UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තණමල්විල හම්බෙගමුව පුරාණ රජමහා විහාරයට පසුගිය දිනක ගොස් එහි සංරක්ෂණ කටයුතු පිළිබඳව සොයා බැලීමක නිරත විය.එම පුරාණ රජමහා විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.විහාරස්ථානයේ පැරැණි චෛත්‍යයේ කැනීම් කටයුතු මේ වනවිට සිදු කෙරෙන අතර එම කටයුතු ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළ අතර එහිදි කෝප්පකන්දේ සුමනතිස්ස නා හිමියන්ද බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිළිසදරක ද නිරත විය. ඡායාරූප උදේශ් ගුණරත්න
 

අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයට පින්කම්

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ලෝක ශාසනික අභිවෘද්ධිය උදෙසාත්, බුදුන් උපන් දේශයේ දඹදිව ඓතිහාසික සිද්ධස්ථාන රැකගැනීම උදෙසාත් සිදුකළ ජාතික, ආගමික හා සාමාජික මෙහෙවරට ශ්‍රී ලංකාවේ සවිය සංවර්ධන පදනම හා සවිය සංචාරක සේවය විසින් ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේ දී සැප්තැම්බර් 15 සිට 17 දක්වා පුණ්‍ය වැඩසටහන් සහ අධ්‍යාපනික, සංස්කෘතික හා ප්‍රජා සේවා රැසක් සංවිධානය කර ඇත.

ඉතිරිය»

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]