රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 5
චන්දවිමල හිමියෝ බුරුමයේ දී
උපසම්පදාව ලබති
ජනක වෙත්තසිංහ
සියල්ල එසේ සිදුවෙදදී කාලයේ ගමන් පථය තුළ දී 1917 වසර
උදාවෙයි. හරියටම පැවැසුවොත් 1917 වසරේ ඔක්තෝබර් 26 වැනි දින බුරුමයේ
ධම්මිකාරාම
සීමාවේදී චන්දවිමල
සාමණේරයන් ශාසනාව තරණයේ තවත් කඩඉමක් පසු කරමින්
අධිශීල සංඛ්‍යාත ශූ®පරි ශුද්ධෝප සම්පදාව ලබා ගනිති.
මෙම උපසම්පත්ති ශීලයේ
පිහිටීම භික්‍ෂු ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකි. මේ වන විට
චන්දවිමල හාමුදුරුවන්ගේ වයස අවරුදු 20 නො ඉක්මවා තිබුණි. මෙය නාඹර තරුණ
වයසයි
නිවැරැදි ත්‍රිපිටක ධර්මයට ප්‍රමුඛස්ථානයක් දෙන භික්‍ෂූත්වයේ අගය
පිළිබඳ නිසි අවබෝධයක් ලබා දෙන මෙම ඉගැන්වීම නිසා භික්‍ෂුවකගේ ජීවිතය
පරිපූර්ණ වෙයි. මෙසේ ගැඹුරට කිඳා බැස කරන අධ්‍යාපනය නිසා චන්දවිමල
හිමියන්ගේ භික්‍ෂු ජීවිතයට එය ආලෝකයක් විය.
භික්‍ෂු සමාජයේ උගත් විශාරද දැනුමෙන් ආඪ්‍ය ඇතැම් බහුශ්‍රැතයන්
වහන්සේලා තුළ පවා ඇති වි ඇති සුළු හෝ වැරැදි ආකල්ප චන්දවිමල චරිතය තුළට
නොපිවිසෙන්නේ මේ බුරුම දේශයේදි ධර්මය ඉතා හොඳින් අඩුලුහුඬු කම් වලින්
තොරව ඉගෙන ගැනීමට ලැබුණු නිසා ය.
බුරුම දේශයේ තැන තැන ගත කළ ආරාමික ජීවිතයේ ඒ යුගය තුළ එක්වරක් තම
මව්බිමට පැමිණීමට චන්දවිමල හිමියන්ට අවස්ථාව සැළසේ.
සියල්ල එසේ සිදුවෙද්දි කාලයේ ගමන් පථය තුළ දී 1917 වසර උදාවෙයි. හරියටම
පැවැසුවොත් 1917 වසරේ ඔක්තෝබර් 26 වැනි දින බුරුමයේ ධම්මිකාරාම
සීමාවේදි චන්දවිමල සාමණේරයන් ශාසනාව තරණයේ තවත් කඩඉමක් පසු කරමින්
අධිශීල සංඛ්‍යාත ශූ®පරි ශුද්ධෝප සම්පදාව ලබා ගනිති. මෙම උපසම්පත්ති
ශීලයේ පිහිටීම භික්‍ෂු ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකි. මේ වන විට චන්දවිමල
හාමුදුරුවන්ගේ වයස අවරුදු 20 නො ඉක්මවා තිබුණි. මෙය නාඹර තරුණ වයසයි.
ගිහි තරුණයා තාරුණ්‍යයේ කඩ ඉම පසු කරන්නේ සැහැල්ලු දිවියෙන් මිදෙමින්
විවාහයට පත්වීමෙනි. එය ගිහි ජීවිතයේ වගකීම් සහිත එක් සන්ධිස්ථානයකි.
එසේම භද්‍ර යෞවනයේදි සාමණේරයන් වහන්සේ උපසම්පදාව ලැබීම භීක්‍ෂු
ජීවිතයේද වගකීම් සහිත එක් සන්ධිස්ථානයකි.
භික්‍ෂු සමාජයේ වගකීම් සහිත එම කඩඉමට අපේ චන්දවිමල හිමියන් දැන් පැමිණ
සිටී.
නානා විධි ක්‍රමයට හැඩ වැඩ කළ ඇඳුම් ආයිත්තම් ගං ඉවුරේ තබා ‘බම්ප්’ තබා
පැත්තට පස්සට පීරා මුහුණ හැඩ කර ගත හැකි කෙස්ස තට්ටය මතුවෙන තරමට කපා,
දේදුනු වන් ඇහි බැම ගා, කෑලි කෑලි එකට තබා මැසුව හැඩකට වැඩකට නැති රෙදි
කඩක් ඇඟේ දවටා, සසුන් ගතවීම යනු මහා පාරමිතාවක්ම ය. එය රළු රැළි සහිත
සැඩ පහරක් තරණය කරමින් උඩු ගං බලා පිහිනීමකි. හසර නොදැන මං මුළ වූ කතරක
අතරමං නොවී සැබෑ සුවය සැනසීම සැහැල්ලුව ඇති කෙම් බිම සොයා ගැනීම ඉතා
අපහසු එයම සොයා යන ගමනකි.
