UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක 2014.08.24

කළ හැකි පින්කම්

පින්කම් සිදු කිරීම සඳහා බොහෝ විට මිල මුදල් අවශ්‍ය යැයි බොහෝ දෙනා කල්පනා කරති. එහෙත් මිල මුදල් නොමැති වුවද කළ හැකි පින්කම් බොහෝය.

ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන් යටපත් කර ගනිමින් අලෝභ,අද්වේශ, අමෝහ කුසල මූලයන් පෙරදැරි කර ගැනීමෙන් පින්කම්වල නිරත විය හැකි වේ.

තිරිසන් සතෙකු වෙත වුවද, තම බත් පතෙන් මිටක් හෝ ලබාදීමෙන් එම සතාගේ කුසගින්න නිවීමට තම ශක්ති පමණින් දායක වූයේ යැයි මහත් සතුටක් උදාකර ගත හැකි වේ.

අතීතයේ දී පින් වැඩෙන පැන් තාළි තැනින් තැන තබමින් ගමනාගමනයෙහි යෙදෙන්නන්ගේ ගමන් විඩාව දුරු කරනු වස් පැන් පොදක් හෝ පානයට තැබීමෙන් පිපාසය සන් සිඳවීමට කටයුතු කළහ.

දිනපතා පිරිසුදු ජල බඳුනක් තබා සතුන්ගේ පිපාසය සන්සිඳවීමට දායක වන අයුරු බොහෝ විට දක්නට ලැබේ.

සද් ක්‍රියාවක් ලෙස තමන් මෙන්ම පණ ඇති සියලු සත්වයෝද ආහාරයෙන් ජීවත් වන බව කල්පනාවට ගනිමින් සා පිපාසාව දුරු කිරීමට තම ශක්ති පමණින් ඉතා සුළුවෙන් හෝ දායකවීම මනුෂ්‍යයා සතු වගකීමකි.

මෙවර වස්සාන කාලය යෙදී ඇති මෙකල බොහෝ වෙහෙර විහාරස්ථානවල සන්ධ්‍යා භාගයේදී ආගමික වතාවත් සිදු කෙරේ. එබඳු ආගමික වතාවත්වල යෙදෙන උපාසක උපාසිකාවන් සඳහා මල් දන්සැල් පැවැත්වීම නොමිලයේම කළ හැකි ක්‍රියාවකි.

විහාරස්ථානයට ගොස් තමන් රැගෙන ගිය තෙල්, මල්, සුවඳ දුම් පුදන්නට පෙර සෑ මළුව, බෝමළුව, විහාර මළුව, පිරිසුදු කර මල් අසුන්වල පරමල් වෙතොත් ඒවාද ඉවත් කර පවිත්‍ර කිරීමෙන් මහත් ආනිශංස රැසක් උදාකර ගත හැකිය.

වත් පිළිවෙත්වල යෙදීම පින්කමක්ම පමණක් නොව ගුණවත් සද්පුරුෂ ක්‍රියාවක්ද වේ.

යන එන මඟ තොටදී හමුවන අත පය වාරු නැති වියපත් වූවන් කෙරෙහිද කාරුණිකව පිහිට විය හැකිය. එය බස් රියේදී , දුම්රියේදී වුවද ඉටු කළ හැකි යුතුකමකි. තමා අසුන් ගෙන සිටින අසුන ආසන්නයේ අසරණ අයෙකු වෙතොත් තමාගෙන් ඉල්ලීමක් කරන්නට පෙර තමාට හිමි අසුන ඒ අසරණ මනුෂ්‍යයා වෙනුවෙන් පිරිනැමිය හැකි නම් එය ඉමහත් සතුටක් නොවන්නේද? එහෙත් එබඳු අසරණ ඇතැමෙක් වෙත අසුන පිරිනමන ලද තැනැත්තාද සතුටු කරමින් ආශිර්වාද කිරීමට හෝ අමතක නොකළ යුතුය.

පින්කමක් මෙන්ම යුතුකමක් සේ සලකා මෙසේ කළ හැකි බොහෝ පින්කම් වේ.

ඇතැමෙක් පින්කම් කිරීම තබා වෙනත් අයෙක් කරන පින්කම් දැකීමෙන් සතුටුවීමට වත් අකැමැති අයද අප අතර නැත්තේ නොවේ. කොතරම් ගුණ යහපත් දෑ කළද, ඒවා පවා අවඥාවෙන් බලන අය නැත්තේ නොවේ.

හදිසියේ ඇතිවන උවදුරකදී තම ශ්‍රමය යොදා ඒ උවදුරෙන් තමා දන්නා හෝ නොදන්නා කවරෙක් වුවද ඉන් මුදා ගැනීමට තම වටිනා ශ්‍රමය වැය කිරීම මිල කළ නොහැකි පින්කම් සේ කල්පනා කළ යුතුය.

සිතා මතා මෙන්ම ක්ෂණිකවද පින්දහම්හි නිරතවීමට අවස්ථා උදාවනු ඇත. අසාධ්‍ය රෝගියකු වෙත කාරුණිකව පිහිටවීමට රුධිරය ටිකක් දන් දෙන්නට ඉදිරිපත් විය හැකිය. එවන් පරිත්‍යාග වල නිරතවන බොහෝ තරුණ පිරිස්ද අප අතර වෙසෙන බවද අප අමතක නොකළ යුත්තකි.

ශ්‍රමය දන්දීමෙන්ද බොහෝ පින්කම් වල නිරත විය හැකිය. මෙ පමණක් නොව නැණ නුවණද ඒ සඳහා අවශ්‍ය පිරිස් වෙත නොමිලයේ ලබාදීමෙන් පින් වැඩිය හැකිය.

අප අකැමැති දේ වෙත අනුන්ද අකැමැති වෙතැයි කල්පනා කරමින් අනුන්ට අහිතකර දෑ කිරීමෙන් ඈත්විය හැකි නම් එයද මහඟු ක්‍රියාවකි.

අනුන්ගේ දුක දැක සතුටුවීම, නොව ඊට පිහිටවීමෙන් පමණක් තමාට සතුටු විය හැකි මෙන්ම එසේ පිහිට ලැබූ අයද අපමණ සතුටට පත්ව සද්සිතින් ආසිරි පතනු ඇත.

මේ අනුව බලනවිට මුදල් වැය නොකළද කළ හැකි පින්කම් තවත් කොතෙකුත් පවතී. එහෙත් ඒවා පින්කම් යැයි බොහෝවිට නොසිතන හෙයින් එවැනි පහසුවෙන් කළ හැකි පින්කම්වල නිරත නොවේ. පින් කිරීමට මුදල් අවශ්‍යයැයි කල්පනා කරමින් සිටීමෙන් පමණක් පින්කම් කළ නොහැකි වේ.

 

 නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 24 වැනි දා අපර භාග 05.17 ට ලබයි. 25 වැනි දා සඳුදා අපරභාග 07.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු මස 24 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 02 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]