බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති අපවත්වී වදාළ කළුතර ධම්මානන්ද නා
හිමිපාණෝ
ජනාධිපතිතුමාගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක ශාස්ත්‍රපති
ගලගම ධම්මරංසි හිමි
ක්‍රි.පූ. 2 – 3 සියවසට නෑකම් කියනා උත්තිය මහ රජ දවස ආරම්භ කරන ලද
ශ්‍රී සර්වඥධාතු හා දෑගසව් ධාතුන් වහන්සේලා වැඩසිටින එකම පුණ්‍ය භූමිය
බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වේ. මහා රහතන් වහන්සේලා සිය දහස් ගණනින් වැඩ
සිටිය ශත වර්ෂ 18ක් පමණ භාවනායෝගීන්ගේ සිත් ඇලවූ මෙම පෞරාණික
පුණ්‍යභූමිය පරසතුරු ආක්‍රමණ නිසා විනාශ විය.
ඉංගී‍්‍රසීන්ගෙන් රට නිදහස් කරගෙන නිදහස් ලංකාවේ පළමු බහුකාර්ය යෝජනා
ක්‍රමය වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය යටතේ මිටියාවත සංවර්ධනය වන සමයෙහි එනම්
1964 දී කළුතර ධම්මානන්ද නාහිමිපාණෝ බටයායේ අරියවංශ නාහිමි සමඟ මෙම
පුදබිම සොයා පැමිණියහ. අලි කොටි වග වලසුන්ගෙන් ගහන දිය පොදක් නොමැති
බිමක, දැව පාලුවන්ගේ හා නිධන් රකුසන්ගේ ක්ෂේම භූමියක් වූ
පුණ්‍යභූමියෙහි දණක් පමණ වූ වවුල් පහර ඇද ගල් කුටියක් පිළිසකර කරගෙන
සැතැපුම් 5ක්, 6ක් පිඬුසිඟා වැඩ ඉතා අසීරුවෙන් වන අරණ ගොඩන¼ගන්නට වූහ.
1927.12.27 දින බස්නාහිර පළාතේ කළුතරදී මෙලොව එළිය දුටු කළුතර
ධම්මානන්ද හිමිපාණෝ 1964 මැයි මස මීරිගම ශාසනවර්ධන පිරිවෙන්
විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ
මේධාලංකාර මහා නා හිමිපාණන් වහන්සේගේ හා කදිරාගම සුමනසාර නා හිමිපාණන්
වහන්සේගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් පැවිදි වූ අතර එම වසරේම මැයි මස දිනෙක
ගාල්ලේ ගිං ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී සුපරි ශුද්ධෝප සම්පදාව ලැබූහ.
පුරා වසර 60ක පැවිදි ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කළේ බුද්ධංගල ආරණ්‍ය
සේනාසනයේ ආරක්‍ෂාව හා සංවර්ධනය වෙනුවෙන් ය. 1965 දී අංක 26 රුහුණුගම
ප්‍රධාන අවට නගර හා ජනපදිකයන් සම්බන්ධ කරගෙන බුද්ධංගල ආරණ්‍ය සාධක
සමිතිය ආරම්භ කළ කළුතර ධම්මානන්ද නාහිමියෝ පළමු වස් පින්කම සිදුකොට එම
වසර මැදදීම බුද්ධංගල සිට අම්පාරට හා රුහුණු ගමට පාර සැකසීමට පුරෝගාමී
විය.
එවකට අග්‍රාමාත්‍යව සිටිය ඩඩ්ලි සේනානායක මැතිතුමාට අත්සන් 5000ක් සහිත
ලේඛනයක් ලබාදී එතුමාගේ ද අනුග්‍රහය ලබාගෙන බුද්ධංගල ආරණ්‍ය සේනාසනය
සංවර්ධනය කිරීම ආරම්භ කරන ලදී. ප්‍රධාන පොකුණ සෑදීම, බුද්ධංගල වටා
බෞද්ධ ජනාවාස ඇරඹීම, ආරණ්‍යයට ඉඩම වෙන් කරවා ගැනීම, එම්.එස්. 05 ඇළ
සකසාගෙන බුද්ධංගල ගමට, ගොවිතැනට ජලය ලබා ගැනීම, පාරවල් හා අවට ගම්මාන
දියුණු කිරීමට පුරෝගාමීවීම ඉන් කිහිපයකි.
1983 සිට බුද්ධංගල ආරණ්‍යය හා අවට ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ
සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය විය. ඒ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ කුරිරුකම්
නිසාය. වාර්ෂිකව සිදු කළ පොසොන් පින්කම නතර කරන්නට විය. 1983.10.17 දා
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කළුතර ධම්මානන්ද නාහිමිට මහ මඟදී වෙඩි
කිහිපයක් තැබූහ. එහෙත් උන්වහන්සේගේ ජීවිතය බේරුණි. බුද්ධංගල ජනපදය සාදා
සිංහල මිනිසුන් පදිංචි කරවීම හා අභය භූමිය සැකසීම ගැන ත්‍රස්තවාදීන් නා
හිමි සමඟ උරණව සිටියහ. 1983 දී භාවනානුයෝගී හිමිනමක් අතුරුදහන් කරනු
ලැබූහ. බුද්ධංගලට පැමිණෙන සැදැහැවතුනට ද ප්‍රහාර එල්ල කළහ.
ත්‍රස්තවාදීන්ගේ බාධක මැද වුවත් 2002 දී නැවත එවකට විපක්‍ෂ නායකව සිටි
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොයෙක් පින්කම් ආරම්භ කළහ.
2008 දී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකරයන් පැමිණ පැවිදි වූහ. ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ත්‍රස්තවාදීන් පරාජයට පත් කිරීමෙන්
පසුව නැවත බුද්ධංගලට පුනරාලෝකයක් ලැබිණ. සියලු සංවර්ධන කටයුතු ආරම්භ
විය. සැදැහැවතුන්ගෙන් ආරණ්‍ය සේනාසනය පිරී ඉතිරී යන්නට විය. 2009 දී
දෙමහල් ධර්මශාලාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත විය. ගල්
විහාරීය අනුරුව මහින්ද යාපා ඇමැතිතුමා විවෘත කළහ.
2012 දී රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ
මැදිහත්වීමෙන් ස්ථාවර ධාතු මන්දිරයක් නාවික හමුදාව මඟින් සකසා පූජා කරන
ලදී. 2013.08.25 දින ජනාධිපතිතුමා පැමිණ සෙනසුන ගමට යන පාර කාපට් දමා
සකසා විවෘත කළහ.
මේ ආදී වශයෙන් සුවිශාල ජාතික ආගමික, ශාසනික සහ සාමාජික මහ මෙහෙවරක
නියැළෙමින් සිටි කළුතර ධම්මානන්ද නා හිමිපාණෝ කෙටි කලක් අසනීපයෙන් පසුව
සිට 2014.04.06 දින කොළඹ ජාතික රෝහලේ දී අපවත් වී වදාළ සේක. ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ උන්වහන්සේගේ ශ්‍රී
දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම අප්‍රේල් මස 10 වන දා අම්පාර පොදු
ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබිණි. |