UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ප්‍රංශයේ ජේතවන විහාරයේ කඨින පින්කම

ප්‍රංශයේ ජේතවන විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමිගේ අනුශාසනා පරිදි වියට්නාම්, කාම්බෝජ, චීන, ලාඕස්, බුරුම නෙදර්ලන්ත, බෙල්ජියම, ප්‍රංශ හා ශ්‍රී ලංකා යන රටවලට අයත් ගිහි පැවිදි බොහෝ දෙනෙකුගේ සහභාගිත්යෙන් එම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබීය. පුණ්‍යෙීත්සවයට පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති කෝන්ගස්දෙණියේ ආනන්ද, විද්‍යෝදය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත බළංගොඩ සෝභිත, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පුවක්ගහහේනේ වජිරඥාන, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන, මාපලගම බුද්ධසිරි යන නා හිමිවරු සමඟ කොළඹ දිසාවේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ විතාරන්දෙණියේ මේධානන්ද, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද, මානම්පිට අමිත යන හිමිවරුන් සමඟ වියට්නාම, කාමබෝජ හා බුරුම ජාතික හිමිවරු සහභාගි වූහ. කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමේදී වියට්නාම, කාම්බෝජ, සිංහල හා ප්‍රංශ යන භාෂා වලින් අනුශාසනා පැවැත්වීම මෙහිදී දක්නට ලැබුණ විශේෂ ලක්ෂණයක් විය. බලංගොඩ සෝභිත නා හිමි හා මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි කඨිනාශංස දේශනා පවත්වන ලදී.

නාමල් උයන පිළිබඳ ග්‍රන්ථය පිළිගන්වමින්

ජාතික නාමල් උයනේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා වනවාසී රාහුල හිමියන් අතර පැවැත්විණි. එහිදී ජාතික නාමල් උයන පිළිබඳ ඉංගී‍්‍රසි බසින් රචිත ග්‍රන්ථය රාහුල හිමියන් ආරක්‍ෂක ලේකම්වරයාට පිළිගැන්වූ අයුරු.

 
 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]