UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර – 2014 බුද්ධ චරිතය – 4 අභ්‍යාසය

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර – 2014

බුද්ධ චරිතය – 4 අභ්‍යාසය

01. බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥාන දර්ශනය හෙළි කරන අෂ්ටවිද්‍යා නම් කරන්න

පිළිතුර :-
1. විදර්ශනා ඥානය 2.මනෝමය බුද්ධ ඥානය 3. ඉද්ධිවිධ ඥානය 4. දිබ්බසෝත ඥානය 5. පරචිත්තවිජාණන ඥානය 6. පුබ්බේනිවාසානුස්සති ඥානය 7. දිබ්බචක්ඛු ඥානය 8. ආසවක්ඛ්‍ය ඥානය

යනු අෂ්ට විද්‍යා ඥානයන්ය

ආ. ආනන්ද තෙරණුවන් බුදුරදුන්ගෙන් කළ ආයාචනා සතර හා ප්‍රතික්‍ෂේප හතර ලියා දක්වන්න.

ආනන්ද තෙරණුවෝ බුදුරදුන්ගේ නිත්‍ය උපාස්ථායක තනතුරට පත් වු අග්‍ර උපස්ථායක තනතුර බලාපොරොත්තුවෙන් සිටි පමණින් පෘථග්ජන ඇතැම් භික්‍ෂූන් ආනන්ද තෙරුන්ට නොයෙක් ආකාරයෙන් අපහාස කළහ. එම කරුණූ පදනම් කරගෙන උන්වහන්සේ බුදුරදුන්ගෙන් ඉල්ලා සිටි ආයාචනා සතර නම්.

1. තමන් පිළිගත් ආරාධනාවකට බුදුරජාණන් වහන්සේම වැඩම කළ යුතුය.

2.නොයෙක් ප්‍රදේශවලින් බුදුරදුන් දැක්මට එන පිරිස් එවලේම උන්වහන්සේ හමුවට කැඳවා ගෙන ඒමට අවසර තිබිය යුතුය.

3.යම් සැකයක් ඇති වූ විට ඒවා විමසා දැන ගැනීමට බුදුරදුන් මුණ ගැසීමට අවසර දිය යුතුය.

4. තමා නොමැති තැනක දේශනා කළ දහමක් නැවත තමන්ට දේශනා කළ යුතුය.

ආනන්ද තෙරුන්ගේ මෙම ඉල්ලීම් බුදුරදුන් පිළිගත් අතර උන්වහන්සේ ඉල්ලූ ප්‍රතික්‍ෂේප සතර මෙසේය.

1.බුදුරදුන්ට ලැබෙන වටිනා සිවුරු තමන්ට නොදිය යුතුය.

2.බුදුරජාණන් වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාරපාන තමන්ට නොදිය යුතුය

3. බුදුරජාණන් වහන්සේ වැඩ වසන ගඳකිළියෙහි විසීමට තමන්ට ඉඩ නොදිය යුතුය

4.බුදුරදුන්ගේ ආරාධනාවන්ට තමන් සමඟ නොවැඩිය යුතුය

ඉ. සැරියුත් තෙරුන් දේශනා කළ සූත්‍ර හතරක් නම් කරන්න

1.දීග නිකායේ සංගීති සූත්‍රය

2. දසුත්තර සූත්‍රය

3. සම්පසාදනීය සූත්‍රය

4.සම්මා දිට්ඨි සූත්‍රය

5.ගුලිස්සානි සූත්‍රය

යන සූත්‍ර දේශනා අතුරින් හතරක් නම් කර තිබීම ප්‍රමාණවත්ය.

2.අ) සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරදුන්ගෙන් ලද විශේෂ තනතුරු දෙක නම් කරන්න

පිළිතුරු:-

1.මහාප්‍රාඥයන් අතර අග්‍රස්ථානය

2. ධම්ම සේනාධිපති තනතුර

ආ) උපතිස්ස පරිබ්‍රාජක (සැරියුත් හිමියන්) සෝවාන් ඵලයට පත් වීම සඳහා ශ්‍රවණය කළ ගාථාව ලියා එය දේශනා කළේ කවුරුන් විසින් දැයි ලියා දක්වන්න.

පිළිතුරු:-

එක් දිනක් උදෑසන සන්සුන්, ගමනින් යුතුව පිඬු සිඟා වඩිනා පැවිදි ආචාර්යවරයෙකු දුටු උපතිස්ස පරිබ්‍රාජක තෙමේ උන්වහන්සේ පසු පසගොස් පැන් පිළිගැන්වීය. අසුන් සකස් කිරීම ආදි උවටැන් කොට දන් වළදා අවසානයේදී ඔබ වහන්සේ තුළ දක්නා ලැබෙන මේ සන්සිඳීම කවර ශාස්තෘවරයෙක් ඇසුරෙන් ලැබුවේ දැයි විමසීය.

