UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2015.04.18

අපවත් වී වදාළ අතිපූජ්‍ය අස්ගිරි මහා නා හිමි

සුපේෂල ශික්ෂාකාමී විනයධර මහ පඬිරුවනක් ලෙස දෙස් විදෙස් ජනතාව අතර ප්‍රචලිතව ඒ හැම දෙනාගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රව වැඩසිටි මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිරිමැසිය නොහැකි බලවත් පාඩුවකි.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටම ආවේණික වූ නිහතමානී ගුණයෙන් යුක්තව වූ සේක. උන්වහන්සේ ඇසුරු කළ හැම දෙනාටම පි‍්‍රයශීලී අතිසම්භාවනීය, මහතෙර නමක් වූහ. තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙන්ම සෙසු භික්ෂූන් වහන්සේලා සමඟ ද ඉතා සුහදව කටයුතු කළ අතර ඉතා මිත්‍රශීලි වූහ. දුටුවන් පි‍්‍රය උපදවන සිනහබර මුහුණෙන් පසුවූහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස වැඩ සිටි උඩුගම ශ්‍රී රතනපාල මහා නාහිමි (ස්වකීය ගුරුදේවයන් වහන්සේ) ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මහා නාහිමි සහ පලිපාන ශ්‍රී චන්දා නන්ද මහානාහිමි යුගවල සිට සිරි දළදා වහන්සේගේ තේවා කටයුතුවල නිරතවීමට තරම් උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුණ්‍යවන්ත වූහ.

උන්වහන්සේ ස්වකීය පැවිදි දිවිය පිළිබඳ නිරන්තරයෙන් සතුටෙන් පසුවූහ. වෙසෙසින් ම සිරි දළදා තේවා කටයුතුවලට සහභාගිවීම පිළිබඳව නිරන්තර සතුටෙන් පසුවූහ. ආගමික, ශාසනික, සාමාජික වශයෙන් කළයුතු කටයුතු ද නොපිරිහෙලා ඉටු කරමින් ඒ පිළිබඳවද උන්වහන්සේ සතුටට පත්වූහ. අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ ඉටු කළ මෙහෙවර කාගේත් පැසසුමට ලක්වූවකි.

උන්වහන්සේ හැම විට කිවයුතු දේ සෘජුව කියා සිටියහ. විවේචනය කළ යුත්ත විවේචනය කළ අතර පැසසිය යුත්ත පැසසීමටද පසුබට නොවූහ. අතිපූජ්‍ය මහා නාහිමියන්ගෙන් ආශීර්වාද පතා පැමිණී සෑම අයෙකුටම නොපැකිලව ආශීර්වාද පළ කළ අතර සදොස් තැන් නිදොස් කර ගැනීමට උපදෙස් දීම ද සිරිතක්ව පැවතුණි.

සසුනඹරේ කලින් කලට පහළවන ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේලා සසුනඹර ඒකාලෝක කරමින් වැඩ සිටිති. එවන් යුග කාරක මහ තෙර නමක් ලෙස අවිවාදිතව පිළිගැනෙන අතිපූජ්‍ය අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමය මෙරට ශාසන ඉතිහාසයේ ඉතා ගෞරවයෙන් සටහන් කැරෙන බව කිවයුතු නොවේ.

උන්වහන්සේ තෙරුවන් විෂයෙහි පැවැති ශ්‍රද්ධාව අපමණය. තෙරුවන් කෙරෙහිම නැඹුරුව වැඩ සිටි අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දුටුවන්ද තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත් කරවීමට තරම් පුණ්‍යවන්ත වූහ. උන්වහන්සේ වෙත දේශීයව මෙන්ම විදේශීය වශයෙන්ද සැදැහැවත් ජනතාවගෙන් ලද ආරාධනාවන් නිසාම ඒවා ඉටු කරදීමටද පසුබට නොවූහ.

ස්වකීය නිකායට මෙන්ම සම්බුදු සසුනටත්, රටටත් සිදු කළ අප්‍රමාණ මෙහෙවර උන්වහන්සේ අපවත්වුවද තවත් යුග ගණනාවක් පුරා මෙරට ගිහි පැවිදි උභය සමාජයම ගෞරවයෙන් සිහිපත් කරනු ඇත.

ලෝ දහම සනාථ කරමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධ රක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් දා (08) අපවත් වූ මොහොතේ පටන් උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ අස්ගිරි මහා විහාරයට වැඩම කළ අතිගරු මහ සඟරුවන සහ දහස් සංඛ්‍යාත පොදු මහ ජනතාව අතිපූජ්‍ය මහා නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් බුහුමන් දක්වමින් ගෞරව උපහාර දැක්වූයේ අපමණ ගෞරවයෙනි.

 

 
  බක්මස අමාවක පෝය

බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]