ඝටීකාර සූත්‍රයෙන් අනාවරණය වන කල්‍යාණ මිත්‍ර සේවනයේ ශ්‍රේෂ්ඨත්වය
පාඨශාලාචාර්ය
කේ.එම්.පී. වීරසිංහ
පිළිමතලාව
එක් සමයෙක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්
වහන්සේ සමඟ කෝසල ජන පදයෙහි පිණ්ඩපාතයෙහි යෙදී සිටියදී බුදුරජාණන්
වහන්සේ මඳ සිනාවක් පහළ කළ සේක. එවිට ආනන්ද තෙරුන් වහන්සේට මෙබඳු
සිතිවිල්ලක් ඇති විය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිතර සිනහ පහළ
නොකරණසේක. නිකරුණේද සිනහ පහළ නොකරණ සේක. විශේෂිත වූ අවස්ථාවකදී පමණක්
මද සිනහ පහළ කරණ සේක.මෙසේ මද සිනහ පහළ කරන්නට හේතුව කවරේදැයි දැන ගනු
රිසිව, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, සර්වඥවරයෝ වූ කලී නිස්කාරණයෙහි
සිනහ පහළ නොකරන්නාහුය. ඔබ වහන්සේ සිනහ පහළ කරන්න හේතු කවරේදැයි විචාළහ.
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක.
ආනන්දයෙනි, පූර්ව කාලයෙහි මේ භූමි ප්‍රදේශයේ වෙහළිහ නම් නියම් ගමක්
විය. ඒ සමයෙහි මෙම වෙහළිහ නම්වු නියම් ගමෙහි ආරාමයක, කාශ්‍යප නම් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ මෙහි වැඩ සිටි සේක. මෙහි
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ,අග්‍ර උපස්ථායක වූ ඝටීකාර නම්වූ
කුම්භකාරයෙකු විසූහ. ඔහුට ඉතා පි‍්‍රය මිත්‍ර වූ ජෝතිපාල නම් වූ
මානවකයෙක්ද විය. එම ඝටීකාර නම් වූ කුම්භකාර තෙම තම ඉතා පි‍්‍රය මිත්‍ර
වූ ජෝතිපාල නම් මානවකයාට කථා කොට මෙසේ කීය. “පි‍්‍රය මිත්‍රයෙනි,
භාග්‍යවත් වූ අර්හත් වූ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි
ආරාමයේ වැඩ වාසය කරති. උන්වහන්සේ බැහැදැකීම සඳහා මා නිතර එහි යමි. මා
උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ
වෙත මා සමඟ එහි යන්න ඔබත් එන්න යයි කීය. එවිට මානවක තෙම ඝටීකාර
කුම්භකාරයාට මෙසේ කීය.
“යහළු ඝටීකාරය ඒ මුඩුමහණහු දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? නොහොත් කුමක්
වන්නේද? නො කැමැත්තේය”යි ප්‍රතික්ෂේප කළේය.
දෙවෙනි වරටද, මෙසේම මානවකයාට කී කළ පෙර කී සේම කියා හෙතෙම එය
ප්‍රතික්ෂේප කළේය.
තුන්වෙනි වරද ඝටීකාර තෙම ජෝතිපාල මානවකයාට භාග්‍යවත් වූ අර්හත් වූ
කාශ්‍යප නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට යමු යයි කී කළ ඒ
මුඩුමහණ දැකීමෙන් කුමක් වන්නේද? කම් නැතැයි කියා මෙසේ තුන්වෙනි වරටද,
එය ප්‍රතික්ෂේප කළේය.
