පිරිනිවුණි ඒ
නිකෙලෙස්
රහත් හිමිවරු
36
සීතවනීය
මහරහතන් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ගෞතම බුදු සසුන තුළ උත්තම සාරය සාක්ෂාත් කළ අරහත් මුනිවරු අතරේ වැඩසිටි
‘සීතවනීය’ නම් උතුම් මහරහතන් වහන්සේ පිළිබඳව අද අප සිත පහදවා ගන්නේ.
මීට කල්ප එක්දහස් අටසීයකට පෙර අතීතයේ අත්ථදස්සීී නම් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. ලෝ සතුන් සසර දුකින් එතෙර
කරවීමේ මහා කාරුණික අදහසින් යුතු අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ඒ දිනවල
ගම් නියම්ගම් සිසාරා ධර්මය දේශනා කරමින් පා ගමනින් වැඩම කළා. ඒ දිනවල
ඇති වූ ධාරානිපාත වරුසාව හේතු කරගෙන ගංඟා ඇළදොළ මුවවිට තෙක් පිරී ගියා.
බුදුරජාණන් වහන්සේ ද ශ්‍රාවක සඟ පිරිස පිරිවරාගෙන එක්තරා සුවිශාල
ගංගාවක් සමීපයට වැඩම කළා. දෙපා ඇත්තන්ට අග්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ රනින්
කළ පිළිරුවක් බඳු සොඳුරු දේහ විලාස ඇත්තා වූ අත්ථදස්සී බුදුරජාණන්
වහන්සේ, ශ්‍රාවක පිරිසද පිරිවරාගෙන සංසිඳී ගිය ගමනින් වඩිනා අයුරු ඒ
ගංතෙර සිටි තොටියාට දැක ගන්නට ලැබුණා. ඒ දර්ශනය තොටියාගේ සිත තුළ
පී‍්‍රතියක් ඇති කළා.
ගංතෙරට සමීප වූ භාග්‍යවතුන් වහන්සේ වැඳ නමස්කාර කොට ඔහු මෙසේ පැවසුවා.
‘සොඳුරු දැක්මක් ඇති පින්වත් ශ්‍රමණයාණන් වහන්ස, ගංඟාව මේ දිනවල සැඩ
දියෙන් පිරී පවතී. මුවවිට තෙක් පිරී ගිය ගංදිය කපුටෙකුට වුවද ඉවුරේ සිට
බීමට හැකිය. මාගේ මේ කුඩා නැව මතට වැඩම කළ මැනව. මම ඔබ වහන්සේවත් මේ
ශ්‍රාවක පිරිසත් පහසුවෙන් එතෙරට ගෙන යාමට කැමැත්තෙමි’ තොටියාගේ ආරාධනය
නිහඬවම පිළිගත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සඟ පිරිසද සමඟ
නැවට ගොඩ වී වදාළා. එදින විශාල සතුටකින් තොටියා ඒ විශාල ගංගාවේ මෙතෙර
සිට එතෙරට බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවක මහා සංඝරත්නයත් වැඩම කරවූවා.
එතෙරට පැමිණි ඔහුට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන්පිදීමේ
කැමැත්තක් ද ඇතිවුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට දානයටද ආරාධනා
කළා. ඒ ඇරයුමද නිහඬව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පසු දිනයේ
තොටියාගේ නිවසේ දානය පිණිස මහත් වූ සඟ පිරිසක්ද සමඟින් වැඩම කොට වදාළා.
එදින මහා දානය පවත්වා හටගත් පී‍්‍රති සොම්නස් ඇති මේ පින්වන්ත තොටියා
බුද්ධ පුම්‍රඛ මහා සංඝරත්නය නො පෙනී යන තෙක්ම පසුගමන් කළා.
බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන වශයෙන් රැස්කළ ඒ පින්කම්වල විපාක වශයෙන් ඔහු
මරණින් මතු කාම සුගතීන්වන දෙව් මිනිසුන් අතරේම උපත ලැබුවා. මීට කල්ප
එක්දහස තුන්සියයකට පෙර සත් රුවනින් හෙබි ‘සම්භෝගවා’ නම් සක්විති රජු
බවට පත්වුණා. ධාර්මික ලෙස ලෝකය පාලනය කොට මිනිසුන් පංචසීලයෙහි
පිහිටුවීමේ පිනෙන් යළිත් සුගති සැප සම්පත්ම ලැබුවා. මේ සසර ගමනේ සුගති
දුගතීන්ගේ සැරිසරමින් පැමිණි ඔහු මීට කල්ප අනු එකකට පෙර යුගයේ මිනිසුන්
අතර ඉපදුණා. එකල විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය යි.
විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා හටගත් සැදැහැ සිතින් ගිහි
ජීවිතය අතහැර ඔහු බුදු සසුනේ පැවිදිභාවයට පත්වුණා. මනාකොට සිල් පුරමින්
සීවථිකාංගය නම් ධුතාංගය සමාදන් වූ මේ හිමියන් දිවි ඇතිතාක් අමු සොහොනම
ඇසුරු කරමින් වැඩ වාසය කළා. එනමුත් ඒ බුදුසසුන තුළ මඟඵල ලැබීමට
අපොහොසත් වූ නිසාවෙන් මරණින් මතු යළි දෙව් මිනිසුන් අතරේ උපත ලැබුබා.
යළිත් මේ මහා භද්‍ර කල්පයේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
ලොව පහළ වී වදාළ යුගයේ මිනිස් ලොව ඉපදී ඒ බුදු සසුනේද පැවිදි භාවය
ලැබුවා. මිනිස් ආයුෂ අවුරුදු විසි දහසක් වූ ඒ යුගයේ හොඳින් සිල්ගුණදහම්
ආරක්ෂා කළත් මාර්ගඵල අවබෝධ නො කර ම කළුරිය කළා. බුදු කෙනෙකුගේ ශාසනයක්
මුණ ගැසෙන්නේ කලාතුරකිනි. එබඳු අවස්ථාවක මුල් බැසගත් ශ්‍රද්ධාවකින්
යුක්තව මාර්ගඵල අවබෝධ නො කිරීම කොතරම් අනතුරක් ද? ඒ නිසාම තොටියෙකු ලෙස
කල්ප එක්දහස් අටසියයකට පෙර ඉපදී සිට මේ සා දිගු කලක් සසර ගමනේ
පැමිණෙන්නට සිදුවූයේ. කාශ්‍යප බුදු සසුන පැවති යුගයේ මරණින් මතු
දෙවියන් අතර ඉපදී යළිත් ගෞතම බුදු සසුන පහළ වූ යුගයේ රජගහනුවර බමුණු
පවුලක හෙතෙමේ උපත ලැබුවා. ‘සම්භූත’ නමින්හැඳීන් වූ මේ කුමාරයා සිප් සතර
හදාරමින් යොවුන් වියට පත්වුණා.
භූමිජ, ජ්‍යෙසේන හා අභිරාධන යන නම් ඇති හිතවත්ම මිත්‍රයින් සමඟයි
සම්භූත කුමාරයා නිතර කල්ගත කළේ. දිනක් මොවුන්හට ගෞතම බුදුරජාණන් වහන්සේ
රජගහ නුවරට වැඩම කොට සිටිනා බව දැන ගන්නට ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ
බැහැ දැකීමට ගිය මේ යොවුන් කුමාරයන්ට ජීවිතයේ පවතින යථාර්ථය ගැන වැටහී
යන පරිද්දෙන් ධර්මය අසන්නට ලැබුණා. මේ මිතුරන් සිව් දෙනාම ගෞතම බුදු
සසුනේ් උතුම් වූ පැවිදිබව ලබා ගත්තා. සම්භූත හිමියන් සුළු කාලයකින්
මැනවින් ධර්ම විනය හදාරා ශාස්තෘන් වහන්සේගේ අවසර ගෙන ‘සීතවනය’ නම්
වනාන්තරයේ වැඩ වාසය කළා.
