සම්බුදු දහම
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ධර්මය සසරින් එතරවීම පිණිස මිස එය ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ යැයි
බුදුරදුන් උපමාවකින් පැහැදිලිකර තිබේ. එසේම ධර්මය හදාරන්නේ දොස් සෙවීම
පිණිස නොව සත්‍යාවබෝධය පිණිසය.අනෙක් අතට බුදුරජාණන් වහන්සේගේ නීතාර්ථ
හා නෙයාර්ථ දේශනා මෙන්ම මහපදේස දේශනා මගින් දෘෂ්ටිගතික නොවී ධර්මය
විවරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ. එසේම කාලාම, වීමංසක, සන්දක
වැනි සූත්‍ර දේශනා තුළින් විචාර බුද්ධියෙන් යුක්තව යම් මතයක්
පිළිගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මූලධර්මවාදී නොවීමට බලපෑ හේතු කවරේද යන්න
විමසා බැලීම අවශ්‍යවේ. දෘෂ්ටි ගතික හෙවත් යම් මතයක් දැඩි ලෙස අල්ලා
ගැනීම මූලධර්මවාදය සඳහා හේතුවන බව බුදුසමය පෙන්වා දෙයි. තම මතය හා
දෘෂ්ටිය නිවැරැදිව සෙසු මත හා පිළිගැනීම් වැරැදිය. (ඉධමේව සච්චං
මොඝමඤ්ඤං) තම මතයට දැඩි ලෙස ආසක්ත වීම (සන්දිට්ඨිරාග) තම දෘෂ්ටිය පරම
සත්‍ය ලෙස ගැනීම (සච්චාභිනිවෙස) තම දෘෂ්ටිය දැඩි ලෙස ග්‍රහණය කරගැනීම
(දිට්ඨිපරාමාස) ආදිය නිසා මූලධර්මවාදි ආකල්ප පුද්ගලයා තුළ ඇති වන
බුදුසමයේ පිළිගැනීමයි.
සත්‍ය වුවද අසත්‍ය වුවද දෘෂ්ටිගතික වීම හානිකර වන්නේ එයින් අන් මත
නොඉවසීම අන්තවාදිවීම සදාචාර නොවන හරවා ගැනීම් ප්‍රචණ්ඩත්වය අන්තර්
පුද්ගල ගැටුම් ත්‍රස්තවාදි ක්‍රියා වර්ධනය වන බැවිණි. මේ අනුව භෞතික
දේවල් සම්බන්ධයෙන් ඇතිකරගන්නා වු දැඩි ඇල්මට වඩා මතවාද දෘෂ්ටි පිළිබඳ
ඇතිකරගන්නා වු බැඳීම් ප්‍රබල මෙන්ම හානිකර වේ. මෙම තත්ත්වය යටතේ
බුදුසමය පෙන්වා දෙන්නේ දෘෂ්ටිගතික නොවී උපයෝගීතාවය පදනමකින් මතවාද දෙස
බැලීමේ වැදගත්කමයි. අලගද්දූපම සූත්‍රයෙහි මෙම ආකල්පය මැනවින්
පැහැදිලිකොට තිබේ. ධර්මය සසරින් එතරවීම පිණිස මිස එය ග්‍රහණය කර ගැනීම
පිණිස නොවේ යැයි බුදුරදුන් උපමාවකින් පැහැදිලිකර තිබේ. එසේම ධර්මය
හදාරන්නේ දොස් සෙවීම පිණිස නොව සත්‍යාවබෝධය පිණිසය.අනෙක් අතට
බුදුරජාණන් වහන්සේගේ නීතාර්ථ හා නෙයාර්ථ දේශනා මෙන්ම මහපදේස දේශනා
මගින් දෘෂ්ටිගතික නොවී ධර්මය විවරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදී
තිබේ. එසේම කාලාම, වීමංසක, සන්දක වැනි සූත්‍ර දේශනා තුළින් විචාර
බුද්ධියෙන් යුක්තව යම් මතයක් පිළිගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි.
බහුතත්ත්වය ප්‍රතික්ෂේප කොට ඒකත්ත්වය පමණක් පිළිගැනීම ආගමික
මූලධර්මවාදය සඳහා හේතුවේ. බුදුරදුන්ගේ ධර්මය තුළ බහුතත්ත්වය පිළිගෙන
තිබේ. එබැවින් එය එක් ශුද්ධ භාෂාවකට පමණක් සීමාකොට නැත. බුදුරදුන්
වදාළේ තම දහම ශ්‍රාවකයාගේ බසින්ම හැදෑරීමේ වැදගත්කමයි. එසේම බුදුදහම
විවිධ ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කර තිබේ. ධර්මය විවරණය කිරීමේ ක්‍රමවේදය
ද විවිධය. බුදුසමයේ දැක්වෙන විශ්වය පිළිබඳ ඉගැන්වීමද බහුත්ත්වයකි.
