉන්පසු තමා රජ වී කරණවෑමියා සෙන්පතියා කරන බවට ද ගිවිස
ගත්තේය. රජතුමා කෙස්රැවුල් බාන දවසෙහි සුවඳ දියෙන් කෙස් රැවුල් තෙමා
ගෙල සිඳින්නට දැලිපිහිය අතෙහි මදිමින් මුවහත් තබන්නට විය.
එවේලෙහි රජුට මන්ත්‍රය සිහිපත්ව මුමුණන්නට විය. හැප්පෙන්නේ ඇයි?
හැප්පෙන්නේ ඇයි? මම එය දනිමි මම එය දනිමියි කියන්නට වු කල්හි
කරණවෑමියාගේ සිරුර රත්ව දහඩිය ගලන්නටය විය. ඒකාන්තයෙන් තමන් කරන්නට යන
දෙය රජ දැනගෙනැයි සිතු කරණවැමියා කරය විසි කොට රජ පාමුල වැඳ වැටුණි.
කුමක් හෝ දෙයක් සිදුව ඇතැයි සැක සිතු රජු කරණවෑමියා බිය කොට කිවයුතු දේ
වහා කියන්නැයි අණ කළේය. දේවයන් වහන්ස මට අභය දෙනු මැනව සෙන්පතියා දහසක්
මිලදී රජුගේ ගෙල සිඳලන්නැයි කියු බවත් එවිට තමා සෙන්පතියා කරන බවටත් වූ
පොරොන්දුව ගැන හඬ හඬා සැළ කරන්නට විය. රජතුමා තම ගුරුවරයාගෙන් උගත්
මන්ත්‍රයේ බලයෙන් දිවි බේරා ගත් බව දැන, සෙන්පතියා රටින් පිටුවහල් කොට
තම ඇඳුරුතුමන් සෙන්පති තනතුරෙහි පිහිටුවීය. එපමණක් නොව ඔහුට බොහෝ
සත්කාර සම්මාන පිදීය. නුවණ නොලද මානවකයෙක් වීර්යයෙන් කටපාඩම් කළ කුඩා
මන්ත්‍රයකින් රටක සෙන්පතියෙකු බවට පත්විය. එමතු නොව රටකින් මහා සම්මාන
ද ලැබීය. බුදුරජාණන් වහන්සේ දම්සභාව ඉදිරියේ මේ අතීත කථාව ගෙනහැර
දක්වමින් පෙර දිසාපාමොක්ව මන්ත්‍රයක් උගන්වා ලෞකික සම්පතින් ආඪ්‍ය කළේ
බෝසත් වු තමන් බවත් එදා මානවකයා එදා ගුරුන්ට දැක්වු අතිශය ගෞරවාදරය හා
කළ වත්පිළිවෙත්හි බලයෙන් චුල්ලපන්ථකව මහා ප්‍රඥාවක් ලද බවත්, පෙරද අද ද
එය මතු කර ගැනීම පිණිස ඔහුට වීර්යය අවශ්‍ය වු බව පෙන්වමින් ලෞකික
ලෝකෝත්තර සියලු ධනයට වීර්යය අත්‍යවශ්‍ය බව පෙන්වමින් චුල්ලපන්ථකගේ කථාව
නිම කොට වදාළහ.

සන්තුට්ඨි පරමං ධනං - සතුට උතුම්ම ධනයයි – ධම්මපදය සුඛවග්ගය.
|