කායගතාසතිය මැනවින් හුරුකර ගනිමින් සීත වනයම ඇසුර කරමින් වැඩවිසූ
නිසාවෙන් උන්වහන්සේ ‘සීතවනීය’ ස්වාමින් වහන්සේ ලෙස ප්‍රකට වුණා. දිනක්
මේ සීතවනීය ස්වාමින්වහන්සේ කායගතාසති භාවනා අරමුණක සිත පිහිටුවාගෙන
රුක්සෙවනක සමාධි සුවයෙන් වාසය කළා. එදින යක්ෂයින්ට අධිපති වූ වෛශ්‍රවණ
දිව්‍ය රාජයා විශේෂ කටයුත්තක් පිණිස උතුරේ සිට දකුණු දිශාවට තම යක්ෂ
සේනාවද සමඟින් අහසින් ගමන් කරමින් සිටියා. රුක් සෙවනේ භාවනානුයෝගීව
සිටින සීතවනීය හිමියන් දුටු වෛශ්‍රවණ දෙවියන් පොළොවට බැස උන්වහන්සේට
වන්දනා කළා. වෛශ්‍රවණ දිව්‍යරාජයා යක්ෂයන් දෙදෙනකු අමතා ‘මේ තෙරුන්
වහන්සේ සමාධියෙන් නැඟී සිටි පසු මා මෙහි පැමිණි බව දන්වවු. එමෙන්ම මේ
තෙරුන්හට ආරක්ෂාවද සපයව්’ කියා යක්ෂයන්ට අණ කොට අහසට නැඟී දකුණු දෙසට
ගමන් කළා.
සුළු මොහොතකින් සීතවනීය හිමියන් සමාධියෙන් නැඟී සිටියා. ඒ යක්ෂයෝ ද
තෙරුන් වහන්සේට වන්දනා කොට වෛශ්‍රවණ දෙවියාගේ පණිවිඩය පවසා සිටියා.
එවිට උන්වහන්සේ ඒ යක්ෂියන් දෙදෙනාට වදාළා ‘නුඹලා මාගේ වචනයෙන් වෙසමුණි
මහරජුට මෙසේ පවසවු. භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ පිහිටි ශ්‍රාවකයන්ට
‘සති ආරක්ෂාව’ එනම් සිහිය නම් වූ ආරක්ෂාව පවතී. මා හට ද ඒ ආරක්ෂාවම
පවතී. එනිසා මාව ආරක්ෂා කිරීම පිණිස උත්සාහ නො කරත්වා! භාග්‍යවතුන්
වහන්සේගේ ශ්‍රාවකයන්ට මෙබඳු ආරක්ෂා විධි විධාන අවශ්‍ය නොවේ’ කියා.
සීතවනීය හිමියන් අප්‍රමාදීව වීරිය කොට සුළු මොහොතකින්ම සියලු කෙලෙස්
දුරුකොට මහරහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා. තෙරුන් වහන්සේ එවූ
පණිවිඩයෙන් විශ්මයට පත් වූ වෛශ්‍රවණ දිව්‍යරාජයා යළි උතුරු දෙසට ගමන්්
කරද්දී තෙරුන් වහන්සේ බැහැ දැකීම පිණිස සීතවනයට පැමිණුනා. ඒ මොහොතේ ද
සීතවනීය මහරහතන් වහන්සේ වැඩ සිටියේ භාවනාවෙනු යි. නමුත් ප්‍රසන්න වූ
ඉඳුරන්ගේ් පැහැය දුටු සැනින් මේ නම් ඒකාන්තයෙන් රහතන් වහන්සේ නමක්ම යි’
දැනගත් වෛශ්‍රවණ දිව්‍යරාජයා සීතවනයෙන් නො පෙනී ගොස් බලවත් පුරුෂයෙක්
හැකිලු අතක් දිග හරින වේගයෙන් දික්කළ අතක් හකුලන වේගයෙන් සැවැත්නුවර
භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. භාග්‍යවතුන් වහන්සේ හට වන්දනාමාන
කළ වෛශ්‍රවණ දෙවියන් සීතවනීය මහරහතන් වහන්සේගේ ගුණ මේ අයුරින් වර්ණනා
කළා.
