කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි
මජ්ක්‍ධිම නිකාය ඕපම්ම වග්ගයට අයත් මෙම සූත්‍ර දේශනාව උතුම් ආර්ය
මාර්ගය පිළිබඳ බෞද්ධයාට සැබෑ අවබෝධය ලබා දෙති. රම්මක බමුණාගේ අසපුවේදී
මෙය දේශිතය.ආර්ය පරියේෂණ හා අනාර්ය පරියේෂණය යන අංශ දෙක පිළිබඳ මෙහිදී
ධර්මකරුණු පැහැදිලි කරයි.
”ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනරියාච පරියේසනා”
1.ආනාර්ය පර්යේෂණය
2. ආර්ය පර්යේෂණය වශයෙනි
1.අනාර්ය පර්යේෂණය – උපදින ස්වභාවය ඇති දිරන ස්වභාවය ඇති, රෝගී ස්වභාවය
ඇති මිය යන ස්වභාවය ඇති, ශෝක කරන ස්වභාවය ඇති, කෙළෙසන ස්වභාවය ඇති
සත්වයෝ නැවත නැවතත් එයම සෙවීම අනාර්ය හෙවත් උතුම් නොවේ. ඉපදීම නිසා
විඳීමට සිදුවන ගැහැට අප්‍රමාණය. ජීවිතයේ වින්දනීය, යම් දෙයක් ලැබී ඇති
මුත් එය ජරාව, ලෙඩවීම, ආදි බොහෝ දුක් ගැහැටයන්ට මූලයයි. යමෙකු නැවත නැවත
ඉපදීමට කල්පනා කරනුයේ වින්දනීය දේ නමැති ඇම නිසාවෙනි. සැපත සැපතක්
වනුයේ ළඟා වීම තෙක් පමණක් බව ඔවුන් විශ්වාස නොකරති. එය අනවබෝධය මත
ඇතිවන්නකි. එහෙයින් නැවත නැවත උපත් සොයති. ඉපදීම නිසාම බොහෝ දුක්
ගැහැටයන්ට ලක්වේ. විඳින දේ වෙනස් වන බවත් ඒ තුළ දුක ඇතිවන බවත් නොදැනීම
නිසා බොහෝ සෙයින් නැවත නැවතත් ඉපදීමට අදාළ ක්‍රියාකාරකම්හි නිරත වේ.
අනෙක් කාරණාවන්ද එසේමය.ඉපදුන සත්වයා වයසට යාම, දිරායාම, ලෙඩවීම
ස්වභාවකොට ඇත. එසේ දැන දැනත් එයම සෙවීම අනාර්ය පර්යේෂණයයි.
දූදරුවන් දැසි දස්සන්, ගවමහීෂාදින් ,රන් රිදී මුතු,මැණික් ප්‍රධාන කොට
ඇති චංචල නිශ්චල සියලු වටිනා දෑ යන සියල්ල ජාති ධර්මය හෙවත් නැවත නැවත
සසර ඉපදීමට හේතුවේ. දිරායාම, ලෙඩවීම,මරණයට පත්වීම ආදි සියල්ලටම පෙර
සඳහන් කළ සියලු වස්තූන් හේතු වේ. වස්තු පිළිබඳව ඇතිවන තෘෂ්ණාව හෙවත්
මමය මගේය ලෙස අල්වාගැනීම පුද්ගලයා සසර බැඳ තැබීමට ඉවහල් වේ.
2.ආර්ය පර්යේෂණය – සසර නැවත නැවත ඉපදීමත් ඒ නිසාම, ලෙඩවීම, වයසට යාම,
දිරායාම ,ශෝක ඇතිවීම මරණයට පත්වීම ආදි යථාර්ථය ,තේරුම් ගැනීම උතුම්ය.
ලෙඩවීම මරණයට පත්වීම ආදි තත්වයන් පිළිබඳ අවබෝධය ඇතිවී සසර දුක අවබෝධ
ගරගැනීමත් ඉපදී මෙහි ආදිනවත් යමෙක් දනීනම් එය යහපත්ය. තමාගෙන් පරිබාහිර
දේ නිසා සසර විඳීමට වන අනන්ත අප්‍රමාණ දුක් ගැහැටයන්ගේ ආදීනව හඳුනා
ගැනීම නිසා උතුම් විඳිමකින් තොර සැපය වූ නිවන පිළිබඳ සොයන්නේද පර්යේෂණ
කරන්නේද එය ආර්ය පර්යේෂණයයි.
