අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
තණ්හාව, රාගය හෙවත් ආශාව මුල්කොට සද් ක්‍රියාවනුත් කෙලසීමට පත්වෙයි. මේ
ක්ලේශධර්ම දහයක්. ධර්මයෙහි සඳහන් වෙනව. ඒ ක්ලේශ ධර්ම 10 නාමිකව සඳහන්
කරන්න.
පිළිතුර
ලෝභ, දෝෂ, මෝහ මාන, දිට්ඨි විචිකිච්ඡා, ථීන ,උද්ධච්ච ,අහිරික
අනොත්තප්ප
ප්‍රශ්නය
කාමරාග – ව්‍යාපාද යන සංයෝජන නැතිවන්නේ කුමන ඵලයකට පැමිණීමෙන්ද ?
පිළිතුර
අනාගාමී ඵලයට පැමිණීමෙන්
ප්‍රශ්නය – සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සතර කර්ම ක්ලේශ මොනවාද ?
පිළිතුර –
ප්‍රාණඝාත – අදත්තාදාන – කාම මිථ්‍යාචාර- මුසාවාද
ප්‍රශ්නය – පරමාර්ථ ධර්ම මුල්කරගෙන දේශනා කරනලද ධර්මය හැඳින්වෙන්නේ
කුමන නමකින්ද ?
පිළිතුර
අභිධර්මය
ප්‍රශ්නය
මරණින් මතු නැවත උපතක් නැතැයි සිතා ඉන්ද්‍රියයන් සතුටු කිරීම පිළිබඳ
තෘෂ්ණාව හැඳින්වෙන්නේ කුමන නමකින්ද ?
පිළිතුර
විභව තණ්හා
ප්‍රශ්නය
පව් කම් කළ උපත ලබන ස්ථාන හතරක් ගැන ධර්මයෙහි සඳහන් වේ. එම ස්ථාන
නාමිකව සඳහන් කරන්න.
පිළිතුර
නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර
ප්‍රශ්නය
කුසල් සිතිවිලි වළක්වන සිතිවිලි 05 ක් ගැන සඳහන් වේ. මේවාට පංචනීවරණ
ධර්ම යනුවෙන්ද දැක්වේ. මේ නීවරණ ධර්ම මොනවාද?
පිළිතුර
කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ඡකුක්කුච්ච , විචිකිච්චා.
ප්‍රශ්නය
චක්ෂුරාදී ඉන්ද්‍රියයන් ඔස්සේ පාප චේතනා පහළ නොවන පරිදි හික්මීම
හැඳින්වෙන්නේ කුමන නමකින්ද ?
පිළිතුර
ඉන්ද්‍රිය සංවර සීලය
ප්‍රශ්නය
බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන මූලික සද්ගුණ දෙකක් ඇත. ඒ මොනවාද?
පිළිතුර
මහා කරුණාව හා මහාප්‍රඥාවයි
ප්‍රශ්නය
පරමාර්ථ සත්‍යාධිගමය සඳහා ශ්‍රාවක ගේ අභිමතය පරිදි තෝරාගත හැකි බෝධි
තුනක් පිළිබඳව බුදු දහමෙහි සඳහන්ව ඇත. එම බෝධි තුන මොනවාද?
පිළිතුර
සාවක බෝධි – පච්චේක බෝධි – සම්මා සම්බෝධි එම බෝධි තුනය
ප්‍රශ්නය
බුදු දහමට (මහන්තං වෙපුල්ලත්තං පාපුණන්ති භොගෙසු) භෝග සම්පත් බහුල වීමට
හේතු 04 ක් දක්වා ඇත. ඒ මොනවාද?
පිළිතුර
අං. නි. චක්ක සූත්‍ර දේශනාවට අනුව භෝග සම්පත් බහුල වීමට හේතු 04 ක්
මෙසේ දක්වා ඇත.
පතිරූපදේස වාසය (සුදුසු පෙදෙසක විසීම)
සද්පුරුෂ ආශ්‍රය
ආත්ම පාරිශුද්ධිය
පෙර පින් ඇති බව
ප්‍රශ්නය
බුදුරදුන් හමුවූ එක්තරා ගෘහපතියෙකු මෙසේ කියයි. ස්වාමීනි මේ මගේ
බිරිඳය. ඇය නව යොවුන් වියෙහිදී විවාහ කරගතිමි. මැය කයින් තබා සිතිනිදු
පතිවත නො ඉක්ම වන්නීය. එහෙයින් ස්වාමීනී අප දෙදෙනා මෙලොව දී මෙන්ම
පරලොවදීද එක්ව ජීවත්වෙමු. මේ ප්‍රකාශකයා කවුරුද?
පිළිතුර
නකුල පීතුවරයා විසින් බුදුරජාණන් වහන්සේගේ අබිමුවෙහිදි කළ ප්‍රකාශයකි.