සිහිය නම් වූ ආරක්ෂාවෙන් සමන්විත වූ ධෛර්යවන්ත වූ වීර්යවන්ත වූ සමාහිත
වූ සිතක් ඇති ශාස්තෘන් වහන්සේගේ ළයෙහි උපන් පුතෙකු වූ සම්භූත නම්
තෙරුන් වහන්සේ ත්‍රිවිද්‍යාලාභීව මාර විෂය ඉක්මවා මෙතෙරින් එතෙරටම වැඩි
සේක. දෙවියන් පවා විශ්මයටත්, පී‍්‍රතියටත් පත් කළ ඒ සම්බුදු
ශ්‍රාවකයන් වහන්සේලා කෙතරම් අසිරිමත් ද?
ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා ශාස්තෘන් වහන්සේ වැඳපුදාගනු පිණිස
සීතවනය අසලින් සැවැත්නුවර බලා වැඩම කළා. මේ දුටු සම්භූ®ත මහරහතන්
වහන්සේ ඒ භික්ෂූන් අමතා ‘ආයුෂ්මත්වරුනි, මාගේ වචනයෙන්ද ශාස්තෘන්
වහන්සේගේ පා කමල් සිරසින් වන්දනා කර මෙසේ පවසනු මැනවි’ යි මියුරු ගාථා
රත්නයක් වදාළා.
යෝ සීතවනවං උපාග භික්ඛු
ඒකෝ සන්තුසිතෝ සමාහිතත්තෝ
විජිතාවී අපේත ලෝමහංසො
රක්ඛං කායගතාසතිං ධිතීමා
ඒ භික්ෂුව සීතවනයේ සිටින කෙනෙක්. වාසය කරන්නේ හුදෙකලාවේම යි. ඉතාම
සතුටින් කල් ගෙවන්නේ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමු දහගැනීම්
කිසිවක් නැති ඒ නුවණැති භික්ෂුව කායගතාසතිය මැනවින් රැකගෙන ඉන්නේ’.
මෙය ඇසූ ශාස්තෘන් වහන්සේ හටගත්තා වූ නිරාමිස පී‍්‍රතියෙන් භික්ෂු සංඝයා
ඉදිරියේදී සම්භූත මහරතන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. ‘ පින්වත් මහණෙනි,
මේ පින්වත් සම්භූතයන් ධර්මය අසා මා වෙහෙසට පත් කළේ නැහැ. වෛශ්‍රවණ
දෙව්පුතු විසින් ඔහුගේ උත්සාහය ගැන මා හට පැවසුවා’ යැයි පවසමින්
ශාස්තෘන් වහන්සේ ද සම්භූත මහරහතන් වහන්සේ උදෙසා සාධුකාර පවත්වා වදාළ
සේක.
සැබැවින්ම උන්වහන්සේගේ නම ‘සම්භූත’. නමුත් වැඩවාසය කළේ සීතවනය නම් වූ
වනපියසෙ යි. ඒ වනයේ පවා ඒ සම්භූත මහරතන් වහන්සේගේ අද්විතීය වූ
ගුණයන්ගෙන් සෝභමාන වී ගියා. උන්වහන්සේට ආදර ගෞරව දැක්වූ බොහෝ දෙනා
‘සීතවනීය තෙරුන් වහන්සේ’ නමින් උන්වහන්සේ හැඳින්වූයේ ඒ නිසාම යි. යම්
ගමක වේවා, නියම්ගමක වේවා, නිම්නයක වේවා, අරණ්‍යයක වේවා, කඳු ගැටයක වේවා
යම් හෝ තැනක රහතන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඇත්තෙන්ම ඒ භූ®මිය රමණීය
වෙනවා.
එනිසා අපත් ඒ උත්තම ගුණ දැරූ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු.
නයනා නිල්මිණි ලියනගේ
පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 35 මන්තානිපුත්ත පුණ්ණ මහරහතන්
වහන්සේ |