මහණෙනි, සංසාර ජීවිතයේ මම බොහෝ සෙයින් අනාර්ය පර්යේෂණයෙහි නියළී
සිටියෙමි. සත්‍ය ස්වභාවය අවබෝධ නොවීම නිසා උපත ලෙඩවීම, වයසට යාම,
දිරායාම ,ශෝක ඇතිවීම පිළිබඳ නිසි අවබෝධය ඇති නොවුණි. එහෙයින් එයම නැවත
නැවත ලැබීමට අවශ්‍ය කෙලෙස් එකතු කරගත්තේය. “ මෙයින් පැහැදිළි වනුයේ
බුදුරදුන් පවා සංසාර ජීවිතයේදි අනාර්ය පර්යේෂණයන්හි නිරත වු බවයි.
මෙහි පවතින නිස්සාරත්වය උන්වහන්සේ අවබෝධ කරගත්හ. ඒ බව සුත්‍රයෙහි
දක්වනුයේ මෙම සියල්ල අයහපත් බවත් නිවන සොයන්නේ නම් එය මැනවයි. අවබෝධ වු
බවයි. එම පරමාර්ථය සහිත සත්‍ය ධර්මය සෙවීම විෂයෙහි බොහෝ කැපකිරීම්
කරමින් ගමන් කළ බවත්ය.බොහෝ යස ඉසුරු භෞතික සම්පත් තමන් වහන්සේ සතු වුවද
ඒ සියල්ල උදාර අරමුණ විෂයෙහි කැප කළ ආකාරය සූත්‍රයෙහි මෙසේ විස්තර
කරයි.
මාතාපිතුන්නං අස්සුමුඛානට රුදන්තානං කේසමස්සුං ඔහාරෙත්වා කාසායානි
වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං “ (ම.නි. – 1,400 පිට,
බු,මු)
”කළුකෙස් සහිත සොඳුරු යෞවන කාලයේදී මව්පියන් හඩද්දී කෙස් රැවුල් බා
කසාවත් ඇඳ ගිහිගෙයින් ගොස් නික්ම පැවිදි වූහ. එසේම උතුම් නිවන සොයමින්
ආලාර කාලාම ආදි ආචාර්යවරුන් සොයා ගියහ” සූත්‍රය පුරාවට සත්‍ය සෙවීමේදී
උන්වහන්සේගේ ආර්ය මාර්ග ප්‍රතිපදාව හා අරමුණ යාමට තිබූ වීර්ය ප්‍රකාශ
වෙයි. අරමුණට මෙහා කෙතරම් ප්‍රතිලාභ ලැබුණාද එය බාර නොගැනීම
උන්වහන්සේගේ ප්‍රතිපදාව විය සත්‍ය කුමක්ද? (කිං සච්ච ගවේසී) කුසලය
කුමක්ද? (කිං කුසල ගවේසී) යන්න සෙවීම උන්වහන්සේගේ අරමුණ වූහ.
සත්‍ය සොයා යාමේදි ආලාර කාලම හා උද්දකරාම පුත්‍ර යන දෙදෙනා උන්වහන්සේට
මුණ ගැසේ.නොබෝ කලකින්ම ආලාර සතු ආකිඤ්චඤ්ඤායතනයට බෝසතුන් පත්වේ. ඒ
සඳහාද උන්වහන්සේට මහත්වීර්ය තිබුණි. ඒ බව සූත්‍රයේ මෙසේ දැක්වේ.
”ශ්‍රද්ධාව ඇත්තේ ආලාරට පමණක් නොවේ. මට ඇත වීර්ය,සිහිය, සමාධිය,
ප්‍රඥාව ඇත්තේ ඔහුට පමණ ක් නොවේ. මටද ඇත. ආලාර කාලාම තෙමේ යම් දහමක්
දනීද එය දැනගැනීමට මමද උත්සාහ කිරීම මැනවි”
ඉහත ආලාරකාලාම ලැබූ තත්වය බෝසතුන් නොබෝ දිනකින්ම ලදහ. එවිට තම ශිෂ්‍ය
පිරිසෙන් අඩක් පාලනය කිරීමට උන්වහන්සේට ලබාදුන්නද එය ප්‍රතික්ෂේප කර
ඔහු අතහැරදමා යනුයේ ඔහුගේ ඉගැන්වීම ආකිඤ්චඤ්ඤයතනය සඳහා මිස නිවන සඳහා
හේතු නොවු බැවිනි.