ඇතැම් කුඩා දරුවන් යම් අත්දැකීමක් මත මහණ වීමේ අශාවෙන් ඉල්ලීම් කරති.
එහෙත් එදා රූබෙල් චන්දවිමල නමින් සසුන්ගත වූයේ එවන් කැමැත්තකින් නොවේ.
හිමාලය තරණය කිරීමක් වැනි වූ ගිහි දිවියෙන් මිදී උඩුගං බලා පිහිනීමක්
වැනි වූ මහණ දිවියේ දිගක් පළලක් හයක් හතරක් පිළිබඳව දැන කියා ගෙනද
නොවේ. කුඩා මනසට කළකිරීමක් හෝ ජීවිතාවබෝධයක් ලැබීමේ ඵලයක් නිසාවද් ද
නොවේ. රූබෙල්, චන්දවිමල බවට පරිවර්තනය වන්නේ ඉහත අප සඳහන් කර ඇති සරළ
ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙනි. ඇත්තෙන්ම එය සංසාරගත පුරුද්දම විය
හැක.
මේ පිළිබඳව නිසි අවබෝධයක් අපට ලබා ගැනීමට චන්දවිමල හිමියන් 1960 දි
ලියා පල කළ ශාසනාවතරණය නම් ධර්ම ග්‍රන්ථයෙන්ම කරුණු පැහැදිලි කර ගත
හැකි වෙයි.
‘මේ ශාසනය පිහිටුවා ඇත්තේ ශාන්ත වූවන්ගේ සැප විහරණයට ස්වර්ගයක් වශයෙන්
නොව ආශාන්තයන් ශාන්ත බවට පත් කරන බිමක් වශයෙනි. පළමුවෙන් ශාසනයට
ඇතුල්වීම කිනම් අදහසකින් කළත් ශාසනයට ඇතුල් වූ පුද්ගලයා ගේ සිතට බුදු
දහම ඇතුළු කරනු ලැබුවහොත් ඒ තැනැත්තා ක්‍රමයෙන් ශාන්ත පුද්ගලයෙක්
වන්නේය. මේ සස්නෙහි පැවිදිව රහත් වූ සැම දෙනාම සසර කලකිරී සැදැහැයෙන්
පැවිදි වූවෝ නොවෙති. රාධ බ්‍රාහ්මණ පැවිදි වූයේ ජීවත්වීමේ පහසුව සළකා
ගෙනය.වංගීස බ්‍රාහ්මණ පැවිදි වූයේ මන්ත්‍රයක් උගෙනීම සඳහාය. චන්දාහ
බ්‍රාහ්මණද පැවිදි වූයේ මන්ත්‍රයක් උගෙනීම සඳහාය.
රාහුල කුමාරයා හා නන්ද කුමාරයා පැවිදි වුයේ ද සැදැහැයෙන් නොව බල කිරීම
නිසා ය. ශාක්‍ය කෝලිය යුද්ධය සාමදාන කරවීම ගැන සතුටට පත් ඒ දෙනුවර
වැස්සො තථාගතයන් වහන්සේට තෑග්ගක් වශයෙන් පැවිදි කර ගැනීමට කුමාරයන්
පන්සිය දෙනකුන් දුන්හ. ඔවුන් අතර ශ්‍රද්ධාවෙන් පැවිදි වු එකෙකුදු
නොවීය. එහෙත් ඔවුන් ගේ සිත්වල ධර්මය පිහිටුවා හික්මවනු ලැබීම නිසා ඒ
සෑම දෙනාම රහත් වූහ. මෙසේ මේ සස්නෙහි සසර කලකිරීමක් නැතිව ශ්‍රද්ධාවක්
නැතිව පැවිදි වූ තවත් බොහෝ අය ශාසන ධර්මය අනුව හික්මවීමෙන් රහත් වූ බව
බෞද්ධ පොත පතින් පෙනේ. පළමුවෙන් සසර කලකිරි ඉමහත් ශ්‍රද්ධාවෙන් පැවිදි
ව පසුව නොමඟට හැරෙන අය ද බොහෝය. කරුණු මෙසේ හෙයින් පැවිදි වන අයගේ සිතට
ධර්මය ඇතුළු කිරීමෙන්ම මිස පුද්ගලයන් තෝරා පැවිදි කිරීමෙන් ශාසනයෙහි
හොඳ පැවිද්දන් ඇති කළ නොහෙන බව කිව යුතුය. මෙම අදහස් ගොනුව චන්දවිමල නා
හිමියන්ගේ චරිතය හා කදිමට සුසංයෝග වන බවක් දැනෙයි.