තමන් ගෞතම බුදුරදුන්ගේ ධර්මය පිළිපදින බවත් පැවිද්ද ලද බවත් ප්‍රකාශ කරමින්,

“යේ ධම්මා හේතු පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේසංචයේ නිරෝධෝ
ඒවං වාදි මහා සමනෝ “

යන ගාථාව අස්සජි මහ රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජක හට දේශනා කරන ලද අතර ඒ ශ්‍රවණය කළ ඔහු සෝවාන් ඵලයට පත් විය.

ඉ) සැරියුත් තෙරුන්ගේ චරිතය සැකෙවින් දක්වා උන්වහන්සේගේ ශාසනික මෙහෙවර ඇගැයීමට ලක් කරන්න

පිළිතුර :–

රජගහනුවර, උපතිස්ස නම් බුමුණු ගම ඉසුරුමත් පරපුරක සාරි නම් බැමිණියක් වූවාය.ඇයට උපන් පුතු හට “ උපතිස්ස ” යැයි නම් තබන ලදී. උපතිස්ස නම් ගමට නුදුරින් කෝලිත නම් ගමක් විය. එම ගම ප්‍රධානියාගේ පිරිස මොග්ගලී බැමිණියට උපන් පුතුට කෝලිත යැයි නම් තබන ලදී. උපතිස්ස කෝලිත දෙදෙනා අතිශයින් මිත්‍රයෝ වූහ. ඔවුන් අධ්‍යාපනය ලැබුවේත්, ගමන් බිමන් ගියේත් ක්‍රීඩා කළේත් එකටය. දිනක් ‘ගිරග්ග සමජ්ජ” නාට්‍ය සංදර්ශනය බැලීමට ඔවුන් දෙදෙනා ගියහ. එය නැරඹීමෙන් ඔවුන් තුළ වූයේ ජීවිතය පිළිබඳ කිසියම් කළකිරීමකි. ජීවිතයේ හරය කුමක් දැයි සොයා බැලීමට මේ තරුණයන් තුළ අදහසක් පහළ විය. එවක ප්‍රසිද්ධව සිටි සංජය පිරිවැජියා වෙත ගොස් ධර්මය හැදෑරුවත් ඔවුන් අපේක්‍ෂා කළ විමුක්තිය ඔහු ළඟ නැතැයි අවබෝධ කොට ගෙන දෙදෙනාම ආචාර්යවරයෙකු සොයා යමින් අවසානයේ බුදුරදුන් සමීපයට ගියහ.

ඒහි භික්‍ෂු පැවිදි උපසම්පදාවෙන් බුදුරදුන්ගෙන් පැවිදි වූ මේ දෙදෙනා බුදුරදුන්ගේ අගසව් බවටද පත්විය. සැරියුත් මහ රහතන් වහන්සේගේ ශාසනික මෙහෙය අගය කරන විට ඉතා ගැඹුරු දහම් කරුණු සරල ලෙස විස්තර කිරීමේ හැකියාවක් උන්වහන්සේ තුළ විය. සැරියුත් තෙරණුවෝ සූත්‍ර ගණනාවක්ම දේශනා කොට ඇත. සංගීති සූත්‍රය, දසුන්තර සූත්‍රය, දම්මාදිට්ඨි සූත්‍රය, සම්පසාදනීය සූත්‍රය ආදී සූත්‍ර ගණනාවක් බුදුරදුන් ඉදිරියේදී දේශනා කළහ.

වරක් දෙව්දත් තෙරුන් විසින් ඉදිරිපත් කරන ලද භික්‍ෂූ ජීවිතයේ නිදහස තහවුරු කරමින් කළ කරුණු බුදුරදුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.එහිදී දෙව්දත් භික්‍ෂුවට පක්‍ෂ තවත් භික්‍ෂූ පිරිස් ගයා ශීර්ෂයට කැඳවා ගෙන යමින් සංඝ භේදයක් කළහ. එම අවස්ථාවේ සැරියුත් තෙරුන් එම පිරිසට කරුණු වටහා දී බුදුරදුන් වෙත කැඳවා ගෙන ආහ. බුදුරදුන් විසින් ප්‍රථම සංඝ සංනිපාතය ඉදිරියේදි සැරියුත් තෙරුන් දකුණත් සව් වශයෙන් ක්‍රියා කළහ.සැරියුත් තෙරුණුවෝ අතිශයින් නිහතමානී වූ අතර නිහතමානි ගුණය නිසාද ප්‍රශංසා ලැබීය. උන්වහන්සේ පිරිනිවන් පෑමට පෙර රෝගීව සිටි තම මවගේ නිවසට වැඩම කොට ඇයට දහම් දෙසා මිත්‍යාදෘෂ්ඨික බවින් මිදූහ.මෙවැනි ශාසනික සේවාවක් උන්වහන්සේගෙන් සිදුවී ඇත.

 

උඳුවප් මස අමාවක පෝය

උඳුවප් මස අමාවක පෝය දෙසැම්බර් 31 වනදා අඟහරුවාදා අපරභාග 08.29 ට ලබයි.
2014 ජනවාරි 01 වනදා බදාදා අපරභාග 04.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා බදාදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]