ආලෝකයෙන් ආලෝකයට යෑම ප්‍රඥාවන්තයාගේ ලක්ෂණයක්
පිටිගල ගුණරතන හිමි
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා මිනිසුන්ට දහම් දෙසන විට
ප්‍රඥාවන්තයා එය අවබෝධකර ගනු ලබනවා. ආලෝකයෙන් ආලෝකයට යන මාර්ගයේ ගමන්
කරනවා. ඔහු සීලමය හා දානමය විපාකයේ අඩුවක් තිබුණොත් ඒ අඩුව සම්පූර්ණ
කරගෙන නුවණ උපදවා ගන්නට මහන්සි වෙනවා. ඒ සඳහා දැක්ම ඇතිකර ගන්නවා.
අප ඉගෙනගෙන තිබෙනවා අඳුරේ සිට ආලෝකයට යන අය පිළිබඳව. ඒ වගේම ආලෝකයේ
සිට අඳුරට යන අය, අඳුරේ සිට අඳුරට යන අය සහ ආලෝකයෙන් ආලෝකයට යන අය
පිළිබඳව. එහෙමනම් අප මේ කොටස් හතරට අයිති කුමන කොටස ද? අප පත්විය
යුත්තේ ආලෝකයෙන් ආලෝකයට යන කොටසට යි. මේ සංසාර ගමනේ තිරිසන්, අසුර,
පේ‍්‍රත ලෝකයකට නොගොස් මනුස්සයෙක් වෙලා උපදිනවා කියන්නේ ලොකු ලාභයක්.
මේ මනුස්ස ආත්ම භාවය ලබාගෙන මනුස්ස ආත්ම භාවය අත්හැරෙන විදිහට
දුෂ්චරිතයේ රැෙඳනවානම් යම් ආලෝකයකට ඇවිල්ල නැවත අඳුරට යන්න හදන
වැඩපිළිවෙලක්. ආලෝකයෙන් අඳුරට යන්න උත්සාහ නොකළ යුතුයි. දැන් අප
ආලෝකයන්ට ඇවිදින් ඉන්නේ. ඒ ආලෝකය තුළ ආලෝකයට යන්න. සමහර විට අප අපේ
ජීවිතවලදී අඳුරක් දකිනවා වෙන්න පුළුවන්. ඊට නිරෝගි සුවය තිබෙන
දීර්ඝායුෂ තිබෙන කයක් ලැබුණේ නැහැ. මම ලෙඩෙක්. ආබාධිතයෙක්. අවශ්‍ය කරන
සම්පත් ලැබිලා නැහැ. මම එතරම් දැන උගත්කම් නැහැ. සියල්ල සම්පූර්ණ වෙලා
නැහැ. ඒ අය ජීවිතයේ අඳුරක් දකින අයයි. නමුත් ඒ අඳුරින් ආලෝකයට යන්න
පුළුවන්. කවුද මේවා අඩුකළේ? මේ කිසිදෙයක් අම්මා තාත්තා කළා නොවේ.
දෙවියන් බඹුන් කළා නොවේ. වෙන කෙනෙක් කළාත් නොවේ. මේ අඩුව සම්පූර්ණ කර
දෙන කටයුතු ටික පෙරදී මා විසින්ම කරගෙන නැහැ. නිරෝගි සුරෑපි කයක්
ලබාදෙන සිල් රැකලා නැහැ. සම්පත් ටික ලබාදෙන දානය දී නැහැ. නුවණ ලබාදෙන
භාවනාවේ යෙදී නැහැ. එසේනම් වරද කර තිබෙන්නේ මමයි. මමයි අඳුරෙන් එළියට
යන වැඩපිළිවෙල කළයුතු වන්නේ.
අප දන්නවා ගොවියා වගාවක් කර යම් යම් දේ රැස්කර ගන්නවා. ඊට පස්සේ ඔහු මට
දැන් කුඹුරු ඕන නැහැ කියා අත හැරියොත් ඔහුට වරදින දවසක් එනවා. රැස්කර
ගෙන ළඟට ගත් දේවල් එදිනෙදා පරිහරණයත් සමඟ වැය වෙනවා. අවසන් වෙනවා.
අවසන් වූ දවසට වැටෙන්නේ කොතැනට ද? අප කර්මය නමැති අස්වැන්න භාවිතා
කරමින් දැන් මේ ජීවිතය පවත්වන්නේ. එහෙනම් මේ ජීවිතයේ තිබූ කුසල් ගෙවී
යනවා. යම් දවසක ඒ කුසලය පින ගෙවී ගියොත් දුකට භාජනය වෙන්න වුණොත්
ආලෝකයෙන් අඳුරට යන්න වෙනවා. ඒ බව දකින කෙනා පෙරත් මම එසේ කළ නිසා මට
සැප ලැබෙනවා. ඒ නිසා පින ගෙවී යන්නට පෙර ගොවියා නැවත නැවත. කෙතට
බසින්නාක් මෙන් වැස්ස නැවත නැවත වහින්නාක් මෙන් පැටියා මව් වැස්සිය වෙත
දුවන්නාක් මෙන් නැවත නැවත එම නිවන පිණිස කුසලයෙහි යෙදිය යුතුයි කියා
කටයුතු කළොත් අප ආලෝකයෙන් ආලෝකයට යනවා. එනිසා දාන, සීල, භාවනා කියන
පින්කම් කළයුතුයි. දන් දීලා, සිල් රැකලා විතරක් හරියන්නේ නැහැ. භාවනාව
කියන පින්කමත් අනිවාර්යෙන් කළයුතු වෙනවා.
