UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් කරුණු පැහැදිලි කරන උපමා භාවිතය

දහම් කරුණු පැහැදිලි කරන උපමා භාවිතය

සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකුත්, රහතන් වහන්සේ නමකුත්, අතර පවතින වෙනස පැහැදලි කිරීම සඳහායි එම උපමාව භාවිත කරනු ලැබුවේ. යම් සිද්ධියක් පිළිබඳව සාමාන්‍ය පුද්ගලයා සිතන ආකාරයත්.රහතන් වහන්සේ සිතන සිතිවිල්ලත් ,අතර සිතීම අතින් දෙදෙනා අතර විශාල වෙනසක් පවතිනවා. පෘථග්ජන පුද්ගලයා සමාජයේ ඇලෙමින් ලාමක සිත් ඇත්තෙක් වශයෙන්, තමාගේ වාසිය ලාභය පිළිබඳව නිතර කල්පනා කරන කෙනකු නිසා ඔහුගේ සිතිවිලි එම අදහසත් සමග මුසුවන නිසා සිතන ආකාරය එක් අකාරයක්

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කරනු ලැබූ ධර්ම කරුණු කාරණා මැනවින් පැහැදිලි කරදීම සඳහා උපමා භාවිතයක යෙදුණා. ඇතැම් අවස්ථාවලදී තමන් වහන්සේ පැහැදිලි කරදෙන්නට යෙදුණු දහම් කරුණු උපමා මාර්ගයෙන් පැහැදිලි කරනු ලැබුවා. උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා රහත්භාවයට පත්වුණ රහතන් වහන්සේගේ ගතිගුණ හා ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමටත් උපමාවක් වශයෙන් හංසයා භාවිතයට ගනු ලැබුවා. හංසයා විලෙන් ආහාර ගත් පසුත් තමාගේ කාර්යයන් නිම කර ගත් පසුත් එහිනොරැඳීම එම විල අතහැර යනවා. තමුන් සිටිය ස්ථානයත් තමන්ට ආහාර ලැබුණෙත් මෙම විලෙන්මය. බොහෝ ආහාර තිබෙන ස්ථානයක්ය යැයි සිතමින් මෙම විලෙහි රැඳී සිටීම තමන්ට වාසි සහගතය යන්න හංසයා නොසිතයි.

තමන්ට කාර්යයන් අවසන් වූ විට එම හංසයා විල අතහැර වෙනත් විලකට යනවා. හංසයා විල අතහැර යන්නා සේ, වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනු ලැබුවේ අරහත් ජීවිතය පිළිබඳවයි.

සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකුත්, රහතන් වහන්සේ නමකුත්, අතර පවතින වෙනස පැහැදලි කිරීම සඳහායි එම උපමාව භාවිත කරනු ලැබුවේ. යම් සිද්ධියක් පිළිබඳව සාමාන්‍ය පුද්ගලයා සිතන ආකාරයත්.රහතන් වහන්සේ සිතන සිතිවිල්ලත් ,අතර සිතීම අතින් දෙදෙනා අතර විශාල වෙනසක් පවතිනවා. පෘථග්ජන පුද්ගලයා සමාජයේ ඇලෙමින් ලාමක සිත් ඇත්තෙක් වශයෙන්, තමාගේ වාසිය ලාභය පිළිබඳව නිතර කල්පනා කරන කෙනකු නිසා ඔහුගේ සිතිවිලි එම අදහසත් සම¼ග මුසුවන නිසා සිතන ආකාරය එක් අකාරයක්. රහතන් වහන්සේ නමක් නැවත උපත නොලබා සංසාරයේ ගමන් නොකර නව කර්ම රැස් නොකරන උතුමකු වශයෙන් යම් ක්‍රියාවක් සිදු කළත් එහි පල ප්‍රයෝජන නොලබන උතුමකු නිසා උන්වහන්සේ සිතන සිතිවිලි තව ආකාරයක් කතා කිරීමේදීත් සිතිවිලි වලිනුත් මේ දෙදෙනා දෙවිදියක්. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකු බොහෝ වෙලාවට සාධාරණය, යුක්තිය කතා කළත් ඒ තුළ කිසියම් වූ තමාගේ ආත්ම ලාභයක් තමන්ට වැඩි අවධානයක්, තමන් හුවා දැක්වීමක් තිබෙන්නට හැකි අවස්ථා බහුලයි. නමුත් රහතන් වහන්සේ නමක් කතා කිරීමේදි විශාල වෙනසක් තියෙනවා. උන්වහන්සේට හංගන්න දෙයක් නැහැ. ජීවිතයේ තිබෙන ස්වභාවය ඒ ඒ අවස්ථාවට තිබෙන ස්වභාවය කතාබහ කිරීමේදී තමාට අමුතුවෙන් ලාභ ප්‍රයොජන අවශ්‍යතාවයකුත් නැහැ. එය සියුම්ව විමසා බැලූවිට රහතන් වහන්සේ නමකගේ කතාව තුළ වචන භාවිතයේදි වෙනසක් තිබෙනවා. පෘථග්ජනයා ලෙස කතාව අනුව, කායික ස්වභාවය, ක්‍රියාකාරිත්වය ගත්තත් සාමාන්‍ය පෘථග්ජනයකුත් රහතන් වහන්සේ නමකුත් අතර විශාල වෙනසක් පවතිනවා. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා කරන ක්‍රියාවනුත් රහත් උත්තමයන් කරන ක්‍රියාවනුත් සමාජයට දැනෙන්නේ වෙනස් ආකාරයකට. දෙදෙනාගේ අදහස්, සිතිවිලි අරමුණු බොහෝ සෙයින් වෙනස් වන්නේ රහත් උත්තමයන් සියලු කෙලෙසුන් නසා නම් කර්ම රැස් නොකරන නිසා සිත ,කය, වචනය යන තුන්දොර පිළිබඳව සාමාන්‍ය පෘථග්ජනයකුගේ ක්‍රියා කලාපයත් රහතන් වහන්සේ නමකගේ ක්‍රියා කලාපයත් අතර පැහැදිලිව නිශ්චිත නිවැරැදි නිරවුල් වෙනසක් අපට දක්නට ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ හංසයාගේ උපමාවෙන් පෙන්වා දෙනු ලැබුවේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකුගේ අරමුණු, කරුණු කාරණා පරමාර්ථ පිළිබඳව ඔහුගේ මානසික ක්ලේශ ධර්මයන් අතර තමා තුළින් ලෝකය බලන්න උත්සාහ කරනු ලබනවා. ඇතැම් විට තමන් කරන ක්‍රියා සිතන ආකරය නිවැරැදි සේ තර්කානුකූ®ලව සිතමින් තර්ක ගොඩනගමින් තමන් නිවැරැදි යැයි කියන්න උත්සාහ ගන්නවා. තමන් කියන පුද්ගලයා ඒ වගේම අත්තුන්කංසනය කියන අකුසලය මෙබඳු තත්වයන් තුළින් තමයි ඔහු ලෝකය දකින්නේ. එනිසා ඔහුට ලෝකය පෙනෙන්නේ ඔහුගේ සිතිවිලි හා බද්ධවයි. ඔහු සිතන ආකාරයට ඔහුට එය පෙනෙයි. නමුත් රහතන් වහන්සේ නමකට පුද්ගලයා පිළිබඳව තිබෙන සංකල්පලයත්. මම කියන සංකල්පලයත් නැහැ. තමන් හුවා දැක්විය යුතුයි කියන අදහසකුත් අනෙකකු හෙළා දැකිය යුතුයි කියන අදහසක්ද නැහැ. දකින සිදුවීම පමණක් දකින ආකාරයට පැහිදිලි කිරීම රහතන් වහන්සේගේ කාර්ය භාරයයි.