ප්‍රශ්නය
තුම්පනේ කුලතුංග මුදලිගේ පුත් කුලතුංග කුමරුවා 1698 දී උපත ලබා වීර
පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු දවස සොළොස් වියෙහිදී පැවිදි ලබා නිහඬ ශාසන
මෙහෙවරක් ඇරඹූ මේ සාමණේරයෝ සිල්වත් සමාගම පිහිට වූහ.මේ ශ්‍රේෂ්ඨ සංඝ
පීතෘවරයාගේ නම කුමක්ද ?
පිළිතුර
වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සංඝරාජ මාහිමිපාණන් වහන්සේ
ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් කොටස් තුනකට
සංක්ෂිප්ත වෙයි. මෙයින් ප්‍රඥා කොටසට අයත් මාර්ග අංග මොනවාද?
පිළිතුර
සම්මා දිට්ඨි + සම්මා සංකප්ප
ප්‍රශ්නය
තණ්හක්ඛයා සබ්බ දුක්ඛං ජිනාති” තෘෂ්ණාව නැති කළේ නම් ඒ සියලු දුකින්
මිදි ජයග්‍රහණය ලැබුවා වේ” මෙහි සඳහන් “තණ්හක්ඛයා” යන්න පැහැදිලි කරන්න
පිළිතුර
තෘෂ්ණාව තෙවදෑරුම් වෙයි. කාම, භව, විභව, තෘෂ්ණා යනුවෙනි. පස් කම් සැප
විඳීමට වුවමනා වස්තු කෙරෙහි සිත පිනවීමෙහි සමත් රාග ඉස ලෝබ ආදි කෙලෙස්
කෙරෙහිද පවත්නා ඇලීම කාම තෘෂ්ණාවයි.
ආත්මය නිත්‍ය සුඛ වශයෙන් සදාකල්හිම පවතී යන මිථ්‍යා දෟෂ්ඨියෙන් යුතුව
පස් කම් සැප විඳින විට ඇතිවන තෘෂ්ණාව භව තෂ්ණාව නම් වෙයි. ශරීරයට
ආත්මයක් ඇත. මරණින් පසු ආත්මය වැනසේ. නැවත උපතක් නැත. අතට පත් දිවිය
පස්කම් සැප විඳිමින් අවසන් කළ යුතුය. මෙය විභව තෘෂ්ණාවයි.
ප්‍රශ්නය – ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා වැනි නීචයන්ටත් මේ ශාසනයෙහි
පැවිදි වන්නට හැකිද ? එසේ හැකිනම් පැවිදි වීමට කැමැත්තෙමි. භාග්‍යවතුන්
වහන්සේ මා පැවිදි කරන සේක්වා මෙම ප්‍රකාශනය කළ තැනැත්තා කවරෙක්ද ?
අවස්ථාව පැහැදිලි කරන්න.
පිළිතුර – සුනීත රජගහනුවර විසූ චණ්ඩාලයෙක්. හෙතෙම කසළ ශෝධකයෙකු වශයෙන්
රැකියාව කොට ජීවත්විය. ඔහු රහත් වීමට හේතු සම්පත් ඇතියෙකු බව දුටු
බුදුන් වහන්සේ ඔහු වෙත පැමිණ, සුනීත, දුක සේ රකින මේ ජීවිතයෙන් කවර
යහපතක් පැවිදි වන්නට කැමැති දැයි ඇසූ සේක. එවිට සුනීත වීසින් බුදුන්
වහන්සේට දුන් පිළිතුර මෙසේය.
ප්‍රශ්නය
පැරැණි වෛදික යුගයේ ස්ත්‍රීනට පැවැති ගෞරවණීය තත්වය පසුකාලීන යුගයෙහි
පිරිහී ගියත් පැරැණි යුගයේ සඳහන් නාම පද වලින් කාන්තාවගේ ප්‍රභූත්වය
හඳුනා ගත හැකිය. එම සුවිශේෂ නාමපදයන් මොනවාද?
පිළිතුර
මෙම නාමපද සමූහය තුළින් ස්ත්‍රිත්වයෙහි භාරතීය යන්ගේ ගෞරවයට අගැයුමට
ලක්වු ප්‍රමාණයන් කවරේද පහසුවෙන් හඳුනාගත හැකිවිය.
ඡායා – උපදවන්නිය
පත්නී– පමුණූවන්නිය
භාර්යා – පෝෂණය කළ යුත්තිය
සෞභාග්‍යමතී – සියලු සෞභාග්‍යය
ගෘහිණී – ගෙහි හිමිකාරිය ,ගෘහයෙහි පාලිකාව
සහධර්මිණී – එක්ව ධර්මයෙහි හැසිරෙන්න
කාන්තාව –ආලෝකමත් තැනැත්තිය |