පෘථිවි ලෝක මධ්‍යලෙස පිළිගන්නා අතර අනන්ත ලෝකධාතුන් හා ඒවායේ
ක්‍රියාකාරිත්වය සංවට්ට කප්ප විවට්ට කප්ප යටතේ පැහැදිලි කරයි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිව්‍යමය පණිවිඩයක් නොවේ. පුරාණ නටබුන් වු
නගරයක් නැවත සොයාගන්නාක් මෙන් බුදුරදුන් විසින් සත්‍ය නැවත සොයාගන්නා
ලදී. සොයාගත් සත්‍ය අන් අයටද අත්දැකිය හැකිවේ. බුද්ධත්වය යනු ශුද්ධ
ඒකාධිකාරයක් නොවේ. බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කිරීමෙන් ඕනෑම කෙනෙකුට එයට
ළඟා විය හැකිවේ.
මෙනිසා අතීතයේ බුදුවරු පහළ වූවාක් මෙන්ම අනාගතයේද බුදුවරු ලොව පහළ
වෙති. අවිද්‍යාවෙන් යටපත් වූ සත්‍යය කලින් කලට ලෝකයට ඉදිරිපත් කරති.
එසේම බුදුරදුන් වදාළ සත්‍ය අවබෝධකරගත් පසේ බුදුවරු මෙන්ම රහත් උතුමෝද
අනන්ත වෙති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීමේ
ප්‍රතිඵලයක් ලෙස ථෙරවාද, මහායාන , වජ්‍රයාන වශයෙන් බෞද්ධ සම්ප්‍රදායන්
තුනක් බිහිවි තිබේ. මේ සියලුම සම්ප්‍රදායන් බුදුරදුන්ගේ මූලික ඉගැන්වීම
අවිවාදයෙන් පිළිගනී. වෙනස පවතින්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්කරන ලද විවරණ
තුළ පමණි. බුදුරදුන්ගේ ධර්මය පාලි,චීන, තිබ්බත හා මොන්ගෝලියන් යන
මූලාශ්‍රවලින් යුක්ත වේ. මෙම මූලාශ්‍රවල සමානතා මෙන්ම විෂමතාද දක්නට
ලැබේ. බුදුසමය ලොව විශාලතම සංස්කෘතික විවිධත්වයක් ඇති ආගම්වේ. බුදුසමය
කවර රටකට වුව හඳුන්වාදීමේදී එය එහි සංස්කෘතික විවිධත්වය නැතිකොට ඒකීය
සංස්කෘතියක් නිර්මාණය කිරීමට උත්සුක වී නොමැත. චීන බෞද්ධ සංස්කෘතිය
ජපන් බෞද්ධ සංස්කෘතියෙන් වෙනස්වේ. ඒ දෙකම තායිලන්ත, බුරුම හෝ ශී‍්‍ර
ලාංකික සංස්කෘතියෙන් වෙනස්වේ. බුදුසමය සංස්කෘතික බැඳීම් සහිත ආගමක්
නොවේ. කූඩුව අතහැර යන පක්ෂියෙකු තැනින් තැනට පියාසර කරන්නාසේ බුදුසමයට
ලොව කවර තැනකට වුවද පියාසර කළ හැකිය. ඕනෑම සංස්කෘතියකට අයත් පුද්ගලයකුට
එය අනුගමනය කළ හැකිය. ආගමක් වශයෙන් බුදුසමය මිනිසුන්ගේ ජීවිතය
සම්බන්ධයෙන් අනවශ්‍ය මැදිහත් වීමක් සිදුනොකරයි. සර්වකාලීන බෞද්ධ ඇඳුමක්
හෝ බෞද්ධ ආහාරපාන හෝ බෞද්ධ බෙහෙත් යනුවෙන් කිසිවක් දක්වා නොමැත.මේ
සියල්ල කලින් කලට තැනින් තැනට වෙනස් වන්නක් ලෙස පිළිගැනේ. විවාහය
සම්බන්ධයෙන් බුදුසමය ඒක භාර්යා විවාහය අනුමත කරන අතර සෙසු ඒවා සදාචාර
විරෝධී යැයි නොදක්වයි. විවාහය සම්පූර්ණයෙන්ම ලෞකික ආයතනයක් වන අතර එය
ආගමික සක්‍රමේන්තුවක් ලෙස නොපිළිගනී. එය කලින් කලට වෙනස්වන සමාජ
ආයතනයක් වීම බුදුසමයට ගැටලුවක් නොවේ. බුදුසමය එය ස්ථිර හා පවතින එකක්
ලෙස නොදක්වයි. විවාහක ස්ත්‍රී පුරුෂ දෙදෙනා නොගැළපෙන්නේ නම් වෙන්වීම