එවිට ඝටීකාර කුම්භකාරතෙම, “මිත්‍ර ජෝතිපාලයෙනි, ස්නානය කිරීම පිණිස
කුරුවින්ද පාෂාණ (රතුකැට) මිශ්‍ර වූ නදියට යමු යයි කීවේය. එවිට ජෝතිපාල
මානවක තෙම මිත්‍රය, හොඳයි එහි යමු යයි ඝටීකාර කුම්භකාරයාද, ජෝතිපාල
මානවකයාද යන දෙදෙනාම ස්නානය පිණිස එම ගඟට ගියහ. ඉන් පසු එම ඝටීකාර
කුම්භකාර තෙම ජෝතිපාල නම් වූ මානවකයාට මෙසේ කීය. මා මිත්‍ර
ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින
ආරාමය මේ ඉතාම නුදුරුය. උන්වහන්සේ දකින්නට යම්හ. ඒ බුදුරජාණන් වහන්සේ
දැකීමට මා ඉතා කැමැත්තෙමි. මා ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයා
වෙමියි කීය. එවිටද, ජෝතිපාල මානවක තෙම කියනුයේ ඒ මුඩුමහණ දැකීමෙන් කවර
ඵලෙක, ඉන් මට ප්‍රයෝජන නැතැයි කියා. දෙවෙනි වරටද මෙලෙසම ජෝතිපාල
මානවකයාට කී කළ හෙතෙම නොකැමැත්තෙන් යයි ප්‍රතික්ෂේප කළේය. තුන්වෙනි
වරටද , මෙලෙසම ජෝතිපාල මානවකයාට කී කළ හෙතෙම, තුන් වෙනි වරටද,
නොකැමැත්තේ යයි ප්‍රතික්ෂේප කළේය.
ආනන්දය, ඉන්පසු මේ ඝටීකාර කුම්භකාර තෙම කුමක් කළේදයත්, මානවකයා අල්ලා
අතින් පිරිමැද මෙසේ කීය. “යහළු ජෝතිපාලය භාග්‍යවත් වූ අරහත් වූ කාශ්‍යප
නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්නා පිණිස යම්හ. මෙය මාගේ ඉතාම
යහපත් වු ක්‍රියාවක් යයි කීය. එකල්හිද ජෝතිපාල මානවක තෙම, තම ශරීරයෙහි
ලු අත ඉවත හරවා ඝටීකාර කුම්භකාරයාට කියනුයේ, යහළු ඝටීකාරයෙනි ඒ මුඩුමහණ
දැකීමෙන් කවර ප්‍රයෝජනද? කම් නැත නොහැක්කේ යයි කීය.
ආනන්දය, ඉන් පසු මෙම ඝටීකාර නම් වූ කුම්භකාරයාගේ ඉතා යහපත් වූ ඉල්ලීමද,
ප්‍රතික්ෂේප කර ශීර්ෂ ස්නානය කොට සිටි ජෝතිපාල මානවකයාගේ හිසකේ පත
අල්වාගෙන ඝටීකාර කුම්භකාර තෙම මෙසේ කීය “යහළු ජෝතිපාලය භාග්‍යවත් වූ
අර්හත් වූ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආරාමය මේ ඉතා නුදුරුය.
උන්වහන්සේ දක්නා පිණිස යම්හයි කීය. එවිට ජෝතිපාල මානවකයා හට මෙබඳු
සිතිවිල්ලක් ඇති විය.
මේ ඝටීකාර තෙම, ශීර්ෂ ස්නානයකොට සිටියා වූ තමන්ගේ හිසකේ අල්වාගෙන කියූ
දෙය ලාමක කර්මයක් නොව යයි සිතා ඝටීකාර කුම්භකාරයාට ජෝතිපාල මානවකයා
මෙසේ කියා, “යහළු ඝටීකාරයෙනි, මෙය පරමකොට ඇත්තේද? යා යුතුම දැයි”
විචාළය. එවිට ඝටීකාර කුම්භකාර තෙම “යහළු ජෝතිපාලය මෙය පරමකොට ඇත්තේය.
යා යුතුම යයි කීය, එවිට ජෝතිපාල මානවකයා “එසේ වී නම් යම් හයි” කියා
ඝටීකාර කුම්භකාරයාද, ජෝතිපාල මානවකයාද යන දෙදෙනාම භාග්‍යවත් ,අර්හත්
කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩි සිටි ආරාමයට ගියහ.
එසේ ගොස් ඝටීකාර කුම්භකාර තෙම කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳ
නමස්කාර කොට එකත් පසෙක හුන්හ.එසේම ජෝතිපාල මානවක තෙමේද එකත් පසෙක
හුන්හ. ඝටීකාර කුම්භකාර තෙම කාශ්‍යප සර්වඥයන් වහන්සේට මෙසේ
කීය.”භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ ජෝතිපාල මානවක තෙම මාගේ පි‍්‍රය
මිත්‍රය, ඔබ වහන්සේ මෝහට ධර්මය දේශනාකර වදාළ මැනැවැයි සැළකර සිටියේය.
