UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2015.03.20

බුද්ධ වන්දනාව

සිදුහත් ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා පන්සාලිස් වසක් වැඩ සිටිමින් ලෝක සත්වයා සසර කතරෙන් එතෙර කරවීමට ගත්තේ අපමණ උත්සාහයකි. අසිරිමත් සම්බුදු සිරිතම ආදර්ශයෙන් පිරීගිය හෙයින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් ගණනක් ගෙවී ගියද අද පවා මහා පුදසත්කාර පවත්වනුයේ ඉමහත් ගෞරවයෙනි. ජීවමාන බුදු පියාණන් වහන්සේට සිදුකරන බුද්ධෝපස්ථාන සේ සලකා එසේ අපමණ ගෞරවයෙන් වඳිති, පුදති.

බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව නව මසකින් පමණ උන්වහන්සේගේ පළමු ලංකා ගමනය සිදු විය. ඒ මහියංගණයටය. අනතුරුව දෙවන වර නාගදීපයටද, තෙවැනි වර කැලණියටද වැඩම කළ බුදුපියාණන් වහන්සේගේ සම්බුදු පහස ලද ඒ ඓතිහාසික පුණ්‍යභූමි දිනපතා බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ වන්දනාවට පාත්‍ර වේ. කැලණියට වැඩම කළ අවස්ථාවේ සොළොස්මස්ථාන පුණ්‍ය භූමිද මෙරට බෞද්ධ ජනතාවට සදානුස්මරණීය පුණ්‍ය භූමි බවට පත්කළ වදාළ තථාගතයන් වහන්සේගේ මහා කරුණාවත්, මහා ප්‍රඥාවත් මහා අසිරිමත් ය.

සුවාසු දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින අපේ රටෙහි ජීවමාන බුදුපියාණන් වහන්සේ වැඩ සිටින්නාක් මෙනි. සම්බුද්ධත්වය ලැබීමට වැඩ හිඳිමින් සෙවණ ලද දඹදිව ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේද ජීවමානව වැඩ සිටිනුයේ ද අපේ රටෙහිය.

මෙසේ සලකා බලන කල බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී ම අපේ රට සම්බුදු පහස ලද රටකි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව දඹදිව ධර්මාශෝක මහා අධිරාජයාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් තම පුතනුවන් වූ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු දූත පිරිසද මෙහි වැඩම කළහ. අනතුරුව සඟමිත් මහ රහත් තෙරණිය ප්‍රධාන දූත පිරිස දෙවන පෑතිස් මහ රජතුමාගේ ඇරැයුමෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙහි වැඩම කරවා අනුරාධපුර මහ මෙව්නාවේ රෝපණය කරන ලදී. ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය මුදුන් මල්කඩක් බඳු වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලොව පවතින ඓතිහාසික පූජනීය වස්තුවකි. සම්බුද්ධත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ පණිවුඩය ලොව හමුවේ තබන පාරිභෝගික චෛත්‍යයකි. මේ අනුව බලන කල දඹදිව සහ හෙළ දිව අතර පැවැතියේ මනා සබැඳියාවකි. ඓතිහාසික මිතු දමකි. සමීප ඇසුරකි. අපේ රටේ අසල්වැසි රාජ්‍යය ඉන්දියාවය. ඒ ඓතිහාසික සබඳතාවය. සමීප ඇසුරද සිහි ගන්වමින් වර්තමානයේදීත් දෙරට අතර වර්ධනය වී ඇත්තේ ආදර්ශවත් මිතු දමකි.

බුදුරජාණන් වහන්සේ උපන් ලුම්බිණි සල් උයනත්, සම්මා සම්බුද්ධත්වයට පත් බුද්ධගයා පුණ්‍ය භූමියත්, මංගල දම් දෙසුම පවත්වන ලද බරණැස ඉසිපතන පින්බිම සහ පරිනිර්වාණයට පත් කුසිනාරාවත් යන අසිරිමත් පුණ්‍ය භූමි ප්‍රධාන බෝසත් සිරිතට හා අසිරිමත් බුදු සිරිතට සම්බන්ධ ඓතිහාසික පුණ්‍ය භූමි සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමට අතීතයේ සිටම බෞද්ධයා දක්වනුයේ ඉමහත් උනන්දුවකි. ඒ නිසාම දින සති ගෙවා එම පුණ්‍ය භූමි නරඹමින් වන්දනාමාන කරමින් ජීවිතයේ සදා මතකයේ රඳා පවතින පුණ්‍ය මහිමයක් සිදු කර ගනු ලැබේ.

ඇතැම් විට සමහර බෞද්ධයකු වසරකට වරක් පමණ හෝ දඹදිව පුණ්‍ය භූමි වන්දනාවෙහි නිරත වේ. බෞද්ධයකු විසින් දැක පහන් සංවේගය උපදවා ගත යුතු ඉහත සඳහන් කළ දඹදිව පුදබිම් එක්වරක් හෝ වැඳ පුදා ගැනීමට ලැබීමත් ඉමහත් භාග්‍යයක්මය.

දඹදිව බුද්ධ භූමියෙහි පවතින බෞද්ධ පූජනීය ඓතිහාසික සිද්ධස්ථාන සියැසින් දැක බලා ගැනීමටද බොහෝ දෙනා උත්සාහ කරති.

ඉඩ ලද හැම විට වන්දනා ගමන් සංවිධානය කර මෙරට බොහෝ වෙහෙර විහාරස්ථාන දැක බලා වන්දනා කිරීමට ද අතීතයේ දී පුරුදු වී සිටියේ ය. ඒ අනුව “වට වන්දනාව“ ආදී නම් භාවිතා කරමින් වන්දනාවේ නිරත විය. සිරිපා වන්දනා වාරයේ දී ද සිරිපා වන්දනාවට ද ඒ අයුරින්ම පෙළ ගැසී වන්දනාවේ නිරත විය. ඒකාකාරී ජීවිතයෙන් වෙන්ව හිතට විවේකයත්, ගතට සුවයත් අපේක්ෂාවෙන් අතීත මුතුන් මිත්තන් සංවිධානය කළ වන්දනා චාරිකා කෙරෙහි අවධානය යොමු කර වටිනා කාලයෙන්ද ප්‍රයෝජන ගනිමින් වන්දනාවේ නිරත වීම හැදෙන වැඩෙන දරු පරපුරට ද ආදර්ශයක් වනු ඇත.

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]