ඔවුන්ගේ කැමැත්තය. ඔවුන් දෙදෙනා වගකිවයුත්තේ ඔවුන් අයත් රටෙහි නීතියට
පමණි. ලිංගික සදාචාරය පිළිබඳ කරුණු දැක්වීමක් මිස බුදුසමයෙන්
පුද්ගලයාගේ ලිංගික ජීවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වී නොමැත. එය මෙසේ විය
යුතුයැයි පනවන ලද දැඩි නීති පද්ධතියක් නැත. ලිංගික තණ්හාව පදනම් කරගෙන
පුද්ගලයා සිදුකරන විවිධ අපරාධ හා පාප ක්‍රියා පමණක් ප්‍රතික්ෂේප කර
තිබේ. පැවිදි සංස්ථාවද මධ්‍යගත වූවක් නොවේ. එහි නීති රීති සාපේක්ෂ
වූවකි. මූලික හරයන්ට හානි නොවන සේ වෙනස්කළ හැකිය.කතිකාවක් මගින් ඇතැම්
පැනවීම් සකස් කරගත් බව ශාසන ඉතිහාසය සනාථ කරයි. මානව වර්ගයාගේ ඒකත්වය
පිළිබඳ සාකච්ඡාවේදි බුදුසමය විවිධත්ත්වය නොසළකයි. බුදුසමය බ්‍රාහ්මණ
සමාජ වර්ගීකරණය ප්‍රතික්ෂේප කරන අතර සෙසු ජීවින් මෙන් මිනිසුන් තුළ
බාහිර වශයෙන් වෙනසක් නොදකී. මානව වර්ගයාගේ සාමූහිකත්වය හා ඒකත්ත්වය
හඳුනාගැනීම අධ්‍යාත්මික දියුණුවේ පදනම වේ. ජාතිවාදයෙන් (ජාතිවාද
විනිබ්බද්ධ) හා ගෝත්‍රවාදයෙන් (ගොත්තවාද විනිබ්බද්ධ) බැදුණු පුද්ගලයා
ආධ්‍යාත්මික දියුණුව වන විද්‍යාවෙන් හා චරණයෙන් වියුක්ත වූවක් ලෙස
බුදුසමය උගන්වයි. (ආරකා අනුත්තරාය විජ්ජාචරණ සම්පදාය) කෙනෙකු උපතින්
යම් කුලකට හෝ ගෝත්‍රයකට අයත් නොවන අතර යම් කෙනෙක් ජාතියෙන්,ගෝත්‍රයෙන්
හා ධනයෙන් මත්ව අන් අය පීඩාවට පත්කරයිද ඔහු චණ්ඩාලයෙකැයි දැක්වේ.
බුදුසමයෙන් වැඩි විවේචනයක් ඉදිරිපත්වන්නේ සදාචාරය හා හොඳ නරක
නොපිළිගන්නා භෞතිකවාදි ඉගැන්වීම් කෙරෙහි පමණි. උපාලි සූත්‍රයෙහි
දැක්වෙන කරුණු ආගමික සහනසීලීභාවය පිළිබඳ ප්‍රකට ඉගැන්වීමයි. සිඟාලෝවාද
සූත්‍රයෙහි දැක්වෙන්නේ සියලු ශ්‍රමණ හා බ්‍රාහ්මණයන්ට විශේෂත්වයකින්
තොරව සැලකීමයි.මේ අනුව සියලුම ආගම්වලට ගරු කිරීම මෙන්ම ආගමික උතුමන්ට
සැලකීම ගෘහස්ථයාගේ යුතුකම ලෙස පිළිගෙන තිබේ. මේ ඉගැන්වීම් හේතුවෙන්
අතීතයේ බුදුසමය වෙනුවෙන් යුද්ධ නොපැවතුණි.
ඇතැම් රටවලින් බුදුසමය ක්‍රමයෙන් අතුරුදන් වුවද බෞද්ධයා කිසිවිටෙකත් ඒ
වෙනුවෙන් මූලධර්මවාදී වී නොමැත. විද්‍යාව හා තාක්ෂණය කොතෙක් දියුණු
වුවද එයින් බුදුසමයට තර්ජනයක් නොවීය. එහි සුවිශේෂී ජීව ගුණය අඛණ්ඩව
පවතී.ආගමික උන්මන්තක බවක් බෞද්ධයා තුළ වර්ධනයවී නොමැති හෙයින් ආගමික
සහනශීලි බව බුදුසමය ව්‍යාප්ත වූ රටවල නිසර්ගයෙන්ම පැවතුණි. බුදුසමයේ
ඉගැන්වෙන ආගමික සහනශීලි ප්‍රතිපදාව ක්‍රියාත්මක කළ පරමාදර්ශී පාලකයා
වූයේ ධර්මාශෝක අධිරාජයාය.මෙය ඔහුගේ හයවන හා දොළොස්වන ධර්ම ලිපිවලින්
සනාථ වේ. ඉහතින් දැක්වූ කරුණු අතිශය සංක්ෂිප්ත විවරණයකි. ඒ අනුව
විමසුම් නුවණින් බලන්නේ නම් බුදුසමය මූලධර්මවාදී ආගමක් නොවන අතර එය
මානවහිතවාදි පමණක් නොව සර්වසත්ව හිතවාදී දහමකි. |