ඉක්බිති කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඝටීකාර කුම්භකාරයාටද,
ජෝතිපාල මානවකයාටද යන දෙදෙනාටම දැහැමි කථාවෙන් කරුණු දක්වා ධර්මය දේශනා
කළ සේක.වදාළ ධර්මයෙහි සමාදන් කරවූ සේක. සමාදන් වූ ධර්මයෙහි සිත් තියුණු
කරවූ සේක. තිවුණු කළ ධර්මයෙහි සිත් පහදවා වදාළ සේක.
ආනන්දය, ඉක්බිති ඝටීකාර කුම්භකාරයාද ජෝතිපාල නම් මානවකයාද, භාග්‍යවත්
වූ අර්හත් වූ කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි සිත්
යොදවා සමාදන් වූ ධර්මය මෙනෙහි කරමින් කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට වැඳ
ප්‍රදක්ෂිණා කොට නික්ම ගියහ.
ආනන්ද ස්ථවිරය ඉක්බිති ඒ ජෝතිපාල නම් මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට
මෙසේ කීය. “යහළු ඝටීකාරය. නුඹ මේ ධර්මය අසා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි
මහණවන්නේ දැයි” විචාළය. ඒ බසට ඝටීකාර කුම්භකාර තෙම මෙසේ කීය. “යහළු
ජෝතිපාලය මම ඇස් අන්ධ වූ ජරාජීර්ණ වු මව් පිය දෙදෙන පෝෂණය කරමි. ඒ බව
නොදන්නෙහිද? නො එසේ නම් මම මහණ වෙමියි කීය. ඉක්බිති ජෝතිපාල මානවක තෙම
“යහළු ඝටීකාරය එසේ වී නම් මම ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි මහණවෙමියි”
කීය. ඉක්බිති ඝටීකාර කුම්භකාරයාද,ජෝතිපාල මානවකයාද යන දෙදෙනාම කාශ්‍යප
සර්වඥයන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක සිට
ඝටීකාර කුම්භකාර තෙම කාශ්‍යප සර්වඥයන් වහන්සේට මෙසේ සැළකර සිටියහ.
භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,මෙම ජෝතිපාල මානවක තෙම මාගේ ඉතා පි‍්‍රය
මිත්‍රයාය. මොහු මහණවනු කැමැත්තේය. මහණ කරවන සේක්වායි කීයේය.ඉන් පසු
ජෝතිපාල මානවක තෙම කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතින් මහණකම හා
උපසම්පදාවද ලැබුයේය. ඉන් පසු ශාසනයෙහි මහණකම ලැබු දා පටන් අර්ධ මාසයක්
වෙහළිහ නම් නියම් ගමෙහි ආරාමයෙහි කාශ්‍යප නම් අර්හත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ සමඟ වැඩ සිට, උන්වහන්සේට වියනක් සහ සිවුුරු,
පිරිකර පූජාවන් පවත්වන ලද අවස්ථාවේදී “කාශ්‍යප නම් වූ අර්හත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් ජෝතිපාල මානවක නම් වූ
ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලැබූ ඔබ වහන්සේ, මතු මනාවූ කාලයේ හෙවත් මෙම
මහා භද්‍ර කල්පයේම “ගෞතම” නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේම යයි
අන්තිම විවරණය ලබාදුන් සේක.
ආනන්ද ස්ථවිරය එසමයෙහි ඝටීකාර කුම්භකාර තෙම අනාගාමිව සිටි බැවින්
මරණින් මතු බ්‍රහ්මලෝකයෙහි ඝටීකාර නම් මහා බ්‍රහ්ම රාජව උපන්හ.
ඒ සමයෙහි මේ ජෝතිපාල නම් වූ මානවක තෙම අනෙකෙක් නොව සම්මා සම්බුද්ධත්වයට
පත් වූ තමන් වහන්සේම බවත් පෙරපර සන්ධී ගලපා වදාළ සේක. |