ආලාරකාලාමද තම ශිෂ්‍ය පිරිසෙන් අඩක් පාලනය කිරීමට කළ ඉලලීමද කාරුණික ව
බැහැර කරනුයේ ඔහුගේ ඉගැන්වීමද නේවසඤ්ඤාණාසඤ්ඤායතනය සඳහා මිස නිවන සඳහා
නොවු නිසාවෙනි.
මොවුන්ගෙන් මිදි ජාති ධර්මයෙන් ඈත්වුණු උතුම් නිවීම උරුවෙල් දනව්වෙහි
බෝ මැඩ මුලදී ඇතිකර ගත්හ. ඒ තුළ ලෙඩවීමක් ,ශෝකයක්, මහලුවීමක්, මරණයක්
නැත. පුනර්භවයක් නැති අවසන් උපත බවට උන්වහන්සේ තම ශී‍්‍ර මුඛයෙන් ම
දේශනා කළහ. ලොව පවතින සියල්ල දැන ගැනීම හෙවත් සර්වඥතාඥානය උන්වහන්සේ
පහළ කරගත්හ.
කෙලෙස්වලින් ආතුර මිනිසුන්ට මෙවන් ගැඹුරු වු ධර්මයක් කෙසේ නම් අවබෝධ කළ
හැකිවේදැයි උන්වහන්සේ තම නුවණින් කල්පනා කළ බවත් සූත්‍රයේ පැහැදිලිව
දක්වනු ලබයි. එහිදී සහම්පතී බ්‍රහ්මයා බුදුරදුන් හමුවෙහි මෙවැනි
ඉල්ලීමක් කළ බව තම ශ්‍රාවකයන් අමතා බුදුරදුන් මෙසේ දේශනා කළහ.
පාතුරහෝසි මගධේසු පුබ්බේ
ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ
අචාපුරේතං අමතස්ස ද්වාරං
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං
“පෙර මගධ දනව්වෙහි කෙලෙස් මල සහිත ශාස්තෘවරයන් විසින් සිතන ලද අශුද්ධ
ධර්මයෙන් පහළ විය මේ නිවන්දොර විවෘත කරනු මැනවි. නිර්මල වු නුඹ වහන්සේ
විසින් අවබෝධ කළ ධර්මය සත්ත්වයෝ අසත්වා”
බුදුන් වහන්සේ අවබෝධ, කරගත් ධර්මය අතිශය ගැඹුරු නිසාවෙන්ම උන්වහන්සේ
ධර්මය දේශනා කිරීමට බොහෝ සෙයින් නුවණින් කල්පනා කරන්නට ඇත. මිනසුන් ගේ
පුරුදු හුරුවු රටාවන්ට හාත්පසින්ම වෙනස් දර්ශනයක් එකඑල්ලේ සමාජගත කිරීම
පිළිබඳ ප්‍රායෝගික ගැටලු ඇත. මෙම දුෂ්කරතා තමන් වහන්සේගේම වචනයෙන් මෙසේ
දේශනා කළහ. “මෙම ධර්මය පෘථිවිය දරා සිටින ජලස්කන්ධය මෙන් ගැඹූරුය.
පර්වතයකින් වැසුණූ අබ ඇටයක් මෙනි. සියවරක් පලන ලද අස්ලොමක කෙළවර ගැලපීම
වැනිය. අවබෝධ කිරීම අපහසුය. මේ සඳහා මාවිසින් නොදුන් දනක් නැත. නොරැකි
සීලයක් නැත. නොපිරූ පාරමිතාවක් නැත. පැසුළු යම හේතුඵල ධර්මය
(පටිච්චසමුප්පාදය) අවබෝධ කරත්ම සහ ශී‍්‍ර ලෝකධාතුව කම්පා විය.
ආරාධනාව පිළිගත් බුදුරදුන් මිනිසා ගේ ඤාණ ශක්තිය, අවබෝධ ශක්තිය, පින
මේරීම නිවනට බාධා පිළිබඳ මෙහිදී භික්ෂූන් විෂයෙහි පැහැදලි කිරීමක්
සිදුකරයි.තමන් වහන්සේ එම අවබෝධය මත ධර්මය දේශනා කිරීමට කටයුතු කළ බවයි.
තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ නොවන කණ්ඩායම් 03 ක් මිහිපිට ඇත.
ඔවුන්ට මෙම නිර්මල මාර්ගය අවබෝධ නොවේ.
ඔවුන් මෙසේය
1.කර්මාවරණයෙන් යුක්ත වුවෝ
(කර්ම හෙවත් අකුසලින් වැසුණු)
2.විපාකාවරණයෙන් යුක්ත වූවෝ
නරක විපාක විඳීමට හේතුවන සසර බොහෝ පාපකර්ම කළඅය
3.කලේශාවරණයෙන් යුක්ත වුවෝ
(බොහෝ කෙලෙස් නිසා නිවැරැදි මාර්ගය සෙවීමෙන් බැහැර වූවෝ)
අවබෝධය මතද පුද්ගල කොට්ඨාශ 4 ක් ඇති බව උන්වහන්සේ දේශනා කළහ. තමන්
වහන්සේ ධර්මය දේශනා කිරීමේදිමේ තත්වය පිළිබඳ සැළකිලිමත් වන බවත් එහිදී
ඇතමෙකුට කෙසේ හෝ මෙම මාර්ගය හඳුනා ගත නොහැකිය. එම අවබෝධ ශක්තිය තේරුම්
කර දීම සඳහා උපුල්විලක් මෙම සූත්‍රයේදී භාවිතකොට ඇත. අවබෝධයේ ප්‍රමාණය
මත පුද්ගලයන් සතර දෙනා මෙසේය.
1.උග්ගටිතඤ්ඤු ( වහා අවබෝධ වන) - අද පිපෙන මල් ,
2.විපචිතඤ්ඤු (තරමක්
පැහැදිළි කිරීමෙන් අනතුරුව අවබෝධවන) - හෙට පිපෙන මල් ,
3.ඤෙය්‍ය (බොහෝ
දුරට විස්තර කිරීමෙන් අවබෝධවන ) - තෙවනි දවසේ පිපෙන මල්,
4. පදපරම
(අවබෝධශක්තිය හීන ) - නොපිපී විනාශවන මල් කැකුළු
පුද්ගල චරිතයන්හි ස්වභාවය පිළිබඳවද උන්වහන්සේ නුවණින් කල්පනා කළහ. ධර්ම
දේශනා කිරීමට මත්තෙන් එසේ වර්ගකරගත් අයුරු. සංඝරත්නය අමතා දේශනා කළහ.
එම චරිත 06 මෙසේය.
1.රාග චරිත
2.ද්වේෂ චරිත
3.ශ්‍රද්ධා චරිත
4.මෝහ චරිත
5.බුද්ධි චරිත
6.
විතර්ක චරිත
මෙසේ බෙදමින් දහම් දෙසන්නෙමියි උන්වහන්සේ කල්පනා කළ බව මහා සංඝයා
ඉදිරියෙහි දේශනා කළහ. යමෙකු ශ්‍රද්ධාවෙන් කටයුතු කරත්නම් ඔවුන් උදෙසා
දහම් පණිවිඩය මුදනවා යන පරමාර්ථයෙන් දහම් දෙසීමට ආරම්භ කළහ.
බුදුරදුන් තුළ පැවති සංසාරික ගුණාද්වයෙන් එකක්ලෙස “කෘතඥතාව“ වැදගත්ය.
මෙහිදී එම ගුණයට උදාහරණ කිහිපයක් හදුනාගත හැකිය. එනම් දහම් දෙසීමට
ඉටාගැනීමෙන් අනතුරුව පළමුව දෙසිය යුත්තේ කාහටද යනුවෙන් සිහිපත්
කිරීමයි. පෙරගුරුවරු මියගොස් සිට නිසා පස්වග තවුසන් සොයා බරණැස
ඉසිපතනයට උන්වහන්සේ පාගමනින්ම වැඩියහ. මුල් අවස්ථාවෙහි තමන් වහන්සේගේ
බුද්ධත්වය පිළිගැනීමට ඔවුන් සූදානම් නොවුණද කරුණු පැහැදිලි කිරීමෙන් එම
සැකය ඔවුන් අත්හැර ගත්හ. ඉන් පසු යථා ස්වභාවය ආර්ය පර්යේෂණය මම ඔවුනට
දේශනා කළ බව උන්වහන්සේ භික්ෂුන්ට පැහැදිලි කළහ. ලෙඩවීම, මරණය , ඉපදීම,
ජරාවට, පත්වීමක් නැති නිවන පස්වග මහණුන් නොබෝ කලකින්ම අවබෝධ කරගත්හ. එම
ස්වභාවය ප්‍රායෝගික උපමාවකින් දම් සභා මණ්ඩපයේදි භික්ෂූන් අමතා මෙසේ
දේශනා කළහ.