එනිසාම තමයි රහතන් වහන්සේ නමකගේ කරන ක්‍රියාවන්වල නව විපාක රැස්නොවන්නේ. හංසයා විල අතහැර යන්නා සේ කියන උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ ගැඹුරු අර්ථයකින්. විල කියනා එක මේ සංසාරයේ උත්පත්තිය ලබනු ආත්මයක් ලෙස ජීවත්වන සමාජයක් හැටියට පුද්ගල ජීවන පරිසරය ලෙස සමාජයට පුද්ගලයා ආසා බවත්, සාමජයේ කීර්ති ප්‍රශංසා ලබන්න ආසයි. සමාජයේ අනෙක් අයට වඩා ලොකු කෙනකු ලෙස ජීවත්වන්න ආසයි. තමන් සමාජයේ අනෙකුත් අයට වඩා ඉහළ යැයි කියා පෙන්වීමට ආසයි. කියන දෙය පැහැදිලිව දක්නට ලැබෙනවා. මේ පෘථග්ජන ආසාවන් වැරැදි ක්‍රමයට යොදාගන්නා අයත් නිවැරැදි ආකාරයට යොදාගන්නා අයත් අපට සමාජයේ දක්නට ලැබෙනවා. ‘විල අතහැර යන හංසයා වගේ ‘ සමාජයේ අතහැර යන මිනිසුන් දක්නට නැහැ. ඒ පුද්ගලයන් සමාජයේ ඇලි ගැලී එකට ජීවත්වෙලා ඒ තුළම බැසගෙන වාසය කරන අය .

ඒ අයට සමාජය තුළ ගෘහජීවිතය තුළ ආත්මය තුළ කටයුතු කිරීම පෘථග්ජනයාගේ ස්වභාවයයි. නමුත් සංසාර දුක් කෙළවර කර ක්ලේශ ධර්මයන් සියල්ල නැතිකළ උත්තමයකුට එවැනි පටු ළාමක ආශාවන් ඇතිවන්නේ නැහැ. එනිසා රහතන් වහන්සේ නමක් සමාජයේ ජීවත්වුණත් සමාජය පිළිබඳව සියල්ල දෙස බලන්නේ අනුපාදාන මනසින් හෙවත් අල්ලාගැන්වීමෙන් තොරවයි.රහතන් වහන්සේ නමක් සමාජය තුළ තමන්ට කළ හැකි අර්ථවත් දෙයක් කරන්න උත්සාහ ගන්නවා. රහතන් වහන්සේ නමක් සමාජයට හොඳ දෙයක් කළත් උන්වහන්සේට එහි විපාක ලැබෙන්නේ නැහැ. ඒ හොඳ දෙයට හොඳ ප්‍රතිඵලයක් නොලබන්නේ කෙලෙස් ධර්මයන් අවසන් කරපු නිසාත් නැවත උපතක් නොලබන නිසාත්, සමාජයට යහපත් දෙයම කරනු ලබනවා. ‘හංසයා විල අතහැර යන්නා සේ ‘ යැයි උපමා කරනු ලැබුවේ රහතන් වහන්සේගේ ස්වභාවය වූ සමාජයට යහපත් දෙයක් කරල සමාජයට අර්ථවත් දෙයක් කරල සමාජයෙන් නික්මවෙන වෙලාවට නික්මීලා යනවා. හංසයා විල අතහැර යන්නා සේ යන උපමාවෙන් දක්වනු ලැබුවා. පෘථග්ජනයාත් රහතන් වහන්සේත් එකම සමාජය තුළ ජීවත්වෙයි. කායික වශයෙන් මේ දෙදෙනාගේ වෙනසක් දක්නට නැහැ. නමුත් එම ක්‍රියා පද්ධතිය තුළ තිබෙන අරමුණ කරුණු කාරණා පිළිබඳව සොයා බලන විට මේ දෙදෙනා අතර බරපතළ වෙනසක් තිබෙනවා. සියලු වැඩ කටයුතු කර නිම කළ රහතන් වහන්සේ නැවත උපතක් නොලබන අයුරින් මේ සංසාර චක්‍රයෙන් ඉවත්වනවා.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]