|
ධර්ම දේශනාව: දුකසේ ලැබිය යුතු සම්පත් සතරක්
මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම දුෂ්කර වූවකි. සත්වයන්ගේ ජීවිත පැවැත්වීමද
දුකසේ කටයුතුයි. සද්ධර්ම ශ්‍රවණයද දුර්ලභය. බුද්ධෝත්පාද කාලය අතිශයින්
දුර්ලභය.
ඇස, කන ආදී අවයව විකල බවක් නැති මිනිස් ජීවිතයක් ලැබෙන්නේ සහේතුක
කාමාවචර කුසල හේතුවෙනි. නිතර රූප, ශබ්ද ආදී වූ පස්කම් රසයෙන් ඉඳුරන්
පිනවීමෙහි නියැළී පාප විතර්ක බහුලව වාසය කරන පෘථග්ජන සත්වයෙකුගේ
මරණාසන්නයෙහිදී එබඳු කුසලයක් සිතට අරමුණුවීම ඉතාමත්ම දුෂ්කර වූ කරුණකි.
මිනිස් ආත්මභාවයක් ලැබීම දුෂ්කර බව වදාළේ එහෙයිනි.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක පෝය
බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14
වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම
අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|