|
සම්බුදු තෙමඟුල සිදු වූ අසිරිමත් වෙසක් පොහොය
වෙසක් පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනයයි.
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමගුල
සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම හා යමාමහ පෙළහරපෑම ,
බුදුරදුන් තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම ,සමනොළ සිරිපා සටහන පිහිටුවීම,
විජය කුමරු ලංකාවට ගොඩබැසීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරැයුමෙන්
දෙවනපෑතිස් රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු
රුවන්වැලි මහාසෑයේ වැඩ ඇරැඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව
සිහිපත් කෙරෙන ඓතිහාසික සිදුවීම්ය. මෙසේ බුද්ධ චරිතය ශාසන ඉතිහාසය සේම
ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේදි ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක්
පොහොයට හිමි වෙයි.
ඉතිරිය»
|
|
වෙසක්පුර පසළොස්වක පෝය
වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග
7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
|
|
|
|
|
|
|