”වැද්දාගේ උගුලට හසුව ඔහු එන විට කැමැති මාර්ගයකින් නොදුවන මුවෙක් යම්
සේ මරණයට පත් වන්නේද? එපරිදිම පස්කම් ගුණයෙහි දැඩිව ඇලුණු පුද්ගලයා
විපතට පැමිණේ. මාරයාගේ ගොදුරක්ම වන්නේ ය”
යමෙකු කාමයෙහි ආදීනව දැන එයින් වෙන්වෙත්ද? අකුසලයෙන් තොර වන්නේද එය
මහත් සැප ලබාදෙන අවස්ථාවකි. එනම් විතර්ක සහිත විචාර සහිත විවේකයෙන්
හටගත් පී‍්‍රතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙවන්
ආර්යන් විසින් මාරයා මුලාවට පත්කර පාපි මාරයාගේ වසඟයෙන් මිදීමට පත්වේ.
එයින් නොනවතන ආර්යයන් වහන්සේ දෙවන ධ්‍යානයට පැමිණේ. එනම් විතර්ක, විචාර
සන්සිඳවා සමාධිය තුළින් හටගත් පී‍්‍රතිය හා සැපය ඇතිතත්වයයි. එහිදී
මාරයා තවදුරටත් පරාජයට පත්වේ . එයින් නොනවතින ආර්ය පර්යේෂකයා පී‍්‍රිති
විරාගයන් යුතු උපේක්ෂා සහගත සකසාගන්නා ලද මනා ප්‍රඥාවෙන් යුතුව සැප
සහිත තෙවන ධ්‍යානයට පැමිණේ . එහිදී පාපි මාරයා පෙරටත් වඩා පරාජයට
පත්වේ.
අවසාන වශයෙන් සැපද, දුකද නසන ලද සොම්නස් දොම්නස් විරහිත වූ දුක නසන ලද
සදා සැප ඇති සිව්වන දැහැනට පැමිණ වාසය කරයි. එම ආර්ය පුද්ගලයා
සහමුළින්ම මාරයා අන්ධ කිරීමට ලක්කරයි.
ආර්ය මාර්ගය පිවිසි ආර්යන් වහන්සේ තම ක්‍රියාකාරිත්ව නිරන්තරව යොදවනුයේ
විමුක්තිය උදෙසාය. එම උත්තමයන් වහන්සේ විසින් රූප සංඥාව ඉක්මවීමත්
ප්‍රතිඝ සංඥාව නැසීමත් විවිධ ලෞකික අරමුණූ මෙනෙහි නොකිරීම යන
ගුණයන්ගෙන් යුක්ත වේ. එහි ප්‍රතිඵල ලෙස ආකාසානානඤ්චායතනයට පැමිණේ.
ඉන්පසු විඤ්ඤාණයේ අනන්තබව අවබෝධ වීම නිසා විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය
කරයි. එයද ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනයට ,නේවසඤ්ඤාණාසඤ්ඤායතනයට පැමිණ වාසය
කරයි. අවසාන වශයෙන් සඤ්ඤාවෙන් තොර සියලු සංයෝජන (සක්කාය දිට්ඨි,
විචිකිචිඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූප රාග, අරූප රාග,
මාන, උද්ධච්ච, අවිජ්ජා) නසා තෘෂ්ණාවෙන් එතෙරව නැවත උපතක් නැති නිවනට
පැමිණ වාසය කරයි. විමුක්තිය සදහා ඇති උතුම් මාර්ග වාසය කරයි. විමුක්තිය
සඳහා ඇති උතුම් මාර්ගය හෙවත් ආර්ය මාර්ගය මෙය යැයි බුදුරදුන් දේශනා
කළහ. |