එනිසා ඔබට පැහැදිලියි භාවනාව තුළින් අපේ නුසුදුසුකම් ඉවත් කර සුදුසුකම්
හදා ගන්න සුදුසුකම් ඇති අයට පුලුවන් සසර ගමන නිමා කර සසර ගමනේ නො ලද
උතුම් අමා මහ නිවන වෙත යොමු වෙන ඉලක්කයට ළඟා වෙන්න. එනිසා අප හැමෝටම
භාවනවා අත්‍යවශ්‍ය යි. කාටවත් ඒක එහෙම නොවේ කියා කියන්න බැහැ. අපට
ඒකාන්තයෙන් අවශ්‍ය වැඩපිළිවෙලක් ලෙස අප මේ දහම දකින්නට ඕන. භාවනාව
පිළිබඳව කථාකරන විට මූලිකවම පදනමක් හා එය ඉක්මවාගිය ඊට වඩා අවබෝධයකටත්
මේ පිළිබඳව පැමිණෙන්න වෙනවා. සමස්තයක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ
ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ මේ
දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව කළ දේශනාවන් යම් තරමකට හෝ ඔබට වැටහීමක් ඇත. ඒ
අනුව කොතැනක හෝ ලබන උප්පත්තිය සැපදායක සුවදායක තැනක් ලෙස මේ දහමේ
පරමාර්ථ පැතක්තට යොමුවෙන විට පිළිගන්නේ නැහැ. ලෝක සම්මතය තුළ මේ ශාසනය
තුළ සතර අපායට සාපේක්ෂව සැප ඇති තැන් ලෙස දිව්‍ය මනුස්ස ආත්මභාව
පැහැදිලි කරනවා. අප ලෝකය කියා සඳහන් කරන විට එයට කාම ලෝක රූප ලෝක හා
අරූපි ලෝක අයිතියි. ඒ ලෝකයට සාපේක්ෂව තිබෙන යහපත හා අයහපත. කුසලය හා
අකුසලය. ඒ යහපත උදාකර දෙන්නේ කුසලය යි. අයහපත ළඟාකර දෙන්නේ අකුසලයෙන්
මිදෙන්න අපට දැක්මක් තිබෙන්න ඕන. ඒ ඒ දර්ශනය තමා කම්මස්සකථා ඤාණය නමින්
බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ කම්මස්සකථා ඤාණය නමින් පැහැදිලි කරන්නේ
කර්මය හා විපාකය පිළිබඳව ඇතිකර ගත් දැක්ම. කම්මස්සකථා ඤාණය තුළත්
ප්‍රාථමික අවස්ථාවන් තිබෙනවා. වැඩි දියුණුකරගත් අවස්ථාවකුත් තිබෙනවා.
අප බොහෝ දෙනා තුළ දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම ප්‍රාථමික අවස්ථාවක් කර්මය
මෙලොවින් දකිනවා. විපාකය පරලොවින් දකිනවා. මේ මේ කර්ම කළවිට මේවාට
විපාක වශයෙන් දිව්‍ය, මනුස්ස ලෝකවල ප්‍රතිසන්ධිය ලබන්න පුලුවන් කියා
අදහසක් අප ළඟ තිබෙනවා. මේ දැක්ම මීට වඩා දියුණු තියුණු කරගන්න ඕන එකක්.
අඩු තරමින් මේ කර්මයට මේ විපාක මේ කර්මයට මේ විපාක කියන දැක්ම තිබුණොත්
ඔහු මේ ලෝකය තුළ යහපතක් ගොඩනඟා ගන්න කෙනෙක් වෙනවා. නමුත් ලෝකයෙන් එතෙර
වෙන්න බැහැ. ඒ කම්මස්සකතා ඤාණය සතර අපාය ඉක්මවා මනුස්ස ලෝකය, මනුස්ස
ලෝකය ඉක්මවා දිව්‍ය ලෝකය, එය ඉක්මවා අරූපි බ්‍රහ්ම ලෝක, අරූපි බ්‍රහ්ම
ලෝක ඉක්මවා ඉහළට යන තරමට වැඩි දියුණු කර ගන්න පුලුවන්කම තිබෙනවා.