බුරුම රටේ ආරාමික ජීවිතය පෙර කිවු පරිදි ඉතා යහපත් ය. මෙහිදී පාලි
ව්‍යාකරණ හා භාෂාව ගැඹුරෙන්ම ඉගෙන ගැනීමට ලැබීම වාසනාවකි. ඒ සමගම
ත්‍රිපිටක ධර්මයන් අටුවා ටිකා සහිතව විස්තරාත්මකව ඉගැනීමට ලැබෙ යි.
මෙසේ බුරුම රටේ ශ්වේජින් නිකායේ උපසම්පදාව ලබා ගැනීමෙන් වසරකට පසුව
රේරුකානේ චන්දවිමල හිමියෝ තම මව්රටට පැමිණෙති. බුරුම දේශයේ වාසය තරමක්
අපහසු වීමට ඊට එක් හේතුවක් විය.
එසේ පැමිණි මේ තරුණ භික්‍ෂූන් වහන්සේ ගම රට බලා නො වැඩිය අතර නතර වූයේ
කොළඹ දෙමටගොඩ මහා විශුද්ධාරාමයේ ය.
එම වකවානුවේ විශුද්ධාරාමයේ වැඩ සිටියේ අරංගල සිරිධම්ම නම් වූ ස්වාමීන්
වහන්සේ නමකි. සිරිධම්ම භික්‍ෂූන් වහන්සේ අභිධර්ම ඤාණය පිළිබඳව ලොව
ප්‍රකට හිමි නමකි. විශුද්ධාරාමයේ නැවතීමට චන්ද විමල හාමුදුරුවන්ට තවත්
හේතුවක් තිබිණ. අතීත යුගයේ පිට රටක සිට පැමිණෙන්නන් සනීපාරක්‍ෂාව සඳහා
රජයට පෙනී සිටින්නට සිදුවීමය. ඒ නිසා කොළඹ ආසන්නයේ නැවැතීම පහසුවකි.
උපසම්පත්තියෙන් පසුව වසර 5 ක් වත් ගුරුවරයෙක් යටතේ හිඳීමද අවශ්‍ය විය.
බුරුම දේශයේ වසර ගණනාවක් නැවතී සිටි නිසාත් කුඩා අවදියේ මව් භාෂාව හරි
හැටි ඉගෙන ගන්නට පරිහරණය කරන්නට පතක් පොතක් බුරුමයේ නොමැති වූ නිසාත්
අපේ හාමුදුරුවන්ට මේ වන විට සිංහල භාෂාව පිළිබඳ වැඩි දැනුමක් නොවීම
ප්‍රශ්නයක් විය. ඒ නිසා ලියන්න කියන්න අපහසු ය. දෙකේ පන්තියේ දැනුම ද
මේ වන විට මතකයෙන් ඈත් වී ගොස් තිබිණ.
ඉතින් චන්දවිමල හිමියන්ට සිදුවුණේ මුලින්ම මව් භාෂාව ඉගෙන ගැනීමේ
ගැටලුව ය. මේ වන විට අභිධර්මය මනා සේ ප්‍රගුණ කළ සිරිධම්ම ස්වාමීන්
වහන්සේ විහාරස්ථානයේ අභිධර්ම පන්ති පවත්වමින් සිටියහ.
චන්දවිමල හාමුදුරුවෝ ද මේ පන්ති පැවැත්වෙන අතර පැත්තකට වී සවන් යොමා
සිටිති. ඇසෙන කියැවෙන වදන් ඔස්සේ සිංහල ඉගෙන ගැනීමට හැකි වූයේ ඔය
අතරතුර ය. ඇත්තෙන්ම කීවොත් චන්දවිමල හිමියන් සිංහල භාෂාව ප්‍රගුණ කර
ගත්තේ ස්ව උත්සාහයෙන්ම ය.
අභිධර්මය ඉගෙනීමට විශුද්ධාරාමයට පැමිණෙන ශිෂ්‍ය භික්‍ෂූන් වැඩි දෙනකුගේ
අදහස වූයේ, මේ නිහඬ භික්‍ෂූන් වහන්සේ බුරුමයේ සිට මෙහි වැඩ සිටි නිසා
අභිධර්මය පිළිබඳ හසළ දැනුමක් ඇත්තකු බවය.
තවත් කොටසක් 26 වන දා පතයේ පළවේ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 4 එදා බුරුමයේ සිටි ලොකුම
කම්මැළියා
|