ඒ සමඟම බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි දෙකක් පැනවූවා. ලෝකයෙන් එතෙර
කරන සම්මා දිට්ඨිය හා ලෝකයේ නතර කරන සම්මා දිට්ඨිය ලෙස. ලෝකයේ නතර කරන
සම්මා දිට්ඨියෙන් කෙරෙන්නේ කාම ලෝක, රූප ලෝක, අරූපි ලෝකයෙන් එතෙර කොට
ලෝකෝත්තර භූමියට පමුණුවන බැවින් ලෝකෝත්තර සැපතට ළඟාකරන බැවින් ඒ දැක්මට
කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියා. ඒ වගේම ලෞකික දිට්ඨියෙන් නේවසඤ්ඤා
නාසඤ්ඤාව දක්වා සිත පිරිසුදු කරගෙන ඒ සැපතට ළඟාවෙන්න පුලුවන්. ලෝකය
ඉක්මවා යන්න බැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් මේ සියල්ල ඉක්මවා වෙනතක්
නොවන අජරාමර සැපතක් ලබාගන්න පුලුවන්කම තිබෙනවා. එබැවින් බුදුරජාණන්
වහන්සේ මේ ලෞකික දැක්ම හා ලෝකෝත්තර දැක්මක් අපට වදාළා. එහිදී අප මේ
සම්මාදිට්ඨි පිළිබඳව ඉගැන්වීම දැන හඳුනා ගන්න ඕන. ඒ වගේම අප සතර අපාය
හා සුගති ආත්ම පිළිබඳව පිළිගැනීමක් තිබෙනවා අනෙක් ආගම්වලත් පොදුවේ
දුගතියක් හා සුගතියක් තිබෙන බව පිළිගන්නවා. ඒ සුගතිය හා දුගතිය තුළ
උපදින්නේ මේ මේ ක්‍රියාකාකරම්වල බෙදුනාමයි කියා අඩුවැඩි වශයෙන් යම් යම්
දැනුමක් තිබෙනවා. ඒ අනුව මේවා අකුසල් මේවා කුසල් , පුණ්‍ය කර්ම කියා
හඳුනා ගැනීමක් තිබෙනවා. මේ කර්ම කළොත් දුගති විපාකයන් අත් විඳින්න
වෙනවා. මේ මේ වගේ ජීවිතය මෙහෙයවන්න පුලුවන් වුණොත් සුගති ආත්මභාව
ප්‍රතිලාභ ලබන්න පුලුවන් කියා දැනුම අපට තිබෙනවා. ඒ දැනුම තමා
ප්‍රාථමික වශයෙන් සම්මකතා ඥානය කියන්නේ. එතැනදී අපට ලැබෙනවා කායික
වාචසික මානසික සුවයක්. එහි සුචරිත පැත්තක් තිබෙනවා දුෂ්චරිත පැත්තකුත්
තිබෙනවා. අප නිතර කැමැතියි දුෂ්චරිතයෙන් මිදිලා සුචරිතයට එන්න. එසේ අපේ
කැමැත්ත තිබුණට අප නැවත නැවත් වැඩි වැඩියෙන් යෙදෙන්නේ දුෂ්චරිතයේ. ඇයි
අපේ ක්‍රියාකාරකම් දුක් සහිත වෙන්නේ? අපේ ක්‍රියා අකුසල් වෙන්නේ? ඒ
සඳහා ධම්මපදයේ පළමු ගාථාවෙන් සඳහන් වන
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා මේ සැපදුක ලබාදෙන ක්‍රියාකාරකම්
සිදුවෙන හේතුවක් මූලකයක් දක්වනවා.මනසා චේ පදුට්ඨේන සිත දූෂණය වුණොත් ඒ
සිත මූලිකවෙලා කරන ක්‍රියාකාකරම් අකුසල්. ඒ අකුසලය අපට මෙලොවත් පරලොවත්
දුක පිණිස පවතිනවා. මනස ප්‍රසන්න වුණොත් ඒ ප්‍රසන්න මනස මුල්වෙලා කරන
ක්‍රියාකාරකම් කුසල වෙනවා. ඒ දෙයින් සැපත ළඟාකර දෙනවා. ඔබත් මමත් දුකට
කැමැති නැහැ. කැමැති සැපතටයි අප වගේම ලෝකයේ හැම සත්ත්වයෙක්ම දුක
පිළිකුල් කරනවා. සැපයට කැමැතියි. එහෙනම් ඒ සඳහා කළයුතු දෙයක් තිබෙනවා.
අකැමැති දේ නො ලබන්න නම් අකුසල් නො කර සිටින්න ඕන. කැමැති සුගතිය ලබන්න
නම් කුසලය කරන්න ඕන. අකුසලය නො කර ඉන්නත් කුසලය කරන්නත් අපේ නුවණත්
දියුණු වෙන්න ඕන.
නයනා නිල්මිණි |